facebook like

පොලිසිය ජරාව කන්න හදලා......බුදුරුව සහිත පච්චය නිසා පිටුවහල්කල විදේශීය කතගෙන් චෝදනා

බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාව බීබීසීයට කියා සිටියේ තමාද බුදු දහම අදහන කෙකෙකු නිසා එයට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි.

නයෝමි කොලමන් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන්
ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබේ.

‘ගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇවිත් කිව්වා මේක නීති විරෝධී බව. මාව පොලිසියට අරන් ගියා. උසාවියේදී මට කතා කරන්න දුන්නේ නැහැ.’ නයෝමි කොලමන් කියා සිටියාය.

'නිලධාරීන් සල්ලි ඉල්ලා සිටියා’
පිටුවහල් කිරීමට පෙර සඳුදා රාත්‍රිය රැඳවුම් භාරයේ තබා ගත් බවයි නයෝමි කොලමන් කියා සිටියේ.

‘මම රැඳවුම් මැදිරියේ ඉන්න කොට පොලිස් සහ රැඳවුම් නිලධාරීන් ඇවිත් කිහිහ වතාවක්ම මගේ බෑග් මලු ඇදල පරීක්ෂා කර මගෙන් සල්ලි ඉල්ලා සිටියා’ ඇය බීබීසීයට පැවසුවාය.

37 හැවිරිදි එම කාන්තාව ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට නිවාඩුවකට පැමිණ ඇත.

මීට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි බවත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය වැනි රටවල භාවනා වැඩසටහන්වලට සහභාගී වූ බවත් නයෝමි කොලමන් තවදුරටත් කියා සිටියාය.

බුදු දහමට නිගා වන අන්දමින් බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම ඇය පිටුවහල් කිරීමට හේතු වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිත පච්චය කොටා ගෙන ඇත්තේ අන් අයට දර්ශනය වන ස්ථානයක නිසා ඇය ශ්‍රී ලංකාවට ඇතුල් වීමෙන් විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවයි ඇය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ.

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පිටුවහල් කරන ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණ.

මාර්තු මාසයේ ද මෙලෙස බුද්ධ රූපයක් සහිතව පච්චයක් සමග ශ්‍රී ලංකාව ඇතුල්වීමට උත්සාහ කළ විදේශිකයෙක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර පසුගිය වර්ෂයේ දී ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසකට බුද්ධ රූපයක් සිප ගැනීම හේතුවෙන් අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබුණා.

2010 වසරේදී ලෝක ප්‍රකට ගායක එකොන්ට ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් අවලංගු කිරීමට සිදු වූයේ ද බුදු රුවක් ඉදිරිපිට ඊට අවමානයක් වන ආකාරයේ නර්තනයක් ඔහුගේ ගීතයක අඩංගු වීම නිසායි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive