facebook like

හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි

සිහින දැකීම සඳහා  ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි‍්‍රතාන්‍යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කළහ.
ඔවුන් පවසන ආකාරයට සිහින දැකීමේදී සදෙහි බලපෑමට මිනිසා නතුවේ.විශේෂයෙන් පුර හඳ පවතින දිනයන්හීදී නිදා ගැනීමේ අපහසුතා හා නරක සිහින පෙනෙන්නේයැයි ඔවුන් පුද්ගලයින් 1000 ක් දෙනා ඇසුරෙන් සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණයව තිබේ.
සඳ හා මිනිසා අතර
සම්බන්ධය ඈත අතීතයටම දිව යන්නක් බව සදහන් වේ.ඉතිහාසඥයින් පවසන ආකාරයට ආදි මානවයා දඩයම් සදහා ප‍්‍රිය කර ඇත්තේත් පුර හද පවතින කාලයයි.තවද පුර හද පවතින සමයේදී ආදි මානවයා වඩා විමසිල්ලෙන් සිට ඇත්තේ තමන් ගොදුරු කර ගැනීමට එන මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වීමේ අරමුණෙනි.
ආදි මානවයාගේ මේ ගති සිරිත් නූතන මානවයාටද පරිනාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.පර්යේෂණයෙන් හෙළිව ඇති ආකාරයට පුර හඳ පවතින සමයෙහි වර්තමාන මානවයා දක්වන හැසිරීම් අතීතයේ ආදි මානවයා දැක්වූ හැසිරීම් හා සමාන වන්නේ යැයි ඔවුහු කියති.
උදාහරණයක් ලෙස දක්වන්නේනම් පර්යේෂණයට සහභාගී වූවන් පුරහඳ පවතින සමයෙහි නිදා ගැනීමට අපහසු බව පැවසීම පැහැදිලි කිරීමට විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ අතීතයේ ආදි මානවයා පුර හද පවතින සමයේදී ගොදුරු සොයා එන සතුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබීමයි.එම පුරුද්ද වත්මන් මානවයාටත් ලැබී ඇති සෙයක් දක්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම විද්‍යාඥයින් පිරිස කර ඇති තවත් දෙයක් වන්නේ පර්යේෂණයට සහභාගී වූවන් පිරිසට නිදා ගැනීමට යාමේදී නොයෙකුත් ශබ්දයන් ඇසීමට සළස්වා අනතුරුව ඔවුන් දුටු සිහින වල තොරතුරු ලබා ගැනීමයි.

එහිදී හෙළිව ඇත්තේ කුරුළු හඩ,සුළගට ගහ කොළ සෙලවෙන හඩ වැනි ශබ්දයන් අසමින් නින්දට ගිය පුද්ගලයින් සෞම්‍ය සිහිනත්,වාහන නළා හඩ කළබලකාරී නගරයක ඝෝෂාව වැනි ශබ්ද අසමින් නින්දට ගිය පුද්ගලයින් ප‍්‍රචණ්ඩ සිහිනත් දැක ඇති බවයි.
මේ අනුව නින්දට පෙර කිසියම් දෙයක් ඇසීමට සැළැස්වීමෙන් නින්දේදී පෙනෙන සිහිනයේ ස්වරූපය වෙනස් කිරීමට පවා හැකියාවක් තිබෙන බව පෙනෙන්නේයැයි ඔවුහු කියති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive