facebook like

වටරැක හිමිට බ්‍රහ්ම දණ්‌ඩණය පැනවූවේ මාස ගණනකට පෙර .........නිදහස්‌ කළ ගවයන් නැවතත් හරක්‌ මස්‌ සඳහා විකුණා මුදල් ලබා ගැනීම

වටරැක විජිත හිමියන් මහියංගන සාමග්‍රී සංඝ සභාවෙන් ඉවත් කර බ්‍රහ්ම දණ්‌ඩනය පැනවීමට කටයුතු කරනු ලැබුවේ මීට මාස ගණනකට ඉහතදී බව මහියංගන සාමග්‍රී සංඝ සභාවේ සභාපති අස්‌ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික මහියංගන රජමහා විහාරයේ භාරකාර ධුරන්දර රාජකීය පණ්‌ඩිත උරුලෑ වත්තේ ධම්මරක්‌ත හිමියෝ පැවසූහ.

වටරැක විජිත හිමි ජාතික බළ සේනාවේ සභාපති හා මහියංගන ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩුපක්‍ෂ මන්ත්‍රීවරයකු මෙන්ම ගිරාදුරුකෝට්‌ටේ රොටලවෙල මහවැලි මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරයි. මහියංගන සාමග්‍රි සංඝ සභාව මගින් ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්‌ඩිත නාපටවෙල සුමනසාර හිමියන්ගේ ප්‍රධාන අත්සනින් යුතුව විහාරස්‌ථාන ප්‍රධාන හිමිවරුන් 50 කගේ අස්‌සනින් යුතුව සාමග්‍රි සංඝ සභාවෙන් ඉවත් කර විජිත හිමියන්ට බ්‍රහ්ම දණ්‌ඩනය පැනවීමට කටයුතු කළ බවද උන්වහන්සේ පැවසූහ.

එසේ කිරීමට සිදු වූයේ වටරැක හිමියන්ගේ විවිධ දූෂණ වංචා හා සඟ සතු ඉඩකඩම් තම පෞද්ගලික අවශ්‍යතා මත විකිණීම, එකම ඉඩම වංචා සහගත ලෙස කිහිප දෙනෙකුට විකුණා මුදල් වංචා කිරීම, වෙසක්‌ පෝය දින ගම්වාසීන්ට බෙදා දීම සඳහා මහියංගන රජමහා විහාරයේදී නිදහස්‌ කළ ගවයන් නැවතත් හරක්‌ මස්‌ සඳහා විකුණා මුදල් ලබා ගැනීම ඇතුළු මහා සංඝරත්නයට නිගා වන අයුරින් සිදු කර ඇති කටයුතු සම්බන්ධයෙන් චෝදනා 20 ක්‌ යටතේ මෙම බ්‍රහ්ම දණ්‌ඩනය පැනවිමට 2013-08-16 වැනි දින කටයුතු කළ බව වැඩිදුරටත් ධම්මරක්‌කිත හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

මේ සම්බන්ධයෙන් ෙත්‍රෙනිකායික මහා නාහිමියන් හා ජනපතිවරයා, බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්‌පතිවරයා ඇතුළු සියලු වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරීමට එවකට කටයුතු කළ බව ද ධම්මරක්‌කිත හිමියෝ ප්‍රකාශ කර සිටියහ.



මහියංගන රංජිත් - කරුණාවීර

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive