facebook like

මාත‍ලේ වලව්වේ නදීෂාගේ ඝාතකයා නරියෙක් තරම් කපටියෙක්

වනාන්තරයක තිබි අස්ථි කොටසක් හමු වුවහොත් ඒ පිළිබඳ දැඩි පරීක්ෂණ ආරම්භ කරන ‍පොලීසිය වැඩි දිනක් ඉක්ම යාමට පෙර එහි සියලුම පසුබිම් තොරතුරු අනාවරණය කර ගනී. අස්ථි කොටස හිමි පිරිමියෙකුටද ගැහැනියකටද යන වෛද්‍යමය පර්යේෂණාත්මක කරුණු පමණක් නොව, වයස, මියගිය හේතුව පවා හෙළි කර ගෙන අපරාධයක් නම්, අපරාධකරු නීතියේ රැහැනට කොටු කරති. ශ්‍රී ලංකා ‍පොලීසිය අති දක්ෂ පර්යේෂකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් වන්නේ එබැවිනි.
එහෙත් උපාධි අපේක්ෂිකාවක වූ මාත‍ලේ වරාපිටියේ ලලනි නදීෂා වරාපිටිය නැමැති රූමත් පිරිපුන් යෞවනියගේ අබිරහස් ඝාතනය අදටත් නොවිසඳුන අපරාධයකි. ඇය ඝාතනයට ලක්වී අදට (16) දින 23ක් සම්පූර්ණ වෙයි.
මෙම තරුණිය ඝාතනයට ලක්වූයේ නුපුරුදු ස්ථානයකදී නම් ඝාතකයන් නීතියේ රැහැනට කොටු කර ගන්නට මෙතරම් කාලයක් ගතවීම සම්බන්ධයෙන් ඒ හැටි කුතුහලයක් මතු වන්නේ නැත. නමුත් ලලනී නදීෂා මෙනෙවිය ඝාතනය වූයේ ඇය ඉපදී හැදුන වැඩුන නිවස (වලව්ව) තුළදීය. යාබද නිදි ඇඳේ සිය මව නිදා සිටියදීම ඇය ඝාතනයට ලක්වී තිබිණ. එපමණක් නොව, ඇයට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් නිවසේ සාලයේ සහ කාමරවල නිදා සිටියදී ලලනී ඝාතනයට ලක්විය. ලොකු අම්මා, අලුත ගෙනා මනමාලි ඇතුළු තවත් අය නිවසේ සිටියදී සිදු වූ මෙම බිහිසුණු ඝාතනයේ මිනීමරුවන් අදටත් සොයා ගන්නට නොහැකි වීම තුළ ජනතාවට මතුවන සැකය හා කුතුහලය මෙතැකැයි කිව නොහැකි තරම්ය.
උපාධි අපේක්ෂිකා ලලනී නදීෂා වරාපිටිය ඝාතනයට ලක්වූ මෙම වලව්වේ වටපිටාව ඇගේ මරණය හා තදින් සම්බන්ධකම් පවත්වනු ලැබේ. මෙම වලව්ව වසර සියයක් තරම් පැරණි ගෘහයකි. එහි ජනේල අඩු බැවින් ගෘහයේ ඇතැම් කොටස් දිවා කල වුවත් පවතින්නේ අඳුරු ස්වභාවයකයි. පැරණි ගොඩනැගිල්ලකට වරින්වර අලුතින් කොටස් එකතු කිරීම හේතුවෙන් පෞරාණික වලව්ව කිසියම් අද්භූත බවක් උසුලයි. ඉදිරි දොර හා පැති දොරවල් කීපයක්ද මෙම වලව්ව තුළ දකින්නට ලැබේ. වලව්වට ඇතුළු වන ප්‍රධාන දොර සම්බන්ධ වී ඇත්තේ ස්තෝප්පුවේ බිත්තියටය. ස්තෝප්පුව දෙපැත්තේ කාමර දෙකකි.
ස්තෝප්පුවේ සිට පිවිසෙන්නේ සාලයටයි. එහි එක් කාමරයක් පරිහරණය කරනු ලැබුවේ ඝාතනයට ලක්වූ ලලනී නදීෂාය. ඇගේ ඇඳට නුදුරින් ඇගේ මව නිදා ගන්නා ඇඳ යොදා තිබේ. සාලයෙන් පිටුපස ගබඩා කාමරයක් වැනි කොටසක් පිහිටා තිබේ. එහි ශීතකරණයක් ද තබා ඇත. ලලනී නදීෂා ඝාතනය වූයේ මැයි 25 වැනිදා අලුයම් කාලයේදී බව පැවැසේ. එම කාලය නිශ්චිතව හඳුනාගන්නට විවිධ පැති ඔස්සේ  පරීක්ෂණ සිදු කෙරේ. මැයි 24 වැනිදා දහවල් මෙම වලව්වේ මංගල්‍යයක් පැවැත්විණි. ලලනී නදීෂාගේ ලොකු අයියාගේ විවාහ මංගල්‍යය මෙදින සිදුකෙරිණි.
මංගල කටයුතු නිමා වීමෙන් පසු රාත්‍රියේ ලලනී නදීෂා ඇතුළු ඇගේ සොහොයුරන් හා මව නිදන්නට සූදානම් වූහ. මෙදින රැයේ ලලනී ප්‍රමාණවත් ආහාරයක් ගත්තාදැයි සැක සහිතය. දිවා ආහාරයෙන් තෘප්තිමත් වූ ඇය දැඩි තෙහෙට්ටුව හේතුවෙන් ඉතා සුළු ආහාරයක් ගෙන රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී නිදා ගන්නට  ඇතැයි වෛද්‍ය පරීක්ෂණ අනුව සැක කෙරේ.
ලලනී නදීෂාගේ එක් සොහොයුරෙක් සාලයේ පැදුරක් දමා ගෙන නින්දට වැටී ඇත. ඊට යාබද කාපට් එක මත විවාහ වූ වැඩිමහල් සොහොයුරාගේ මිත්‍රයා නිදා සිටි බව කියති. පැදුර දමාගෙන නිදා සිටි සොහොයුරාගේ විවාහක බිරිඳ සහ දරුවා නිදා සිටියේ ස්තෝප්පුවේ කාමරයකය. අනෙක් කාමරයේ එදින විවාහ පත්වූ නව යුවළ නිදා ගත් බව කියති.
Mathale-Muder1මෙදින රාත්‍රී 10.50ට නිවසට ඇතුළු වන ස්තෝප්පුවේ පිහිටි ප්‍රධාන දොරට අගුලු දැමූ බව එදින විවාහ වූ වැඩිමහල් සොහොයුරා ‍පොලීසියට පවසා තිබේ. විවාහ මංගල්‍යය හේතුවෙන් නිවසේ තිබූ අනවශ්‍ය භාණ්ඩ අසුරා තිබුණේ සාලයේ පිහිටි නදීෂාගේ කාමරයේය. ‘වෙඩින් කේක්’ ප්‍රමාණයක්ද එහි ස්ථානයක තිබිණ. කාමරයේ දොර ආසන්නයේම ලලනී නදීෂා නිදන ඇඳ තිබිණ. ඇය සිය දෙපා දමා තිබුණේ දොර දෙසටය. නදීෂාගේ ඇඳට මදුරු දැලක් තිබූ අතර අපරාධය සිදු වූ දින මදුරු දැල ඉතා පිළිවෙළට අකුලා ගැටයක් ගසා තිබෙනු දකින්නට ලැබිණ.
නදීෂා නිදා සිටි ඇඳේ කොට්ට දෙකක් තිබිණ. මෙම කොට්ට දෙක එකට යාව දෙපසට තබා ගැනීම නදීෂාගේ පුරුද්ද වුවත් ඇය ඝාතනය කිරීමෙන් පසු කොට්ට දෙක ඈත්කර තිබිණි. නමුත් කොට්ට දෙක යළි එකට යාව තැබූ විට හිස තබා සිටි කොට්ටයේ තිබූ ‍ලේ පැල්ලමේ ඉතිරි කොටස අනෙක් කොට්ටයේ තිබූ ‍ලේ සලකුණට මනාව සම්බන්ධ විය. කොට්ට දෙක එකට සම්බන්ධ කළ විට එය එකම ‍ලේ පැල්ලමක් බව පරීක්ෂකයන්ට පෙනුණි. මෙය අපරාධකරු විසින් කෘත්‍රිම ලෙස වෙන් කරන ලද්දක් විය හැකි බවට නිගමනය කෙරුනද ලලනී නදීෂාගේ ලොකු අම්මා පවසා ඇත්තේ අතුරුදන් වූ නදීෂාගේ ජංගම දුරකථනය සොයා බැලීම සඳහා කොට්ට දෙක එහා මෙහා කළ බවකි.
මෙම වලව්වට මීටර් සියයක් පමණ නුදුරින් පාලු ඉඩමක් තිබේ. එහි තරමක නිවසක්ද ඉදිකර ඇති අතර කිසිවෙක් එහි පදිංචි නැත. එහි අයිතිකරුවන් සිටින්නේ වෙනත් ප්‍රදේශයකය. එම ඉඩමේ තැනක තිබි ලලනී නදීෂාගේ සිරුර පවු‍ලේ අය විසින් මැයි 25 වැනිදා උදෑසන 6.30ට පමණ සොයා ගනු ලැබූහ. ගමේ මිනිසුන් ප්‍රධාන මාර්ගයට මෙම ඉඩම මැදින් ගමන් කිරීම හේතුවෙන් අඩි පාරක් ඇති වී තිබේ. මෙම අඩි පාර අයිනේ ලලනී නදීෂාගේ නිරුවත් සිරුර දමා තිබිණි. ඒ අසල හිසෙන් දමා අඳින අත් කොට බ්ලවුස් එකක් සහ තරුණියන් රාත්‍රියට අඳින සැහැල්ලු සායක් වැනි කලිසමක්ද විය. බ්ලවුසය පපුව පැත්තෙන් ඇද ඉරා දමා තිබූ අතර ගුලිකර තිබූ මෙම වස්ත්‍ර වතුරෙන් පෙඟී තිබිණ.
ලලනී නදීෂාගේ සිරුර දමා තිබූ ආකාරය අනුව ඇය දූෂණයට ලක්වී තිබෙන බවක් පෙන්නුම් කෙරින.
වලව්වේ සිට මෙම ස්ථානයට ඇගේ සිරුර රැගෙන යා යුතුව තිබූ මාර්ගය වැටී තිබුණේ නියර දිගට බැඳ තිබූ අඟල් 6ක් පමණ පළල බැම්මක් මතින්ය. රාත්‍රියේ සිරුරකුත් ඔසවා ගෙන කොන්ක්‍රීට් බැම්ම උඩ ගමන් කිරීම රේල් පීල්ලක් උඩ ගමන් ගැනීමක් හා සමාන අසීරු කාරණයකි. එබැවින් ඇළට බැස ඇගේ සිරුර වතුරට දමා ඇදගෙන එන්නට ඇතැයි සැක කෙරේ. ඇගේ වස්ත්‍ර පෙඟී ඇත්තේ ඒ නිසා යැයි විශ්වාස කරන අතර සිරුරේ සීරීම් තුවාල දකින්නට නොලැබිම විශේෂත්වයක් විය.
සිය දියණිය සමග නිදා ගන්නට ගිය මව රාත්‍රී 1-2ත් අතර කාලයේදී කකුලක කෙණ්ඩ පෙරළීමෙන් අවදි වී තිබේ. මවගේ කෙඳිරිල්ලට අවදි වූ ලලනී නදීෂා වේදනා නාශක බාම් වර්ගයක් මවගේ කකු‍ලේ අතගා පසුව දෙදෙනාම නිවස පිටුපස දොර හැර ගෙන වැසිකිළියට ගොස් ඇත. මේ බව පවසන්නේ ලලනී නදීෂාගේ මවයි. යළි පැමිණ දෙදෙනාම නින්දට වැටී ඇත. පාන්දර 5ට අවදි වූ ලලනී නදීෂාගේ මව සිය දියණිය ඇඳේ නැති බව දැක කෑ ගසන්නට පටන් ගෙන තිබේ.
කෑගසන්නට තරම් එක්වරම ඇගේ සිතට ඇතුළු වූ සැකය කුමක්දැයි මතෛක් අනාවරණය වී නැත. අලුයම අවදි වූ ලලනී වැසිකිළියට ගියාද නැත්නම් මුළුතැන්ගෙයිද කියා විපරමක් සිදුකර නැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වලව්වේ එදින අවම වශයෙන් අට දෙනෙක් විසූ බවට තොරතුරු හෙළිවෙයි. ඉස්තෝප්පුවෙන් සාලයට ඇතුළු වන දොර රාත්‍රී 10.50ට වැසූ බව විවාහ වූ සොයුරා පවසා ඇතත් අලුයම මවගේ කෑගැසිල්ල ඇසී නිවසට යන්නට දොරට අත තබද්දී එය ඉබේම විවර වී තිබේ. එදින මෙම නිවසේ ලලනී නදීෂාගේ ලොකු අම්මාද විසූ බව පැවැසෙන නමුත් රාත්‍රියේ ඇය සිටියේ කා සමගද යන්න මතෛක් නිශ්චිතව අනාවරණය වී ඇත.
 මාත‍ලේ ‍පොලීසියට මෙම අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ උදෑසන 6ට පමණය. මේ අතර ලලනී නදීෂාගේ සොයුරන් නැගණිය සොයා අවට විපරම් කළ අවස්ථාවේ එක් සොහොයුරෙක් ඇළේ වැටී තිබූ නැගණිය ‍පොරවා ගෙන සිටි රෙද්ද සොයා ගෙන ඇත. ඔහු එය ඇළේ තිබි රැගෙන එන්නේ කෝටුවක ආධාරයෙනි.
අපරාධකරුවා කපටියෙක් බව පෙනේ. ‍පොලීසිය සිදුකරනු ඇතැයි විශ්වාස කරන පරීක්ෂණ අවුල් කරන්නට හෝ ‍පොලීසිය නොමග යවන්නට මොහුට සෑහෙන දැනුමක් තිබෙන බව ඉතා පැහැදිලිය.
ඝාතනය කරනු ලැබූ ලලනී නදීෂා මෙනෙවියගේ මළ සිරුර උදෑසන 6.30 පමණ වන විට සොයා ගැනුණද සිරුර පිළිබඳ වඩාත් වැදගත් හෝඩුවාවන් රැස් කර ගැනීමට නිලධාරීන් පැමිණ ඇත්තේ දහවල් 1ට පමණය.
මෙවැනි අබිරහස් ඝාතනයකින් පසු සිරුර සොයා ගන්නා විට එහි පවතින   උෂ්ණත්වය මැන බැලීමෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කරගත හැකිය. එහි ප්‍රධානම ඔත්තුව වන්නේ ඝාතනයට ලක්වූ ආසන්නම කාලය නිගමනය කිරීමයි. නමුත් ‍පොතපතින් අපරාධ පිළිබඳ             විශේෂඥයින් ලබාගත් දැනුම මිස මාත‍ලේ පළාත සඳහා එවැනි උෂ්ණත්ව මාපකයක් තිබි නැත. මළ සිරුරේ සිසිල් වීම මැන බැලීමේ උපකරණයක් තිබිණි නම් ලබා දුන් කටඋත්තරවල පරස්පරතාව සොයා ගැනීමට ‍පොලීසියට හැකියාව ලැබේ. එතැනින්ද ඝාතකයා රිංගා ගියේය.
කෙසේ වෙතත් මළ සිරුරේ වැලමිට උරහිස් සහ ඇඟිලි දර දඬුවීම හා පසුව ලිහිල් වන්නට පටන් ගැනීමේ කාලය අපරාධ පිළිබඳ විශේෂඥයන්ගේ අවධානයට ලක් විය. ඒ අනුව ලලනී නදීෂාගේ ඝාතනය වී ඇත්තේ විශේෂඥවරුන් මළ සිරුර අසලට පැමිණෙන්නට පැය 10කට 12කට පමණ පෙර බව අනාවරණය විය. එනම් 25 වැනිදා අලුයම 2ට පමණ මෙම ඝාතනය සිදුවන්නට බොහෝදුරට ඉඩ ඇති බව සැක කෙරේ.
ලලනී නදීෂා සිය මව සමග රාත්‍රී දෙකට පමණ වැසිකිළියට ගොස් තිබෙන බවට සාක්ෂි තිබේ. එම කටයුතුවලට පැය භාගයක පමණ කාලයක් ගත වී ඇත. පසුව යහනට පැමිණි තමන්ට තදින් නින්ද ගිය බව ලලනීගේ මව පවසයි. ඇයට නිදිපෙති ලබාදීමක් හෝ සිහි විසඥ කිරීමක් සිදුකළේ නම් අලුයම 5ට ඇයට පියවි සිහිය නොලැබෙන බව වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතයයි. අලුයම 2 සිට 5 දක්වා වූ කාලය මෙම සිද්ධියේදී දැඩි ලෙස සැක කටයුතු කාලයක් බව අපරාධ පරීක්ෂකවරුන් කල්පනා කරති.
ලලනී නදීෂා එදින රැයේ මදුරු දැල ඇඳට දැම්මාද නැද්ද යන අතිශය වැදගත් ප්‍රශ්නයට අද වෙනතුරු පැහැදිලි උත්තරයක් නැත. කාමරය තුළදී මෙම අපරාධය සිදුවිණි නම් ඝාතකයා ඇගේ දෙපා පසුකරගෙන හිස අසලට පැමිණ ඇත. එම අවස්ථාවේ ඇය ඇඳේ වම්පසට හැරී නිදමින් සිටි බව අනාවරණය වෙයි. මොට ආයුධයෙන් ඇගේ හිසේ දකුණු පසට දැඩි පහරක් එල්ල වෙද්දී හඬක් අනිවාර්යයෙන් නැගෙන බවත්, ලලනී නදීෂාගේ මුවින්ද හඬක් නිසැකව පිටවන බවත් වෛද්‍ය විශේෂඥ මතයයි. එම පහරින් ඇය ක්ෂණික මරණයකට පත්වී නැත. අඩුම තරමේ පැය භාගයක් පමණ සිහි විසඥව සිටි බව වෛද්‍ය විශේෂඥ මතයයි. එහෙත් ඇයට කිසිදු ප්‍රතිවිරෝධතාවක් දැක්වීමට නුපුළුවන. වැඩුණු කඩවසම් දේහයක් හිමි වී තිබූ ලලනී නදීෂා අඩි 5යි අඟල් 4ක් පමණ උසැතිය. ඇගේ බර කිලෝ ග්‍රෑම් 55ක් පමණ වේ. කාමරයේ සිට ඇය ඔසවාගෙන යාමට එක් පුද්ගලයෙකුට හැකි වුවත් දෙදෙනකු එම කාර්යයට සම්බන්ධ වන්නට ඇතැයි යන සැකයද බැහැර කළ නොහැකිය.
ඝාතකයා ලලනි නදීෂා ඝාතනය කරන්නට ඇගේ කාමරයට ඇතුළු වූවා නම් එම අවස්ථාවේ මුළු කාමරයම පවතින්නේ දැඩි අඳුරේ ය. එම අවස්ථාවේදී තමන්ගේ ඉලක්කය සපුරා ගන්නට ඝතකයා කාමරයේ විදුලි බුබුළ හෝ විදුලි පන්දමක් දැල්විය යුතුමය. එසේ නොමැතිව ලලනිගේ හිසට ඉලක්කයක් ගන්න අපහසුය.
කිලෝ 55ක් බර ලලනිගේ සිරුර ඔසවා ගනිද්දී ඇය නිදා සිටින ඇඳෙන් හෝ වෙනත් ක්‍රමයකින් කිසිදු හඬක් නොනැගීම විශ්වාස කිරීම අපහසුය. ඔසවා ගත් ඇගේ සිරුරද රැගෙන ඝාතකයා පිවිසෙන්නේ සාලයටයි. සාලයේ ලලනිගේ ‍පොඩි අයියා සහ විවාහපත් වූ ලොකු අයියාගේ මිතුරා නිදා සිටියහ. සිරුරද ඔසවා ගෙන වසා තිබූ ප්‍රධාන දොර විවෘත කරන විට එම පරිසරය තුළ යම් යම් හඬ නැගෙන්නට බොහෝ ඉඩ තිබේ. එහෙත් කාටවත් ඒ කිසිවක් ඇසී නැත.
අපරාධය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ මාත‍ලේ ‍පොලීසිය විසින් සහය සඳහා කැටුව ආ ‍පොලිස් නිල සුනඛයාට කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. එයින් ගම්‍ය වන්නේ අපරාධකරුවාගේ සුවඳ නිවස පුරා පැවැතීම යැයි සැක කෙරේ.
දොර උළුවස්සේ තිබි හමු වූ සලකුණ ‍ලේ සලකුණක් නොවන බව අනාවරණය වී තිබේ. එය ‘‍පොලිෂ්’ සලකුණකි. ලලනි නදීෂා හිස තැබූ කොට්ටයේ තැවරුන ‍ලේ පැල්ලමට අමතරව ‍ලේ බින්දු දෙකක් හමුවී ඇත්තේ නිවසින් පිටතට පැමිණෙන සිමෙන්ති පඩියක හා කොස් කොළයක තිබිය.
ඇය නිදා සිටි ඇඳේ ඇඳ රෙද්ද අවුල් වී තිබි නැත. එහෙත් ඇගේ දෙපා අසලින් ඇඳ ‍පොලු දෙකක් බිමට වැටී තිබි ඇති අතර ඒවා ඊට දින කීපයකට පෙර වැටුණු ඒවා බව ලලනීගේ මව විසින් කට උත්තර දී තිබේ.
එළියේ සිමෙන්ති පඩිය මත මියගිය තරුණියගේ පා සලකුණක් සහ අනෙක් කකුළේ මහපටඇඟිල්‍ලේ සලකුණක් තිබි සොයා ගැනීම හේතුවෙන් ‍පොලිස් පරීක්ෂණ ඒ කෙරෙහිද යොමු වී ඇත. අපරාධකරුවා මෙහිදී ඉතා උපක්‍රමශීලී වී තිබේ. තරුණිය නිවසින් පිටතට පැමිණි බවක් හඟවන්නට ඔහු උත්සාහ දරා ඇත. සිහිසුන්ව හෝ මියගොස් සිටි ලලනී නදීෂා වත්තන් කරගෙන පිටතට රැගෙන ගොස් ඇත්තේ ඇය ඇවිදගෙන නිවසින් පිටතට පැමිණි බව හඟවන්නට විය හැකි බව පරීක්ෂකවරුන්ගේ අදහසයි.
ලලනී නදීෂා ඝාතනය කරන ලද්දේ ඇගේ නිදන කාමරය තුළද? එසේ නොමැති නම් මැද සාලයේදීද? කිසියම් කතා බහක් දිග්ගැස්සී කවුරුන් විසින් හෝ අතට අසුවුණු දෙයකින් ඇයට දමා ගැසුවාද? පහරකා ගෙන කාමරයට ගිය ලලනී ඇඳට වැටුණාද? ඇගෙන් හඬක් නොමැති නිසා ඒ පිළිබඳ කළ විපරමකදී ඇය මියගොස් සිටින බවක් විශ්වාස කළාද?
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉතිරි වී තිබෙන ඉහත ප්‍රශ්නවලට විසඳුම් සමග අපරාධකරුවා නීතියේ රැහැනට කොටු වනු ඇත. එතෙක් මෙම ඝාතනය සියයට 90ක්ම සිදුවන්නට ඇත්තේ ඇගේ නිදන කාමරයේදීම බව විශ්වාස කිරීමට සිදුවනු ඇත.
ඉහත කරුණු කෙසේ වෙතත් මෙම අභිරහස් ඝාතනය ගැන කියවන විට අපරාධකරුවා නරියෙක් තරම් කපටියෙක් බව පෙනේ. ඒ වගේම අපරාධ පිළිබඳ යම් අවබෝධයක් තිබෙන බවත් හැඟේ. සමහර විට ලලනි නදීෂාගේ සිරුර වත්තේ දමා ඇය හැඳ සිටි ඇඳුම් ‍පොඟවා ඇගේ සිරුර පිස දමා ඇතැයි සැකකරන්නට පිළිවන. ඒ ඇඟිලි සලකුණු තිබේ නම් ඒවා මකා දමන අරමුණ ඇතිවය. සමස්ථ සිදුවීම හදාරණ විට මෙම තරුණිය ඝාතනය කරන්නට පිටස්තරයෙක් නිවසට රහසේම ඇතුළු වූවානම් එම අවස්ථාවේ නිවසේ සිටි සියලු දෙනා සිහි විසඥ කිරීම ඝාතකයා අතින් සිදුවන පළමු රාජකාරියයි. නමුත් එවැන්නක් සිදුවී නැත.
තරුණියගේ හිසට එල්ල වූ මොට ආයුධ ප්‍රහාරය හේතුවෙන් ඇගේ මොළයේ දකුණු පසට හානි සිදුවී තිබේ. එවැනි හානියක් සිදුවන කළ හැකි අයුරින් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ කොතරම් දුරක සිට දැයි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වනු ඇත. ඒ වගේම එය වමත් පහරක්ද නැත්නම් දකුණත් පහරක්දැයි නිශ්චිතව හඳුනාගන්නට තරම් මෙරට අධිකරණ වෛද්‍ය විද්‍යාව සමත් බව අපගේ දැනීමයි.

අනුර හොරේෂස්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive