facebook like

භූතාත්මය බෑණා ගේ හොර වැඩ හෙළි කරයි

ආනන්තරිය පාපකර්ම හා එවැනි බරපතළ පාප ක්‍රියා කළවුන් මරණයෙන් පසු තිරයේ ඉපිද අවුරුදු ලක්ෂ ගණන් අනන්ත කාලයක් දුක් විඳිති. ආධ්‍යාත්මීය වශයෙන් ධ්‍යානාදි කුසල් දහම් වැඩුවෝ බ්‍රහ්මතල ආදී සුගතීන්හි ඉපිද අනන්ත කාලයක් ධ්‍යාන ක්‍රමයෙන් වෙසෙති. තවත් සමහර කෙනෙක් තමන්ගේ ගේ දොරට හා දරුවන්ට ආදරයෙන් ද අමනාපයෙන් ද ඒ අය ආශ්‍රිතව ම භූතයන්ව ඉපිද සිටිති. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද සාමාන්‍ය මිනිසුන්ගේ සිතුම් පැතුම්වලට සමගාමී වේ. තමන්ගේ දූ දරුවන්ට දුක් කරදර
එළැඹෙන විට ඊට ප්‍රතික්‍රියා දක්වන අමනුස්සයෝ ද සිටිති.

කොට්ටාවේ මාලි දෙදරු මවකි. ඇගේ ස්වාමි පුරුෂයා සරත් ඉංජිනේරුවරයෙකි. ඔවුන්ගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස වැඩ කරන්නේ ගිනිගත්හේන ප්‍රදේශයෙන් කැඳවා ගෙන ආ දිව්‍යා නම් දෙමළ තරුණ කාන්තාවකි. ඇය ද එක් දරු මවකි. ඇගේ දරුවා ගිනිගත්හේනේ ආච්චි සීයා ළඟ වෙසෙයි.

හිටි හැටියේ දිව්‍යා අසනීප වෙන්නට වූවාය. ඇයට ගෙදර ගොස් අසනීපය සුව කැරගෙන එන්නැයි අවශ්‍ය මුදල් ද දී ඇය ගමට පිටත් කැර ඇරියා ය. ඇය ගමට ගොස් තුන් වැනි දිනයේ රාත්‍රි දොළහට පමණ කවුදෝ මාලිගේ ගෙදර දොරට තට්ටු කරන හඬ ඇසෙන්නට විය. මේ මහ රෑ දොරට තට්ටු කරන්නේ කවුදැයි බලන්නට සරත් දොර ඇරියේය. ඒ දිව්‍යාය. ගෙදරට ඇඳ සිටි ඇඳුමෙන්ම මේ මහ රෑ ආවේ කොහොමදැයි ඇසූ විට ඇය අසිහියෙන් මෙන් ගෙතුළට ගියාය. දිව්‍යාගේ නිවසට දුරකථනයෙන් කතා කොට

දිව්‍යා ගෙදර සිටී දැයි ඇසූ විට ඇය එදින හැන්දෑවේ සිට නිවසින් අතුරුදන්ව ඇතැයි ඇගේ මව උත්තර දුන්නාය. දිව්‍යා මහ රෑ කොට්ටාවට පැමිණ ඇති බව සරත් ඇයට දැනුම් දුන්නේය.

මාලී දිව්‍යාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා ය. එහෙත් සුවයක් නොවීය. දිව්‍යා රාත්‍රියට හීනෙන් බිය වී කෑ ගසන්නටත් පටන් ගත්තා ය.

“සිළුමිණ” පත්‍රයේ ‘සිත්මල්යාය’ අතිරේකයේ පළ වන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය නිතිපතා කියවන කෙනෙකු වන මාලා එය සරත් ගේ අවධානයට යොමු කොට එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත දිව්‍යා කැඳවා ගෙන ගියාය.

ආධ්‍යාත්මීය උපදේශකවරයා ඉදිරියේ දිව්‍යා ප්‍රලය වී කෑ ගසන්නටත් වෙව්ලන්නටත් වූවාය. ගමේ පන්සලට දිව්‍යා කැඳවා ගෙන ගොස් බෝධි පූජා විසි එකක් පවත්වන්නටත් ඇයට ඇසෙන සේ පිරිත් සූත්‍ර කීපයක් සජ්ඣායනා කරන්නටත් මාලිටත් සරත්ටත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය. තම නිවසේ සේවය කරන මෙහෙකාරිය වෙනුවෙන් ඔවුන් ඒ කටයුත්ත සිදු කළහ.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද දිව්‍යා ප්‍රලය වූවා ය. වෙනදා කැඩිච්ච සිංහලයෙන් කතා කළ දිව්‍යා ප්‍රලය වූ විට හොඳ නිවැරැදි සිංහලයෙන් කතා කළාය. ගවේෂකවරයා අසන ප්‍රශ්නවලට උත්තර දුන්නාය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”

“මම මේ මාලිගෙ අම්මා”

“මොකක්ද නම?”

“කුසුමා තෙන්නකෝන්”

“ජීවත්ව ඉන්දැද්දි මොනවා ද කළේ?”

“මම හිටපු විදුහල්පතිනියක්.”

“ඇයි ඔබ තුමිය වගේ වැදගත් කෙනෙක් මේ සේවිකාවකගෙ ශරීරයට රිංගා ගෙන.”

“මගේ දුවට ආදරේ නිසා.”

“මොකක්ද ඒ කතාවෙ තේරුම”

“මම ප්‍රේතියක් නොවෙයි. මීට කලින් ආවේශ වුණේ නෑ. ඉවසලා ඉවසලා බලන් ඉන්න බැරිම තැන මේකිගෙ ඇඟට රිංගුවා.”

“ඒ මොකට ද?”

“දඬුවම් කරන්න”

“මොන වරදක් කළාට ද?”

“වැරැද්ද ද? හිඃ... හිඃ... හී... අන්න අරූගෙන් අහන්නැÓයි බෑණාට (සරත් දෙසට) අත දිගු කොට පෙන්නුවාය.

සරත් බිම බලාගෙන සිටියා මිස කතා කළේ නැත. භූතාත්මය නැවත කතා කළාය.

“මූ හොඳ එකා. අරක්කු සිගරට් බොන්නෙ නෑ. නාස්ති කරන්නෙ නෑ. ඒ වුණත් හීඃ.... හිඃ... හී.... බෑණේ! උඹ මේකිත් එක්ක මඟුල් කරපු හැටි මම බලාගෙන හිටියේ. අද නතර කරයි, හෙට නතර කරයි කියලා බලා සිටියා. වැඩේ දිගට ම යනවා. ඒ සැරේ තමයි මම මේකිගෙ ඇඟට රිංගුවේ. බෑණෝ ඇත්ත කියාපං”

මෙසේ භූතාත්මයෙන් අනාවරණය වූ කාරණය පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට ගවේෂකවරයා මාලා ගවේෂණ කාමරයෙන් පිටතට යවා සරත්ගෙන් පෞද්ගලිකව විමසීය.

“මහත්මයා අපේ ගේ දෙමහල් නිවසක්. මම මගේ රැකියාවේ උසස්වීමක් සඳහා විභාගයකට පාඩම් කළා. අපේ නිදන කාමරය තියෙන්නේ උඩු මහලේ. මම පාඩම් කළේ බිම් මහලේ. මම හුඟක් රෑ වෙනකම් පාඩම් කරනවා. නෝනා නිදාගන්නවා. දිව්‍යා තමයි මට රෑට තේ එකක් හදලා, ගෙනැත් දෙන්නේ. නෝනා දන්නේ නෑ. එයා නිදි. මේ අතරේ දිව්‍යාත් මාත් අතරේ සම්බන්ධයක් ඇති වුණා. ඒක ඇත්ත.”

“හිඃ... හීඃ... හී... අන්න හරි අන්න හරි ඕක තමයි ඇත්ත කතාව” යැයි භූතාත්මය සිනා වෙමින් කීවාය.

“ඉතින් මම වරද පිළිගන්නවා” යි සරත් කීවේය. නැවතත් මාලා ගවේෂණ කාමරයට ගෙන්වා යළිත් භූතාත්මයෙන් ප්‍රශ්න කළාය.

“දැන් හරිනේ මේ මහත්තයා ඇත්ත හෙළිදරව් කළානේ?”

“ඔව් ඔව් බෑණා හොඳයි. ඒත් මගේ දුවට එරෙහි වුණ හින්දයි මම මෙහෙම කළේ. දුව අසරණ වෙයි කියලා බයේ.”

“ඔබ තුමිය මැරුණේ මොනවා වෙලා ද?”

“වයසට ගිහිල්ලා”

“ඔබ තුමිය මැරුණේ මොනවා වෙලා ද?”

“වයසට ගිහිල්ලා”

“කොයි කාලෙ ද මැරුණේ?”

“මීට අවුරුදු පහකට කලින්. එතකොට මට වයස අවුරුදු අසූ තුනයි.”

“කොහේද ජීවත්වුණේ?”

“මේ අය ඉන්න ගෙදරමයි. මේ ගේ මගේ. මම ගේ දුවට දුන්නා. මම බොහොම වැදගත් විදිහට ජීවත් වුණේ. හොඳට පින් දහම් කළා. මම දැන් ප්‍රේතියක් නොවෙයි. මැරිලා දුවගෙ ආරක්ෂාවට හිටියා. මම හිටියේ මේ ගෙදරින් පිට තියෙන බුදු කාමරයේ. මේ සිද්ධිය නිසා දුවගෙ ආරස්සාවට තමයි මේකිගෙ ඇඟට රිංගුවේ.”

“ඔව් ඔබ තුමිය නිවැරැදියි. මේ දෙන්නගෙ වැඩ පිළිවෙළ මමත් හරියි කියන්නේ නෑ. ඒත් ඔබතුමියත් ටිකක් සාධාරණව හිතන්න. දුවගෙ අතෙත් වරදක් තියෙනවා. තමන්ගෙ මහත්තයා විභාගෙකට රෑ වෙනකම් පාඩම් කරනවා. එයාට තේ එකක් ගිහින් දෙන්න තරම් උනන්දුවක් නෑ. මහ රෑට තරුණ ගැහැනියක් ලවා තේ එකක් මහත්තයාට ගිහින් දෙනකම් මෙයා නිදි. ඔන්න ඔය වගේ දුර්වලකම් නිසා මිනිස්සු ඉබේ වරදට පෙලඹෙනවා. මෙන්න මේ ගැනත් ටිකක් හිතන්න.”

“ඔව් මහත්තයා ඒ නිසා තමයි මම මෙච්චර කල් ඉවසුවේ. නැත්නම් මට මේකිව මරන්නත් තිබුණා. ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා මම එහෙම කළේ නෑ.”

“කොහොමද ඔබ මේ වගේ කෙනෙක් මරන්නෙ?”

“ඇයි බැරි? මේකි පාරෙ යනකොට වාහනේකට තල්ලු කරන්න මට තිබුණා. ඒත් මම එහෙම කළේ නෑ. මේ ප්‍රශ්නය විසඳන්න ඕනැ නිසා තමයි මේකිව ගිනිගත්හේනේ ඉඳලා ආපහු ගෙන්නුවේ. ඒ ගෙන්නුවෙත් මම තමයි.”

“හරි හරි දෙන ඕනෑ ම දඬුවමකට මම යටත් වෙන්න සූදානම්” යැයි සරත් කීවේය. “මොකක්ද මෙයාට සුදුසු දඬුවම?” යැයි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මගේ ඉදිරිපිට මගේ දුවගෙ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න ඕනෑ” යි භූතාත්මය කීවාය.

ඒ නියමය පරිදි සරත් සිය බිරියගේ දෙපා අල්ලා වැඳ සමාව ගත්තේය.

“දැන් මේ නෝනයි මහත්තයයි දෙන්නාම සමගියෙන් ජීවත්වෙන්න ඕනැ. දරු දෙන්නා වෙනුවෙන් අද ඉඳලා අලුත් ජීවිතයක් ගත කරන්න ඕනැ. කීයක් හරි වැඩිපුර මුදලක් අතට දීලා දිව්‍යාව ආපහු එයාගෙ ගමට යවන්න ඕනෑ. නෝනා කම්මැලි නැතිව ගෙදර වැඩ ටික කරගන්න පුරුදු වෙන්න. ළමයි දෙන්නත් පුංචිම අය නොවෙයිනේ” යි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

“දානයක් දී මියගිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නැ” යි කී විට “එපා එපා මේ දෙන්නා හොඳින් ජීවත් වෙනවා නම් මට ඒ ඇති. මම මගේ පාඩුවේ ඉන්නම්” යැයි භූතාත්මය කීවාය.

මිනිස් ලොවෙන් සමුගෙන ගියත් දරුවන්ගේ සුබ සිද්ධිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන මළගිය ප්‍රාණකාරයෝ ද සිටින බව මෙයින් පැහැදිළි වේ.

මතුගම මහින්ද විජේතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive