facebook like

සිරස සුපර් ස්ටාර් තරගකරුවන්ට අසාධාරණකම් සිදුවෙන හැටි මාත් දැක තිබෙනවා - ජනප්‍රිය යොවුන් ගායක දුමාල් වර්ණකුලසූරිය

නිසර්ග කුසලතාවය මනා සංගීත ඥානයෙන් මුවහත් කර ගත් මේ නව යොවුන් ගායකයා වර්තමාන පරපුරේ සිටින දක්ෂතම ගායන ශිල්පියෙකි. සිරස සුපර් ස්ටාර් තුන්වැනි අදියර ඔස්සේ සංගීත ලොවට පිවිසුණු ඔහු අද වන විට එය “හයවැනි අදියරේ” විනිසුරු මඬුල්‍ලේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. පසුගියදා පැවැති 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙහි දක්ෂතම නැඟී එන ගායන ශිල්පියාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ගායකයා දුමාල් වර්ණකුලසූරියයි. දුමාල් කතාබහකට මෙසේ එක්වේ.

* රියැලිටි තරග පිළිබඳ අදහස් විමසීමට සුදුසුම ගායකයා ඔබ. රියැලිටි තරග ගැන ඔබේ අදහස කුමක්ද ?

දක්ෂතා ඇති නවකයන්ට ඉදිරියට ඒමට ඉතාමත් සුදුසු මාර්ගයක් ලෙසයි මා රියැලිටි තරග දකින්නේ. මේක අපේ රටට විතරක් ‍පොදු තත්ත්වයක් නොවෙයි. ශ්‍රියා ඝෝෂාල් වැනි ඉන්දියාවේ ප්‍රමුඛතම තලයකට පත්වූ යොවුන් ගායිකාවක ඒ තත්ත්වයට පත්වුණේ රියැලිටි ප්‍රසංග නිසයි.

* නමුත් අපේ රටේ රියැලිටි තරගවල අසාධාරණකම් වන බව එම තරගවලට සහභාගී වූ අයම පවසන අවස්ථා එමටයි
ඒකේ එක්තරා සාධාරණ පදනමකුත් තියනවා. එස්.එම්.එස්. තරගයකදී සැබෑ දක්ෂයා මතු නොවීමට පුළුවන්. ඒත් ඉන් සැබෑ දක්ෂයන් මුලුමනින්ම යටපත් වන්නෙත් නැහැ. තරගයේ ස්වභාවය වටහා නොගත් අය තමයි ඔවැනි චෝදනා කරන්නේ.

* ඔබට සුපර් ස්ටාර් තුන්වන අදියරේදී අසාධාරණකමක් සිදුවෙලාම නැද්ද ?
එහෙම බලනවා නම් සුපර් ස්ටාර් තරග මාලාවේ ලොකුම අසාධාරණය වුණේ මට කියලා මටත් තර්ක කළ හැකියි. මම ඉන්දියාවේ ගිහින් ශාස්ත්‍රී්‍රය සංගීතය හැදෑරු කෙනෙක්. නමුත් තරගයේදී හයවැනියට මම ඉවත් වෙලයි නැවත තරගයට ආවේ. ඊට පස්සේ තුන්වැනියා හැටියට ඉවත් වුණා. ඒත් ඒක තමයි එස්.එම්.එස් තරඟයක ස්වභාවය. නමුත් මම මේ ක්ෂේත්‍රයට ආවෙත් තවමත් ක්ෂේත්‍රයේ රැඳී ඉන්නෙත් සිරස සුපර් ස්ටාර් නිසයි.

* එස්.එම්.එස්. ක්‍රමවේදය පැත්තක තියමු. එවැනි තරග තුළ වෙනත් අසාධාරණකම් සිදුවන්නේම නැද්ද ?
සියයට සීයක්ම සර්ව සාධාරණ අන්දමින් සිද්ධ වෙන තරග ප්‍රායෝගිකව අත්දකින්න හරිම අමාරුයි. ඕනෑම තරගයකදී යම් යම් අසාධාරණකම් සිදුවන අවස්ථා තියෙනවා. ලක්ෂ ගණනක් තරගකරුවන් එක්කර ගන්න සුපර් ස්ටාර් වැනි තරගයකදීත් එවැනි අවස්ථා තියෙන්න ඇති. මට නම් එවැනි ප්‍රබල අසාධාරණකම් සිදුවෙලා නැහැ.

* නමුත් විනිසුරුවරයෙකු ලෙස සිටියදී නම් එවැනි අසාධාරණකමට ලක්වූ තරගකරුවන් ඔබ දකින්න ඇති
ඇත්තෙන්ම ඔව්.

* මොනවද ඒ අයට සිදුවූ අසාධාරණකම්
සමහර දක්ෂයන් නොසිතූ විදියට තරගයෙන් ඉවත් වී යනවා මම දැක්කා.

* එස්.එම්.එස්. නිසාද ?
එස්.එම්.එස්. නිසාත් එසේ සිදුවුණා. ඒ වගේම ඊට පෙරත් එවැනි අවස්ථා තිබුණා.

* එස්.එම්.එස්. වටවලට පෙර ඔවුන්ගේ ඉවත්වීම තීරණය කිරීමට විනිසුරු මඬුල්‍ලේ සිටි ඔබත් දායක වුණා. එසේනම් ඔය කියන අසාධාරණයට ඔබත් හවුල් කාරයෙක්.
විනිසුරුවන් තිදෙනාගේම තීරණ මත තරගකරුවන්ගේ ඉදිරියට යාම හෝ ඉවත් වීම තීරණය කෙරුණු අවස්ථා තිබුණා. ඒ වගේම අපි තිදෙනා වෙන වෙනම තීරණ දුන් අවස්ථාත් තිබුණා. මා කීවේ දෙවැනි අවස්ථා ගැන.

* ඔබ කියන්නේ ඔබ විනිසුරු කරුවෙක් විදිහට සාධාරණ පදනමකින් ක්‍රියා කරද්දී අනෙක් දෙදෙනා තරගකරුවන්ට අසාධාරණකම් කළා කියන එකද ?
මා කී දේ මම තවදුරටත් පැහැදිලි කරන්නම්. වෙනත් විනිසුරුවකුගේ තීරණයන්ට අනුව ඉවත්ව යන තරගකරුවකුගේ දක්ෂතා මා දකිනවා. ඒ තරගකරුවා ඉවත්විය යුතු නැති බව මට සිතෙනවා. නමුත් අනෙක් විනිසුරුවාගේ දැක්ම වෙනස් විය හැකියි. එතැනදී තිබෙන්නේ මත ගැටුමක්. එහෙම නැතුව මම නිවැරදියි හෝ අනෙක් විනිසුරුවන් වැරදියි කියා මා කියන්නේ නැහැ. ඒ කෙසේ හෝ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් බලනකොට මාත් අකමැත්තෙන් හරි ඒ තීරණයට අවනත විය යුතුයි. අනික එහෙම නැතුව දක්ෂයන් තෝරන්න පුළුවන් වෙනත් නිර්නායකයක් නැහැනේ

* අනෙක් විනිසුරුවරුන් ඒ කාරියේ ඔබ තරම් සුදුස්සන් නොවන බවද ඔය කියන්නේ ?
මම කීයටවත් එහෙම හිතන්නේ නැහැ. නමුත් වෙන් වෙන් පුද්ගලයන් හැටියට අපි එකම දෙයක් දිහා තමන්ට ආවේණික කෝණයකින් බලන්න පුළුවන් ඒකයි හේතුව.

* ඔය විදියට ඔබලා තිදෙනා අතර මත ගැටුම් ඇතිවුණු අවස්ථා තිබුණාද ?
තරගය පුරා එවැනි අවස්ථා ගොඩක් තිබුණා. පසුගියදා විකාශය වූ වැඩසටහනේදී මමත් හේෂානුත් අතර ලොකු විවාදයක් ඇතිවුණා හැමෝම දකින්න ඇති.

* ඔය මත ගැටුම් නිසා සිත් අමනාපකම් පවා ඇතිවෙලා ඇති.
තරගය තුළදී සිදුවන දේවල් ‍පොදි බැඳගෙන ගෙදර ගෙනියන්න තරම් අපි බොළඳ නැහැ. පුද්ගලික මට්ටමින් නම් අපි අතර කවමදාවත් මත ගැටුම් අමනාපකම් ඇතිවෙලා නැහැ.

* දුමාල්ගේ සාමාන්‍ය ජීවිතයේ තොරතුරු කතා කළොත්.
සාමාන්‍ය ජීවිතය නම් ඉතින් සාමාන්‍ය විදියටම ගෙවිලා යනවා. ඒ අතර සංගීත කටයුතුත් කෙරෙනවා.

* තවම විවාහය ගැන හිතුවෙ නැද්ද ?
මට පෙම්වතියක් ඉන්නවා. ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි.

ආරියවංශ කුලතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive