facebook like

වටරැක හිමියන් නැටූ නාඩගමේ පිටපත හා අධ්‍යක්ෂණය කාගේද?

වටරැක විජිත හිමියන් මුළුමනින්ම සිදුකර තිබෙන්නේ ‘රඟපෑමක්’ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 22 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් පැවැසීය. අජිත් රෝහණ මහතා පවසන ආකාරයට එය හුදෙක් රඟපෑමක් නම් වටරැක විජිතහිමියන් සිදුකර තිබෙන්නේ මාරක ළිඳේ මෝටර් සයිකලයක් පදිනවා වැනි ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. එය වෙනත් පැත්තකට පෙරැළී ගියේ නම් මේ වනවිට භික්ෂු, භික්ෂූන් අතරේ සහ රටේ සිංහල මුස්ලිම් ජාතීන් අතරේ දැවැන්ත ගැටුමක් නිර්මාණය වී හමාරය. මුළු රටේම කඩ සාප්පු දේ‍පොළ ගිනි ගන්නට ඉඩ තිබුණි. විශාල මිනිස් සංහාරයක්ද මේ වනවිට සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබේ. එබැවින් වටරැක විජිත හිමියන්ගේ ක්‍රියාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි ක්‍රියාවක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.
මහියංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී අත්පා බැඳ සිරුර පුරා කැපුම් තුවාල සිදුකොට බණ්ඩාරගම හිරන පාලම අසල දමා ගොස් තිබිණ.
හිමිනම විසින් පසුව ‍පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වී තිබුණේ 18 වැනිදා කැන්ටර් වර්ගයේ ලොරි රථයකින් කොළඹ සිට යද්දී ලැබුණු දුරකතන පණිවුඩයක් මත තමන් වහන්සේ වෙනත් වෑන් රථයකට මාරු වූ බවයි. එහි සිටියේ තමන් වහන්සේට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා නොව හිමිවරුන් දෙනමක් සහ තවත් පුද්ගලයකු බවයි.
මෙම ප්‍රකාශය මත ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේ ඒ වනවිටත් බේරුවල අලුත්ගම සහ වැලිපැන්න ප්‍රදේශවල හටගෙන තිබූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මෙම සිද්ධියද සම්බන්ධ දැයි යන දෙගිඩියාවෙන් විය හැක. මන්ද වටරැක විජිත හිමියන් ඒ වනවිටත් උන්වහන්සේට එරෙහිව වෙනත් භික්ෂූන්ගෙන් සහ සිවිල් කණ්ඩායම්වලින් මරණ තර්ජන ඇතැයි ප්‍රකාශ කොට ‍පොලිස් ආරක්ෂාවද ලබාගෙන තිබුණ බැවින්ය. අලුත්ගම බේරුවල ප්‍රහාරයේ තවත් එක් කොටසක් වශයෙන් වටරැක විජිත හිමි ප්‍රහාරය මෙරට සමහර ජන කණ්ඩායම් සැලකූ බැවින් ‍පොලීසිය ඉතා සුපරීක්ෂාකාරී ලෙසින් මෙම පරීක්ෂණය සිදුකර තිබෙන බවක් පෙනෙයි. විජිත හිමියන් පැහැරගෙන යාමට පැමිණි වාහනය ගමන් කළ මාර්ගය දෙපස පිහිටි ගොඩනැගිලි වල සවිකර තිබූ ආවේක්ෂණ කැමරා ‍පොලීසිය විසින් පරීක්ෂා කළ බව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. 18 වැනිදා අළුයම තමන් වහන්සේව පැහැර ගත්තේ යැයි වටරැක විජිත හිමියන් පැවැසුවද 19 වනදා රාත්‍රියේ අරංගල සිට බණ්ඩාරගම දක්වා පැමිණි වාහනවල රූපරාමුවලින් එක් රථයක් ‍පොලීසිය විසින් හඳුනාගනු ලැබිණ. ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී ‍පොලීසියට එම වෑන් රිය හමුවී ඇති අතර එහි හිමිකරුවා වන්නේ වටරැක විජිත හිමියන්ගේ සොහොයුරෙකි. අනතුරුව හිමිනමගේ සොහොයුරා විසින් ‍පොලීසියට සම්පූර්ණ සිද්ධිය අනාවරණය කළ බව අජිත් රෝහණ මහතා පැවැසුවේය. මෙය භයානක සෙල්ලමකි. වටරැක විජිත හිමියෝ මේ ආකාරයට අසත්‍ය ප්‍රකාශයක් කරමින් මුල පුරන්නට සූදානම් වූයේ රටේ තවත් කළු ජූලියක් ඇති කරවන්නට දැයි යන සැකයක් නොව විශ්වාසයක් ජනතාව තුළ හටගැනීම වැළැක්විය නොහැකිය.
බුද්ධ පුත්‍රයකු වූ උන්වහන්සේ පසුගිය කාලයේ හැසිරුණු ආකාරය දෙස රටේ ජනතාව දැඩි අවධානයකින් බලා සිටියහ. සමහරුන් උන්වහන්සේට බැණ වැදුනහ.  යම් යම් කණ්ඩායම් වල ඉත්තෙකු වී උන්වහන්සේ රටට ජාතියට ආගමට වින කටින බවට චෝදනා නැගූහ. එහෙත් මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වූයේ වටරැක විජිත හිමියන්ට ඕනෑම කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමට මානව අයිතිවාසිකමක් තිබෙන බවයි. ඊට එරෙහි වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි ඔවුහු පෙන්වා දුන්හ. බොහෝ ජනමාධ්‍ය උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමට පෑන අතට ගත්තේ අන් කවර කාරණාවක් නිසා නොව සෙසු පුද්ගලයන්ට මෙන් උන්වහන්සේටද කතා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙමින්ය.
කොළඹ කොම්පඤ්ඤවීදියේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක වටරැක විජිත හිමියෝ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක් වෙනත් භික්ෂු සංවිධානයක් විසින් කඩාකප්පල් කළැයි කියමින් ඊට එරෙහිව මෙරට මධ්‍යස්ථ සිවිල් සංවිධාන, ජනතාව සහ තවත් භික්ෂූන් විශාල හඬක් නංවන්නට වූයේ විජිත හිමියන්ටද මෙම සමාජය තුළ ස්ථානගත වීමට අයිතියක් තිබෙන බව පෙන්වා දෙන්නටය. උන්වහන්සේගේ ආරක්ෂාව වහාම තර කරන ලෙස සමහර සිවිල් සංවිධානවලට ඉල්ලා සිටීමට සිදුවිය.
මේ සියල්ල උන්වහන්සේ වෙනුවෙන් ඉටුකළ සමාජය මුළුමනින්ම ගොනාට අන්දවා තිබෙන බව අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
උන්වහන්සේගේ සිරුරේ තිබූ කැපුම් තුවාල පරීක්ෂා කරන ලද්දේ මෙරට අධිකරණ වෛද්‍ය
ක්ෂේත්‍රයේ කීර්තිමත් නිලධාරියකු වන දොස්තර අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු තවත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකු විසින්ය.
එම තුවාල වෙනත් පුද්ගලයකු විසින් සිදුකළ ඒවා නොවන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ මතයයි. නිය‍පොතු කපන කටරයකින් මෙම තුවාල සිදුකර තිබෙන බව එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන ආකාරයට මෙය උන්වහන්සේගේ රඟපෑමක් නම් නිය කටරයකින් සිරුර සුළුවට කපාගෙන මෙම සමාජය මත උන්වහන්සේ හෙලන්නට සූදානම් වූ පරමාණු බෝම්බය කුමක්ද? මෙය විශාල ප්‍රශ්නයකි.  මන්ද බේරුවල, අලුත්ගම, වැලිපැන්න ප්‍රදේශවල හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල ගිනිදැල් ඒ වනවිටත් ඇවිලෙමින් තිබූ බැවින්ය. ඊට විරෝධය පළ කරමින් පිටකොටුවේ කඩසාප්පු වසා පෙළපාළි
උද්ඝෝෂණ සිදුවෙමින් තිබූ නිසාය.
උතුරේ එල්.ටී.ටී.ඊ.යට උදව් කරන කණ්ඩායම් එහි මුස්ලිම් ජනතාවගේ සිත් තුළ ක්‍රෝධයක් වපුරවමින් කැරැල්ලක් මැවීමට පෙළඹෙමින් සිටි හෙයිනි. තවත් පළාත්වල සාප්පු වසා අලුත්ගම බේරුවල ප්‍රහාරයට එරෙහිව කළුකොඩි ඔසවා දැවැන්ත හර්තාලයකට පෙළ ගැසෙමින් තිබූ බැවින්ය. මෙවැනි බිහිසුණු වටපිටාවක් රට තුළ නිර්මාණය වෙමින් තිබියදී ආරක්ෂක සේනාව සහ ‍පොලීසිය සිදුවන්නට යන විපත වළකාලීමට ගත හැකි සියලුම පියවර ගනිමින් සිටියේය. එබඳු අවස්ථාවක වටරැක විජිත හිමියෝ මෙවැනි රඟපෑමක් සිදු කළා නම් එහි යටි අරමුණ වහා හෙළි කරගත යුතුය. එය පැවරී තිබෙන්නේ ‍පොලීසිය පැත්තෙන්ය.
කෙසේ වෙතත් මෙවැනි මානසික තත්ත්වයකට පුද්ගලයෝ පත්වන්නේ යම් යටි අරමුණක් ඇතිවය. එසේ නොමැති නම් ඔහුට හෝ ඇයට පිස්සුය. තමා විසින්ම තුවාල සිදුකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණාත්මක පිටු රාශියක් ලියැවී තිබේ. මේ ඒ ගැන කතා කිරීමට වේලාව නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ වටරැක විජිත හිමියෝ නැටූ නාඩගම පිටුපස සිටින තිරනාටක දෙබස් රචකයන් හා එහි අධ්‍යක්ෂවරයා වහා හඳුනා ගැනීමයි.

(අනුර හොරේසස්)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive