ගැබිනි නීතිඥවරියක් කාර්යාලයේ සිට පැමිණ තම වාහනයට ගොඩවන අවස්ථාවේදී ඇගේ උදරය අත ගා ලිංගික හිරිහැර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හතළිස් තුන් (43) හැවිරිදි තිදරු පියකු අද (9දා) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ
මහතා පසුගිය සිකුරාදා (6දා) නියෝග කළේය.
කළුතර නගරයේ පිහිටි නීතිඥ කාර්යාලයේ සිට පැමිණ තම වාහනයට නැඟීමට සූදානම් වූ අවස්ථාවේදී නීතිඥවරියට හිරිහැර කර ඇය සමඟ පොරබදා ඇගේ ගැබ අත ගෑ මෙම පුද්ගලයාව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය ඇතුළු නිලධාරීහු විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
හොරණ මුණගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියකු මෙසේ බන්ධනාගාර ගත කළේය. සැකකරු සමඟ පොර බැදීමෙන් රෝගී තත්ත්වයට පත් ගර්භණී නීතිඥවරිය කළුතර රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය හේතුවෙන් ඇයට හෝ දරුගැබට හානියක් සිදුව නැති බව කළුතර රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

0 comments:
Post a Comment