facebook like

ෆේස්බුක් පෙම නිසා වස බී තරුණියගේ දෙපා මුල මියගිය තරුණයා

මුහුණුපොත එහෙමත් නැත්නම් ෆේස්බුක් නිසා මේ වනවිට සමාජයේ ප්‍රශ්න රාශියක් ඇති වී හමාරයි. වෙනත් රටවල් වල විතරක් නෙවෙයි අපේ රටේත් මේ වෙනකොට ෆේස්බුක් නිසා මිය ගිය අය බොහොමයක් වාර්තා වෙලා තියෙනවා. තවත් ඒ වගේම සිදුවීමක් තමයි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්..

යහලුවන් විදියට හඳුනාගත්ත බැංකු නිලධාරිනියක් සමගින් පුරා වසර 06ක පෙම් සම්බන්ධතාවක් පැවැත්වූ මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයෙක් පෙම්වතියගේ නිවසටම පැමිණ රසායනික ද්‍රව්‍යයක් පානය කර මියයෑමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.


තරුණියගේ නිවසට මේ තරුණයා ඉකුත් අගෝස්තු මස 29 වැනි දින පැමිණ  ඇති අතර එහි නාන කාමරය තුළට ගොස් ඔහු මෙසේ රසායන මිලි ලීටර් 120ක් පානය කිරීමෙන් පසු බරපතළ ලෙස රෝගාතූර වී දින 19ක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත. එසේ සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම ව්‍යාපාරිකයා විපුල කුමාර ඇල්විටගල නම් වූ වයස 29ක පුද්ගලයෙකි.

අනුරාධපුර කැකිරාව නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සේවයේ කරන බැංකු නිලධාරිනියක් වන නිමානි හිරුණිකා නම් තරුණිය  අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේ දී අදාල තරුණයා හා ඔවුන්ගේ පෙම් සම්බන්ධතාව පිළිබඳ සාක්කි ලබාදුන් අතර ඇය එහිදී මෙසේ පවසා ඇත.

‘‘2009 වසරේ අන්තර් ජාලයෙන් (මුහුණු පොතින්) මා මියගිය අය හඳුනා ගත්තා. ඉන්පසු අප දෙදෙනාට දෙපාර්ශවයේම කැමැත්ත ද ලැබුණා. ඔහු මාස දෙකකට පමණ වරක් මාගේ නිවෙසට ආවා ගියා. මා බැංකු නිලධාරිනියක් වශයෙන් සේවය කරන නිසා සුහද හමුවලට සහ හිතමිතුරන්ගේ සාදවලට සහභාගී වීමට සිදුවුණා. ඔහු ඒ සඳහා මා හට විවිධ තහංචි පනවනු ලැබුවා. අපේ හඳහන් ද නොගැලපීම නිසා මා ආදර සම්බන්ධතාව නැවැත්වූවා.

අගෝස්තු මස 29 වැනිදා 01.45 ට පමණ විපුල කුමාර පයින්ම අපගේ නිවෙසට පැමිණියා. පැමිණ මාත් අම්මාත් සමඟ කතා කළා. නැවත රණ්ඩු කිරීමට අවශ්‍ය නැහැ කියා කිවුවා. අපගේ සම්බන්ධය නොනවත්වන ලෙස ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලා ගෙන ඉන් භාගයක් පානය කර ඉතුරු වතුර ටික ඔලුවේ හලා ගත්තා.

ඉන්පසු දිය නැම සඳහා තුවායක් ද ඉල්ලා ගෙන නාන කාමරයට ගොස් දොර වසා ගත්තා. ටික වේලාවකින් නාන කාමරයේ වීදුරුවක් කැඩෙන හඩ ඇහුනා. අපි කලබල වී නාන කාමරයේ දොර ඇර බලද්දී ඔහුගේ කට වටේ සුදුපාට පෙන වගේ තිබුණා.

ඔහු මට කතා කර ඔයාගේ දෙපාමුල මැරෙන්න ඕනේ කියා කිවුවා. මම විපුල කුමාරව දෑතින් අල්ලා ගත්තා. අසැල්වැසි වෛද්‍යවරයකු සහ අසැල්වැසියන් සමඟ එක්වී ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළා.‘‘

මියගිය තරුණයා විසින් සිය ප්‍රේමවන්තියට ලියු පිටු 14 කින් යුතු සවිස්තරාත්මක ලිපියක් ද පොලීසිය මඟින් පොලිස් භාරයට ගෙන මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive