ඇය නමින් තාරුකාය. මේ අපි ඇයට තබන නාමයය. ඒ ඇගේ අනන්‍යතාව හෙළි කිරීම සුදුසු නැති නිසාය. තාරුකා මාතර පැත්තේ තරුණ කාන්තාවකි. නිසි කලට විවාහයක් කර ගැනීමට නොහැකි වූ නිසාම ඇය ඒ සඳහා පිහිට පතන්නේ මගුල් කපුවෙකුගෙන්ය. ඒ සාම්ප්‍රදායක මගුල් කපුවෙකුගෙන් නොව අන්තර්ජාල මගුල කපුවෙකුගෙන්ය. එම අන්තර්ජාල මගුල් කපුවා අයත් වන්නේ පිළියන්දල මාවිත්තර පැත්තේ ඇති මංගල සේවා සපයන ආයතනයකටය. තාරුකා තමාට මනාලයෙකු සොයාදීමේ කටයුත්ත එම අන්තර්ජාල මගුල් කපුවාට පවරන්නේ මෙයට මාස තුන හතරකට ඉහතදීය. ඊට පෙර තාරුකා ජාතික පුවත්පත් රැසක් හරහා තමාට සුදුසු සහකරුවෙකු සොයා වෙහෙසුනද අන්තර්ජාල මගුල් කපුවා තරම් සාර්ථක කපුවෙකු ඇයට එතෙක් හමුවී තිබුණේ නැත.
අන්තර්ජාල මඟුල් කපුවා තාරුකාගේ විස්තර අන්තර්ජාලයට මුසුකිරීමත් සමග ලොව නන් දෙසින් ඇයට මංගල යෝජනා ගලා ආවේය. ඒ ඇයටත් සිතාගන්නට බැරිතරමිනි. ඒ සියලු යෝජනා එන්නට වූයේ අන්තර්ජාලයේ ඇගේ ස්කයිප් යොමුවට හා විද්‍යුත් තැපැල් ලිපිනයටය.
තාරුකා වෙත ගලා එන්නට වූ මෙම මංගල යෝජනා අතරින් ඇගේ සිත ඇදීයන්නේ මලයාසියාවේ සිටින නිමේෂ් වීරවර්ධනටය. තිස් අට වියැති නිමේෂ්ට ඇගේ සිත ඇදෙන්නේ ඔහු මලයාසියාවේ ජීවත් වන අයෙකු නිසාම නොව ඇගේ වයසට ගැළපෙන්නෙකුද වූ නිසාය. මුල් දින කිහිපය දෙදෙනා තම අදහස් හුවමාරු කරගන්නට වූයේ විද්‍යුත් තැපෑලෙනි. අනතුරුව ස්කයිප් ජාලය ඔස්සේ මුහුණට මුහුණ බලාගෙනම ඔවුහු බොහෝ දේවල් කතා කළහ.
පරිගණක තාක්ෂණ ශිල්පිනියක් වූ ඇය තම පවුලේ විස්තර සියල්ල නොසඟවා ඔහුට කීවාය. නිමේෂ් ඇයට කී තොරතුරුවලට අනුව ඔහුගේ පියා කෘෂිකර්ම උපදේශකවරයෙකි. මව මියගොසිනි. මලයාසියාවේ සිටින්නේ පියා සමගිනි. ඔවුන්ගේ ස්ථීර පදිංචියද මලයාසියාවේය. නිමේෂ් කී ආකාරයට අනුව ඔහු ඉංජිනේරුවෙකි. සේවය කරන්නේ මලයාසියාවේ මහා මාර්ග දෙපාර්තමේන්තුවේය.
සතියක් දෙකක් එසේ දෙදෙනා අතර බොහෝ තොරතුරු ස්කයිප් ජාලය ඔස්සේ හුවමාරු වූ අතර එක් දිනක් “අපි දෙන්නගේ අදහස් හොඳට ගැළපෙනවා. මම කැමැතියි ඔයාට. අපි ඉක්මනටම කසාද බදිමු.” යැයි ඔහු තාරුකාට කීවේය. මෙය තාරුකාගේ සිතේ මහත් සතුටක් ඇති කරන්නට සමත් විය. “මම කැමතියි ලංකාවට ඇවිල්ලා වෙඩින් එක ගන්න. හැබැයි පදිංචිය මැලේසියාවේ තමයි.” ඔහු එසේ පවසන්නට වූයේ ඇයගේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. ඒ අතරතුර ඇයත් සමග එකතු වූ ඔහු විවාහ මංගල්‍යය සිදුකරන අයුරුද සැලසුම් කළේය.
මධුසමය සඳහා යන රටද තීරණය කළහ. මංගල සාරි, ආභරණ ආදියෙහි ඡායාරූප විද්‍යුත් තැපෑලෙන් තාරුකාට යොමු කළේ ඒවාට ඇය කැමතිදැයි විමසමිනි. ලංකාවේ ප්‍රසිද්ධ වෙද පවුලක් මෙන්ම හිටපු විදේශ ඇමැතිවරයෙකු පවා තම ඥාතීන් බව ඒ අතර නිමේෂ් ඇයට කීවේ ඒ අයටත් විවාහ මංගල උත්සවයට ආරාධනා කරන බවද පවසමිනි.
ඔය අතරතුර නිමේෂ් තම මවගේත් පියාගෙත් ඡායාරූප තාරුකාට විද්‍යුත් තැපෑලෙන් එව්වේය. තාරුකාගේ දෙමාපියන් සමගද කතා බහ කළේය. කැනඩාවේ සිටින ඇගේ සහෝදරයා සමගද ස්කයිප් ඔස්සේ ඔහු නැගණියගේ විවාහය ගැන අදහස් හුවමාරු කරගත්තේය. නිමේෂ්ගේ පියාද තාරුකා සමගත් ඇගේ දෙමාපියන් සමගත් විවාහය සිදුවන අයුරු ගැන ස්කයිප් ජාලය ඔස්සේ කතා බහ කළේය.
“ඔයා තෝරපු වෙඩින් සාරියයි, ජුවලරි ටිකයි මම ගත්තා. තව අවශ්‍ය බඩු වගයකුත් එක්ක කාගෝ එකට බාර දුන්නා. දවස් හතර පහකින් විතර ඔයාට බඩු ටික හම්බවේවි. මගේ යාළුවකුගේ නමටයි ඒවා දැම්මේ.” නිමේෂ්් දිනක් තාරුකා සමග ස්කයිප් ඔස්සේ කතාබහක නිරතව සිටින අතරතුර පැවැසුවේය.
“ඔයා ලංකාවට එනකොට ඒවා අරගෙන එන්නේ නැතිව ඇයි නිකරුණේ සල්ලි වියදම් කරන්නේ.” තාරුකා ඊට ප්‍රතිචාර දක්වන්නේ ඒසේය.
“මට සල්ලි නමෛයි ලොකු. සල්ලිවලට වඩා වටින දෙයක් මට ලැබෙනවනේ. ඒක නමෛයි ඔයාට එවන පාර්සලේ ඇතුලේ ඩොලර් පන්දහකුත් දාලයි තියෙන්නේ. වෙඩින් එකේ වැඩවලට එහේ මෙහේ යනකොට වියදමට ගන්න.” නිමේෂ්් එහිදී ඇයට පවසන්නට විය.
දින කිහිපයකට පසු එම බඩු පාර්සලයට අදාළ ලියකියවිලි පිටපත්ද නිමේෂ් ඇයට එවුවේය. ඊට අනුව එහි ඇත්තේ මිලියන ගණනක් වටිනා බඩු තොගයක්ය. ඇයට ඒ ගැන සිතාගන්නටත් බැරිතරම්ය. මේ තමාගේ වාසනාව බව ඇය සිතන්නට වූවාය. මෙතරම් කාලයක් විවාහය ප්‍රමාදවූයේ උරුමක්කාරයා නියමිත වෙලාවට හමුවනතුරු විය හැකි බව ඇය සිතුවාය.
එදා මැයි 16 වැනිදාය. තාරුකාගේ ජංගම දුරකථනයට මලයාසියාවෙන් ඇමතුමක් ආවේය. ඒ කාන්තාවකගෙනි. “මම නිමේෂ්ගේ යාළුවා. ලංකාවේ ඉන්නේ. මැලේසියාවල මම පාවිච්චි කරන ෆෝන් එක රෝමින් දාගෙන මෙහෙ එනකොට අරගෙන ආවා. ඒකයි මැලේසියා නම්බර් එකක් ඔයාගේ ෆෝන් එකේ වැටිලා ඇත්තේ. නිමේෂ් ඔයාට දෙන්න කියල පාර්සලයක් මගේ නමට එව්වා. කස්ටම් එකෙන් මේ පාර්සලේ බේරගන්න හාරලක්ෂ හැත්තෑඅටදහස් හයසිය විස්සක් ඕනේ. මම දන්න කස්ටම් ඔෆිසර් මේ ටිකේ ඩියුටි නැහැ. ඒ නිසා මේ ගාන ගෙවන්න වෙනවා” එම කාන්තාව එක දිගටම පවසන්නට වූවාය. ඒ එම මුදල ඇගෙන් බලාපොරොත්තු වෙමිනි.
එම ඇමතුමෙන් පසු තාරුකාට ඊළඟ ඇමතුම නිමේෂ්ගෙනි. “අපරාදෙනෙ සල්ලි. නිකරුණේ කස්ටම් එකට ගෙවන්න වෙලානේ” තාරුකා පවසන්නට වූවාය.
“එතන ලොකු ගානක බඩු තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. ඔයා කාගෙන් හරි සල්ලි ටික හොයා ගන්න. ඩොලර් පන්දාහක් පාර්සලේ ඇතුළේ තියෙන නිසා ඒක අතට ගත්තු ගමන් සල්ලි මාරු කරල ණය බේරන්න. මගේ යාළුවා ඔයාට තව ටිකකින් කතා කරයි. ඔයාට කොළඹ යන්න විදිහක් නැති නිසා සල්ලි දාන්න එකවුන්ට් නම්බර් එකක් දෙයි. ඒකට සල්ලි දාන්න” ඇයව අස්වසාලමින් නිමේෂ් කීවේය. ඒ කියූ ආකාරයටම නිමේෂ්ගේ මිතුරියගෙන් තාරුකාට යළිත් ඇමතුමක් ආවේය. රේගුවේ යැයි සඳහන් බැංකු ගිණුම් අංකයක් ඇය තාරුකාට දුන්නාය. ඒ හැකි ඉක්මනින් බැංකුවේ මුදල් තැන්පත් කොට ඊට අදාළ රිසිට් පත ෆැක්ස් කරන ලෙසට රේගුවේ ෆැක්ස් අංකයක්ද ලබා දෙමිනි.
විවාහය වෙනුවෙන් වියපැහැදම් කිරීමට දුක් මහන්සියෙන් එකතුකරගත් යම් මුදලක් තාරුකා සතුව තිබුණි. එම මුදලින් කොටසක් ඇය අදාළ බැංකු ගිණුමේ තැන්පත් කළාය. එම රිසිට් පත ෆැක්ස් කරන්නටද පියවර ගත්තාය. ඒ බව නිමේෂල්ගේ මිතුරියට දුරකථන ඇමතුමක් ගෙන පවසන්නටද තාරුකා අමතක නොකළාය.
“දැන් ටයිම් පාස්. හෙට සෙනසුරාදා, අනිද්දා ඉරිදා. ඒ නිසා මුකුත් කරන්න වෙන්නේ නැහැ. සඳුදා උදේම මට කස්ටම් එකට ගිහින් බඩු ටික නිදහස් කරගන්නම්” ඇයගෙන් තාරුකාට ලැබෙන්නේ එවන් පිළිතුරකි.
19 වෙනිදා උදෑසනින්ම තාරුකාට නැවතත් මිතුරියගෙන් ඇමතුමක් ලැබුණි. “මම මේ කස්ටම් එකට යන ගමන්. ඔයාගේ බඩු ටික රිලීස් කරගන්න” ඇය පැවැසුවාය. පැයක් හමාරක් ගිය පසු නැවතත් ඇයගෙන් තාරුකාට ඇමතුමක් ආවේය. “ඔන්න ඔයාගේ පාර්සලේ දැන් තියෙන්නේ මගේ අතේ. ඒකත් අරගෙන මම මාතර එනවා” ඇය පැවැසුවාය.
අනතුරුව ඇය විටෙන් විට එස්.එම්.එස්. පණිවුඩ කිහිපයක්ම තාරුකාට එවුවාය. ඒ “මම දැන් කළුතර ඉන්නේ. හික්කඩුවේ ඉන්නේ, ගාල්ල පහු කළා” ආදී වශයෙනි.
ගාල්ල පසුකළ ඇය පැයක් හමාරක් යන්නට මත්තෙන් මාතරට පැමිණිය යුතු වුවත් ඉන් එහාට ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. දුරකථනය පවා අක්‍රියව ගොස් තිබුණි. ඒ ගැන විමසන්නට තාරුකා නිමේෂ්ට ඇමතුමක් ගත්තද එම දුරකථනයද තිබුණේ ක්‍රියා විරහිතවය. නිමේෂ්ගේ නමින් අන්තර්ජාලයේ තිබුණු ස්කයිප් ලිපිනයද අතුරුදන්ව තිබිණි.
තමා උගුලකට හසුවී ඇති බව තාරුකාට වැටහෙන්නේ එවිටය. මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා මුණගැසෙන්නට ඇය ඉකුත් 21 වෙනිදා යන්නේ ඒ නිසාය. ඇගේ කතාවට ඇහුම්කන් දුන් දේශබන්දු තෙන්නකෝන් මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සමග කතාබස් කොට ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම පවරන්නේ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතාටය.
ජාත්‍යන්තර දුරකථන සම්බන්ධකම් සහ අන්තර්ජාලය යොදාගෙන සියල්ල සිදුවුවත් තාරුකාව රැවටීමකට ලක් කළ අන්තර්ජාල මනාලයාට වැරදුණු එක් තැනක් භාතිය ජයසිංහ මහතා සොයා ගත්තේය. ඒ මුදල් බැංකුගත කිරීමට යොදාගෙන තිබුණ මෙරට බැංකු ගිණුම් අංකයය. පෞද්ගලික බැංකුවකට අයත් ගිණුම් අංකයක් වූ එම ගිණුම පැවතියේ වාලච්ච්ෙන බැංකු ශාඛාවේය.
ගිණුම් හිමියා වූයේ සේරුනුවර ඊචලම්පත්තුව පැත්තේ අයෙකි. යෝගරාජා ජීවේන්ද්‍රන් නම් වූ ඔහු තිස් පස් වියැති අයෙකි. ඒ පුද්ගලයා සොයා භාතිය ජයසිංහ සේරුනුවරට ගියේය. ඒ කොට්ඨාස බුද්ධි අංශයේ ඔහු යටතේ සේවයේ නිරත සැරයන්වරුන් වන ඉඳුනිල්, වසන්ත, සුගතදාස කොස්තාපල්වරුන් වන අබේසිංහ, කුමාර, රංග, සරත්, ආරියවංශ, වීරරත්න සහ කාන්තා සැරයන් දීපා ඇතුළු කණ්ඩායමේ කිහිපදෙනකුද රැගෙනය.
යෝගරාජා ජීවේන්ද්‍රන් යනු එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුගේ සහෝදරයෙකු බව භාතිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් දැනගත්තේ එහි ගිය විටදීය. එල්.ටී.ටී.ඊ.යේ පුහුණකරුවෙකු වූ සහෝදරයා යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වී හොර රහසේ ඕස්ට්‍රේලියාවට පැන ගත් අයෙකි. යෝගරාජා ජිවේන්ද්‍රන්ද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි. 2007 වසර වන විට ඔහු එල්.ටී.ටී.ඊ.යේ මහජන ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් කණ්ඩායම සිවිල් වැසියන් සේ වෙස්වලා ගෙන සේරුනුවර ඊචලම්පත්තුව පැත්තේ දින කිහිපයක් සැරිසරා අවසානයේදී යෝගරාජා ජීවේන්ද්‍රන් අත්අඩංගුවට ගත්තේය. යෝරාජා ජීවේන්ද්‍රන් ඉත්තෙකු පමණක් බවත්, ඔහු මෙහෙයවා ඇත්තේ ඊචලම්පත්තුවේම සිටින ඔහුගේ මිතුරෙකු බවත් අනාවරණය වන්නේ යෝගරාජා ජීවේන්ද්‍රන්ගෙන් කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය.
මිතුරාගේ නම ඉම්බරාසා ඉදයරාජ්ය. විසිපස් වියැති ඔහු කාලයක් මලයාසියාවේ සිටියෙකි. වීසා නොමැතිව මලයාසියාවේ රැඳී සිටි ඔහුව එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බවද පොලිස් කණ්ඩායම සොයා ගත්තේය. ඒ ඔහුවද අත්අඩංගුවට ගනිමිනි. මලයාසියාවේ සිට කාලයක් තිස්සේ හොර රහසේ කෙරෙන සංවිධානාත්මක ජාවාරමක තොරතුරු එකිනෙක හෙළිවන්නේ ඒත් සමගිනි.
ඊට අනුව නිමේෂ් වීරවර්ධන ලෙසින් තාරුකාව විවාහ කරගන්නට අන්තර්ජාලයෙන් පැමිණි මනමාලයාගේ සැබෑ නම එය නොවේ. ජයාහේවගේ නිමේෂ් වීරවර්ධන, ශෙරාඩි විජේනායක, හර්ෂ ඒ.එල්. දිසානායක, ජේ. වික්‍රමසිංහ ආදී නම්වලින් ඔහුට ස්කයිප් හා ඊමේල් ලිපිනයන් රාශියකි. එවන් නම්වලින් ඔහු පෙනී සිටියත් සැබෑ නම වන්නේ පී්‍රති විරාජ්ය.
මහනුවර දිගන පැත්තේ පදිංචිකරුවෙකු වන ඔහුගේ පියා සැබෑ ලෙසම කෘෂිකර්ම උපදේශකවරයෙකි. නමින් ඔහු අප්පදුරේ පුුෂ්පරාසාය. පියා දෙමළ අයෙකු වුවත් මව සිංහලය. පියාගේ වාසගම වෙනුවට ඔහු භාවිත කරන්නේ සිංහල නමකි. මේ අය පවුල් පිටින් මලයාසියාවට ගියේ යැයි සඳහන්ව ඇත්තේ 83 ජූලි කලබලයත් සමගිනි.
විමර්ශනවලින් අනාවරණය වන්නට වූ තොරතුරුවලට අනුව පී්‍රති විරාජ් විවාහකයෙකි. ඔහුට දරුවන්ද සිටී. බිරිඳද දැන් සිටින්නේ මලයාසියාවේය. මේ අය පදිංචිව සිටින්නේ යැයි සඳහන්ව ඇත්තේ මලයාසියාවේ ඇති සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවසකය. නිසි රැකියාවක් නොමැතිව එරට ජීවත් වන ඔවුන් ජීවත් වීමට මුදල් උපයන මාර්ගය බවට පත්කරගෙන ඇත්තේ වංචාවය. ඒ තාරුකාව රැවටූ ආකාරයට මංගල යෝජනා මගින් විවාහ අපේක්ෂිත තරුණියන්ව රවටමිනි. විවිධ නම්වලින් පෙනී සිටින පී්‍රති විරාජ් ඒ සෑම විටකම තම පියා ලෙස හඳුන්වා දෙන්නේ ඔහුගේ සැබෑ පියාවය. තාරුකාට හඳුන්වා දෙන්නේත් ඔහුවමය. රේගුවෙන් පාර්සලය මුදා ගැනීමට යන බව පවසා දුරකථන ඇමතුම් දුන් මිතුරිය පී්‍රති විරාජ්ගේ බිරිඳ කුමාරිහාමිය. ඇය ඒ රැවටීම කරන්නේ මලයාසියාවේ රැඳී සිටිමිනි.
ජංගම දුරකථන තිහ හතළිහක් භාවිත කරමින් මේ අය මේ වංචාවට මුලදී මෙරට ඇති තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් යොදා ගත්තද පසුව හිතවතුන්ගේ බැංකු ගිණුම් යොදා ගැනීමට වගබලා ගෙන ඇත. ඉම්බරාසා මෙම ජාවාරමට සම්බන්ධ වන්නේ ඔහු කාලයක් මලයාසියාවේ රැඳී සිටි බැවිනි. ඔහුගේ ගිණුමට අවස්ථා කිහිපයකදී ලක්ෂ දෙක, තුන, පහ ආදී වශයෙන් මුදල් බැරවී ඇති බවද භාතිය ජයසිංහ ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේය. ඒ මුදල් නැවත බැර වන්නේ මලයාසියාවේ බැංකු ගිණුමකටය. ඒ අප්පදුරේ පුෂ්පරාජාගේ ගිණුමකටය.
මතෛක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ 2010 වසරේ සිට මෙම ජාවාරමේ මේ අය නිරතව සිටින බවය. ඒ කාලය තුළ මොවුන්ට රැවටී ඇති විවාහ අපේක්ෂිත තරුණියන් ගණන සිය ගණනක් විය හැකි බව භාතිය ජයසිංහ ඇතුළු විමර්ශකයන්ගේ විශ්වාසයය. ඒ බව ජාවාරම්කරුවන් මේ සඳහා යොදාගත් දැනට අනාවරණය වී ඇති බැංකු ගිණුම් රැසක් පරීක්ෂාවේදී පෙනී ගොස් හමාරය. ලැජ්ජාවත් බියත් නිසා ඒ ගැන මතෛක් කිසිදු පොලීසියකට පැමිණිලි නොකළ තරුණියන්ද සිටින බව පොලීසියේ විශ්වාසයයි. එවැනි පැමිණිලි ඇත්නම් 011-3182943 දුරකථන අංකයෙන් ඒ බව මාතර කොට්ඨාස බුද්ධි අංශයට පැවැසීමට එම තරුණියන්ට දැන් අවකාශයද හිමිවී තිබේ.
මලයාසියාවේ රැඳී සිටින පී්‍රති විරාජ් ඇතුළු ඒ වංචාකාර පවුල මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය පැතීම වඩාත් පහසුවන්නේ වැඩි වශයෙන් ඒ අයට එරෙහිව තොරතුරු ලැබෙන තරමටය. එබැවින් මෙම අන්තර්ජාල මනමාලයාගේ වංචාවට හසුවූ කාන්තාවන් එම දුරකථන අංකයට අමතා තොරතුරු ලබාදෙනු ඇතැයි භාතිය ජයසිංහ මහතා ඇතුළු විමර්ශකයන්ගේ අපේක්ෂාවයි.
ගයාන් කුමාර වීරසිංහ

0 comments:
Post a Comment