තමන් කැමති පුද්ගලයෙකු සමග විවාහ වීම නිසා පවුලේ ඥාතීන් අතින් ඝාතනයට ලක්වූ යුවලක් පිළිබඳ තවත් අනුවේදනීය පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වේ. සජ්ජාඩ් අහමඩ් හා මුආවියා බිබි නම් මේ යුවලගේ විවාහයට මනාලියගේ පවුලේ පාර්ශවය විරුද්ධ වී ඇත. පසුව විරුද්ධත්වය මැද විවාහ වූ පසු මනාලියගේ ගමට පැමිනෙන ලෙස ආරාධනා කර ඥාතීන් විසින් දෙදෙනාවම ගැට ගසා හිස කඳින වෙන් වන සේ කපා මරා දමා ඇත. ඝාතනයෙන් අනතුරුව ඝාතකයින් පොලීසියට භාර වී ඇත.
බොහෝ විට මෙසේ ඝාතනය සිදු කරන්නේ පියා සහ සහෝදරයන් හෝ පියාගේ සහෝදරයන් විසිනි.
පාකිස්ථානයේ මෙසේ වසරකට තම කැමැත්ත මත විවාහ වන කාන්තාවන් 5000කට අධික පිරිසක් මරා දමන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙවැනි සිද්ධීන් ඇසින් දුටුවද ඒවා ගැන කිසිවෙක් සැලකිල්ලක් නොදක්වන්නේ ඒවා පාකිස්ථානයේ සාමාන්‍ය සිදුවීම් නිසාය! පාකිස්ථානු මානව හිමිකම් කොමිසම පවසන්නේ තමන්ට ගිය වසරේ වාර්තා වී ඇත්තේ මෙවැනි ඝාතන 869ක් පමණක් බවයි!
තාක්ෂණයෙන් පරමාණු බලශක්තිය ලබා ගැනීමට තරම් දියුණු වුවද පාකිස්ථානයේ ජන සමාජය පවතින්නේ ඉතාමත් ම්ලේච්ඡ මට්ටමකය. කොළ අතු නොඇන්දත් තවමත් ගෝත්‍රික සමාජ පවතින එහි පිරිමින් සිතන්නේ කාන්තාවන් යනු තමන්ගේ වුවමනාකම් වෙනුවෙන් ජීවත් විය යුතු පිරිසක් බවය. ඒ නිසාම ඔවුහු කිසිදු අයිතිවාසිකමක් නොදී කාන්තාවන් ලිංගික හා ගෙදර දොර අවශ්‍යතා සඳහා පමණක් තබා ගැනීමට කටයුතු කරති. ඔවුන්ගේ ඒ අයිතිය ඔවුන් විසින්ම නිර්මාණය කළ සංස්කෘතියෙන්ම තහවුරු කරගෙන තිබේ. එයින් පාකිස්ථානයේ යුක්තිය පසිඳලන අධිකරණය ඇතුළු නීති අංශ වලට පමණක් නොව මානව හිමිකම් ගැන පිහිටුවා ඇති ආයතන වලට පවා ගැලවීමට නොහැකි වී තිබේ.

0 comments:
Post a Comment