facebook like

දෙමළ ජනතාව සිංහල උගත යුතුයි ---- ඉන්දියාව

යාපනයේ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට වහාම පෙළඹිය යුතු යැයි යාපනයේ සිටින වැඩ බලන නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්ඩී මූර්ති ප්‍රකාශ කරයි.

යාපනයේ වැසියන් සහභාගි වූ උළෙලකදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා, යුද්ධයෙන් අනතුරුව උතුරේ ජාතීන් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරවීම පිණිස රටේ මවු භාෂාව ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වන බව සඳහන් කළේය.

ඉන්දියාවේ වැසියන්ගෙන් සියයට පණහකටම ඉන්දීය මවු භාෂාව වන හින්දි භාෂාව පිළිබඳව දැනීමක් ඇති බව පෙන්වා දෙන ඔහු, එලෙසින්ම ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම උතුරු පළාතේ වැසියන්ටද රටේ මවු භාෂාව ගැන අවබෝධයක් ඇති වන්නේ නම් සියලු කටයුතු පහසු වන බවද පැවසීය.

සිංහල භාෂාව ඉගෙන ගැනීමට යාපනයේ වැසියන් උනන්දුවක් දක්වන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජයට හැකියාව තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් යාපනයේ දෙමළ භාෂාව කථා කරණ සුලු පිරිස පමණක් නොව දිවයිනේ සිටින සියලුම දෙමළ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගත යුතු බවයි, යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම සිංහල වැසියන් දෙමළ භාෂාව ඉගෙනීමෙහිද එවැනිම වදගත් කමක් ඇති බව ඔහු සඳහන් කළේය.

සිංහල වැසියන් දෙමළ භාෂාවත් දෙමළ වැසියන් සිංහල භාෂාවත් ඉගෙනීම තුළින් සියලු දෙනාගේම රාජකාරි කටයුතු මෙන්ම සියලු කටයුතු පහසු වනවා මෙන්ම ජාතීන් අතර සුහදතාවය වර්ධනය වීමටද එය හේතුවක් වන බව කථිකාචාර්ය සාමිනාදන් විමල් වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive