facebook like

ස්‌ත්‍රියකගේ දෙතොල පවසන රහස්‌

හොඳට හා නරකට යන දෙකටම යොදා ගන්නා කට වැසී ඇති තොල් සඟල දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැඩි අවධානයකට බඳුන් වූ අංගයකි. මන්ද ඕනෑම පුද්ගලයකුගේ මුහුණෙන් දෘෂ්‍යමාන වන අංග අතරින් කැපී පෙනෙන අංගය තොල වීමයි.

තොල් සඟල මගින් එම පුද්ගලයා හොඳ පුද්ගලයෙක්‌ද, නරක පුද්ගලයෙක්‌ද, ඇය කාමාධිකද, වංචාකාරීද, නපුරුද යන මෙකී නොකී බොහෝ කරුණු අනාවරණය කර ගත හැක. එයින් එම තැනැත්තිය තමා වෙත කොතරම් ළංකර ගත යුතුද ඈත් කර තැබිය යුතු ද යන්න සොයාගත හැක.

ස්‌ත්‍රියකගේ දෙතොල කවීන්, විද්වතුන්, ලේඛකයන් ගීත රචකයන් වර්ණනාත්මක මුඛයෙන් කථා කළ ද, ලියුවද ස්‌ත්‍රියකගේ දෙතොල මගින් සුබ මෙන්ම අශුභ ගතිද පෙන්නුම් කරන බව පුරාණයේ විසූ සෘෂිවරු වදාරා ඇත.

ස්‌ත්‍රී දෙතොලෙන් කියවෙන අනාවැකි මෙසේයි.

1. පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්‌ත්‍රිය,

මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ඊර්ෂ්‍යා කරන, කටමැතකම් දොඩවන, පොහොසත්ව සිටියත් දිළිඳු වන, කටකාර, සමාජයේ අවඥවට පත්වන ගෙදර නිතර දබර කරන, පර පුරුෂයන් ආදරය කරන, දරුවන්ට හා තම සැමියාට ආදරය නොකරන, බොහෝ දුදන ගති වැඩි ස්‌ත්‍රියකි.

2. තොල් කලු පාටට පිහිටි ස්‌ත්‍රිය ගැන දැනගනිමු.

මැය වූ කලී ලද දෙයින් සතුටු නොවන, අනුන්ගේ සිත් රිදවන වචන කියන, නරක පහත් වචන කතා කරන, පහත් වැඩ කරන, සැමියාට නිතර කරදර කරන වදක භාර්යාවකි. බොහෝවිට මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියා මිය ගොස්‌ හෝ අතහැර ගොස්‌ ඇත.

3. මීයෙකුගේ මෙන් උල් වූ තොල් ඇති ස්‌ත්‍රිය,

මෙවන් ස්‌ත්‍රීන් රාගාධිකය. ඊර්ෂියා සහිතය. නිතර පිළිගැනීමට සිතයි, කෝපවීම මැයගේ පුරුද්දයි. නමුත් එම ගතිය සඟවා තබාගනී. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිළිඳු වී විනාශ වී යයි.

4. උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්‌ත්‍රිය,

මෙවන් ස්‌ත්‍රීන් කෝලහලයට බරය, කථා කිරීමේදී වචන අපහැදිලිය, කෘරය, චපලය, නිසරු දේ කතා කරයි, තම සැමියාට ආදරය නැත. කාමුක ගතිය වැඩිය, ආගම දහම ගණන් නොගනී.

5. වටකුරුව රතු පැහැතිව පිහිටි තොල් හිමි ස්‌ත්‍රිය,

මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. තම සැමියාට ගෞරව කරයි, බොහෝ ගුණගරුකය, ආගම දහමට ලැදි ස්‌ත්‍රියකි.

6. තොල් දෙකම උස්‌ව පිහිටියේ නම්

මෙවන් ස්‌ත්‍රීන් රහසිගත ක්‍රියාවලට දක්‍ෂය, සූක්‍ෂම ලෙස තම සතුරන්ගෙන් පළිගනී, තවද මොවුන් තම සැමියාට ද කරදර කරයි.

7. තොල් මහත්ව පිහිටන ස්‌ත්‍රිය,

මොවුන්ට ජීවිතයේ අපමණ දුක්‌ විඳීමට සිදුවේ. කරදර එකපිට එක පැමිණේ, දිළිඳු ජීවිතයක්‌ ගත කරන අයෙකි.

8. යටි තොල මස්‌ රහිතව රළුව එල්ලේ නම්,

මෙවන් ස්‌ත්‍රීන්ට පෙර සසරේ කළ පව් එලව එලවා පලදේ. දුර්භාග්‍යවන්ත ජීවිතයක්‌ ගත කරයි.

9. රේඛාවක්‌ සහිත ඉතා ලස්‌සන සිනිඳු තොල් සහිත නම්,

මෙවන් ස්‌ත්‍රීන් යස ඉසුරු පිරි ජීවිතයක්‌ ගත කරයි. දනට පිනට ඉතා ලැදිය. උසස්‌ තනතුරු ලබන, ගෞරවය, ප්‍රසංසාව ලබන, වාසනාවන්ත විවාහයක්‌ හිමි නිතර ඉඟි බිඟි පාමින් තම සැමියා තමා වෙත ඇද බැඳ තබා ගන්නා, කරුණාවන්ත අයෙකි.

10. උඩු තොල සිනිඳු සිහින් වීම

මෙවන් ස්‌ත්‍රීන්ට දුර දක්‌නා නුවන ඇත. කෙසේ හෝ ධනය ලබයි. යස ඉසුරු පිරි යුග දිවියක්‌ ඇත. යුක්‌තිගරුකය, ධනය රැස්‌ කරයි, අනුන්ගේ උදව් උපකාර ලබයි. මොවුන්ගේ විවාහය උසස්‌ බුද්ධිමතකු හා සිදුවේ.

11. උඩු තොලෙහි රෝම පිහිටීම,

මොවුන් දැන උගත් මුත් එයින් ප්‍රයෝජන නොලබයි. බොහෝ චිත්ත පීඩාවන්ට ලක්‌වේ. හදවතට එකඟව වැඩ කරයි. නමුත් මොවුන් මුළු ජීවිත කාලයේදීම විවිධ ගැටලුවලට මුහුණපායි.

12. දුර්වර්ණ වූත්, මහත් වූත් තොල් ඇති ස්‌ත්‍රිය

මොවුන්ට ජීවිතයේ දුක්‌ කම්කටලු ඇති වේ, තම සැමියාට නිතර කරදර කරයි, රාගික අයෙකි. තම සැමියාව මානසිකව වට්‌ටයි

13. සිනිඳු රත් පැහැති දෙතොලින් යුතු ස්‌ත්‍රිය,

මොවුන් විවිධ චාරිත්‍ර අගයයි, සමාජයෙන් ගරු බුහුමන් ලබයි, උසස්‌ තනතුරුවල වැඩ කිරීමට භාග්‍ය හිමි අය වේ.

ජ්‍යෝතීෂවේදිනී, මංජුලා පල්ලෙබැද්ද

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive