facebook like

පොලීසියේදී ඒ අම්මා ඇගේ දියණියට කළ ශාපයේ දෝංකාරය

ඇඟ පුරා සංසරණය වෙන්නෙ රක්තවර්ණ ‍ලේ. ඒ ‍ලේ... තමයි ශ්වේත වර්ණ කිරි කරලා අම්මලා දරුවන්ට ‍පොවන්නෙ. එළදෙන වහු පැටියාගෙ අම්මාය. කොටි දෙන කොටිපැටියාගේ අම්මාය. ක්ෂීරපායි හැම සතෙකුටම හැම අම්මෙක්ම ‍පොවන්නෙ රතු ‍ලේය..
අම්මෙක් දරුවෙකුට මොනතරම් ආදරෙයිද? ඒ අම්මෙක් තමන්ගේ දුවගෙ මුණ බලාගෙන කිව්වා උඹට නම්.. හෙණ ගහනවා... හෙණ ගහනවාමයි
කියලා.
කඳුළු පෙරමින් ඒ අම්මා එහෙම කීවේ වෙව්ලන කටහඬකින්ය. ඒ හඬ මට තවමත් ඇහෙනවාය.
ඒ වෙලාවේ මං හිටියේ කුරුණෑගල මූලස්ථාන ‍පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ  ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතාත් ඒ අම්මාගේ කතාව අසාගෙන සිටියේය.
ඇයටත් ඇගේ සැමියාටත් හොරා දියණිය ඇගේ පෙම්වතා සමග පැනයෑම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කරද්දී ඇය එලෙස ශාප කළාය.
පියා ශාප කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ දියණියගේ ඇඳුම්ය. “මේකි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් ... මං මේකිට අරගෙන දුන්නෙ බොහොම දුක්මහන්සිවෙලා. ඉන්ස්පෙක්ටර් මේකිට කියන්න මේ ඇඳුම් මට ගලවලා දෙන්න කියලා. මට මේ ඇඳුම්වලට ගිනිතියන්න ඕනෑ. දෙන්නා හිතාගෙන ඇති සමහර ආච්චිලා සීයලා වගේ එක බබෙක් ලැබුනම සේරම අමතක කරලා දරුවා මූණෙන් මූණ තියාගෙන හුරතල් කරයි, නලවයි කියලා. එහෙම වෙන්නෙ නෑ  අපේ ගෙදර කවදාවත්.
‍පොලීසිය
දුව පැනලා යනවා දැන ගන්නට බැරි වුණා නේද?
පියා
කොහොමද ?
ඉන්ස්පෙක්ටර් දැනගන්නේ  මං මෙයාට කීවා. පුතේ මට තේ ටිකක් බිව්වොත් ... හොඳයි කියලා. මෙයා කුටු... කුටු... ගගා කුස්සියට ගියා. තේ ... එක බොහොම පරක්කුයි. කිසිම ශබ්දයක් නෑ. මං ගියා කුස්සියට. ළිපත් නිවිලා.
ඒ වෙලාවේ තමයි. ඉන්ස්පෙක්ටර් මේකි පැනල ගිහිල්ලා තියෙන්නෙ යැයි පියා පවසන විට දුව බොහොම හුරතල් විදියට කට කොණකින් සිනාසුනාය.
මට මේකීට දෙකක් දෙන්න හිතෙනවා. සර්.. හොම්බ ගැලවිලා.. යන්න. මේකී ගැන හිතලා... මේ වයසක ජෝඩුව මොනතරම් දුක්වෙනවාද?
‍පොලිස් පරීක්ෂිකාවක් ‍පොලිස් පරීක්ෂකවරයකුට රහසින් එලෙස කීවාය.
‍පොලීසිය
(තරුණයාගෙන්) තමුන්ගේ වයස කීයද දැන්.
“ අවුරුදු දහ අටයි.. දවස් දෙකයි...
තව දවස් දෙකක් කලින් පැනලා ගියා නම්.. කසාද බඳින්න නීතියෙන් ඉඩක් නෑ. ඒ දවස් දෙක ඉවසාගෙන ඉඳලා වේලාවට පැනලා ගියා නේද? ‍පොලීසියට දැන් කියන්න බෑ අඩු වයස් කතාවක්.


තරුණියගේ මව්පියන් ‍පොලීසියෙන් පිටව යද්දී මම මහාධිකරණයට ගියෙමි. මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා නඩු අසමින් සිටියේය. රජයේ අධිනීතිඥ යොහාන් ලියනගේ මහතා දේශනයක් පවත්වමින් සිටියේය. ඒ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවක් සම්බන්ධයෙන්ය.
එම දේශනය නිමවිය. ඒත් සමගම අධිකරණයේ විදුලි බුබුළු නිවී ගියේය. විදුලි පංකා ක්‍රියාවිරහිතවිය. මහාධිකරණ විනිසුරු ටියුඩර් ගුණරත්න මහතා නැගී සිටියේය. මහාධිකරණ විනිසුරුවරයා ඉක්බිති විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.
එම විත්තිකරුට එරෙහිව සාක්ෂි දෙනු ලැබුවේ ඔහුගේ පියා සහ  සහෝදරයෙක්ය. විත්තිකරු ඝාතනය කර තිබුණේ ඔහුගේම බාල සහෝදරයාය.
අනේ... ? හාමුදුරුවනේ... මට මගේ පුත්තු දෙන්නම නැතිවුණා... ලොකුපුතා උදැල්ලෙන් ගහලා ‍පොඩිපුතා මරල දැම්මා. ‍පොඩිපුතා මරපු වරදට ලොකු පුතාටත් මරණ දඬුවම ලැබුණා... යැයි විලාප කියමින් ඒ දරුවන්ගේ වයස්ගත මව අධිකරණයේ ආලින්දයේ සිමෙන්තියේ හිස ඇනගත්තාය.
‍පොලිස් නිලධාරිනියෝ ඇය අධිකරණ සංකීර්ණයෙන් පිටතට කැටුව ගියහ. “ උඹට හෙණ ගහනවා... ගහනවාමයි...” ‍පොලීසියේදී ඒ අම්මා ඇගේ දියණියට කළ ශාපයේ දෝංකාරය ඒ මොහොතෙත් මට ඇසෙනවා  වගේ දැනුනා. මව් සෙනෙහස එහෙමයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive