facebook like

'ආයුබෝවේවා මහ රජාණනි' ඉවරයි........දැන් ඇමැති ෆෝන්වල ඇත්තේ 'මා ඉතින් යන්න යනවා' කියලයි


2009 මැයි මාසය වෙද්දී අපි ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ට, මන්ත්‍රිවරයෙක්ට, ප්‍රාදේශීය සභාපතිවරයෙක්ට කෝල් එකක් ගද්දී රිඟින් ටෝන් එක තිබ්බේ ආයුබෝවේවා මහරජාණනි, කියලා. හැබැයි දැන් යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 5ක් වෙලා. දැන් ඒ ඇමැතිවරුන්ට, මන්ත්‍රිවරුන්ට, සභාපතිවරුන්ට කෝල් ගන්න කොට රිඟින් ටෝන් එක වෙලා තියෙන්නේ මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි
කියලා. අඩුම තරමේ ඒ සින්දුව කියපු ගායිකාවවත් දැන් හොයාගන්න නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පවසයි.

දැන් මේ ආණ්ඩුවේ නැව ගිලෙන්න යන්නේ. ඒ නිසා අනාගතය පේන අය හෙමිහිට හෙමිහිට අපේ පැත්තට දුවගෙන එන්න හදනවා. අර කීපදෙනෙක් විතරක් වවුලගේ මඟුල් ගෙදර ගිහින් එල්ලිලා ඉන්නවා වගේ ඒ තියරිය අනුගමනය කරමින් ඔහෙ මේ ආණ්ඩුවෙම ලැගගෙන ඉන්නවා. හැබැයි ඒ අයට කියන්න තියෙන්නේ අනේ පව් කියලා.

කුඩු ගෙන්වන, එතනෝල් ගෙන්වන, කප්පම් ගන්න, ජනතාව රවට්ටන හොර තක්කඩි දේශපාලනඥයන්ට කොහොමත් මේ ආණ්ඩුව දාලා එන්න බැහැ. මොකද ඒ අය එළියට බැස්සොත් ලොකු මහත්තයා ගාව තියෙන ෆයිල් එක ඉබේම එළියට එනවා. හැබැයි හිතහොඳ ජනතා සේවයට කැපවෙච්ච ආණ්ඩුව ඇතුළේ ඉන්න අවංක දේශපාලනඥයන්ට ආණ්ඩුව කියනවා අපේ පැත්තට ඇවිත් මේ දූෂිත ආණ්ඩුවට විරුද්ධ වෙන්න. දැනටමත් එහෙම පිරිසක් අපේ පැත්තට එන්න ලැහැස්තියි. අපි ඒ දේශපාලන මහත්වරුන්ගේ නිර්භීත දේශපාලනයට හිසනමා ආචාර කරනවා.

මේ ආණ්ඩුව ඇතුළේ බහුතරයක් දෙනා මේ යන පාලනයට විරුද්ධයි. ඒකට ළඟම උදාහරණය පසුගිය කාලේ දැක්කා. කැසිනෝ පනත සම්මත කරගද්දී සමහර බුද්ධ පුත්‍රයෝ හැංගිලා ඉන්නකොට රතන හාමුදුරුවෝ ජනතාව පැත්තේ ඉඳගෙන ඒකට විරුද්ධ වුණා. සමහර ඇමැතිවරු මන්ත්‍රිවරු ඡන්දෙ දෙන්න ආවේ නැහැ. විමල්, චම්පික ඒකට විරුද්ධ වෙලා නැව් ගැට්ටේ ඉඳලා පනින්නේ කොහොමද කියලා දහඅතේ දැන් කල්පනා කරනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive