මගීන් 400 දෙනෙකුට අධික පිරිසක් අනතුරේ හෙළමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා යාත්‍රාවෙන් පළා ගිය ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, 69 හැවිරිදි කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාවේ මගීන් අතහැර
පළා යන ආකාරය යි.
එහි කපිතාන්වරයා උඩුකය ඇඳුමක් ඇඳ යටි ඇඳුමක් සහිතව සිටින ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ.
පසුව එම යාත්‍රාව මුහුදුබත් වීමෙන් එහි සිටි පාසල් සිසුන් පිරිසක් ඇතුළු සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර මේ වන තෙක් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන ද 100 ඉක්මව යි.
මේ වන විට ත් කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිස අත්අඩංගුවේ පසුවෙති.
ඔවුන්ට එල්ල වන චෝදනා වන්නේ, මගීන් අනතුරට හෙළීම, ඔවුන් බේරා ගැනීමට පියවර නොගැනීම සහ මගීන් අනතුරේ හෙළා පළා යාම යන කරුණු ය.

0 comments:
Post a Comment