කිසියම් පළිබෝධ නාශකයක් විකිණීම තහනම් කළ සැණින් ඒවා වෙළඳපොළෙන්, නැවෙන් එකවරම ඉවත් නොවන බවත් එය ප්‍රායෝගික කරුණක් නොවන බවත් කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා යල කන්නයේ වගා සැලැස්මේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් විෂයබාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යංශයේදී
පැවැති අතර එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට හෙතෙම මේ බව පැවසීය.
“එතනෝල් කන්ටේනර් ගණන් පැමිණි රටක්” යන්න උදාහරණයට ගනිමින් ඇමතිවරයා එහිදී පෙන්වාදුන්නේ ශරීරයට අහිතකර පළිබෝධ නාශක වෙළඳපොළෙන් ඉවත් කිරීමටත් ගෙන්වීම නතර කිරීමටත් පියවර ගෙන ඇති බවයි.
පළිබෝධ නාශක පිළිබඳ බලය ඇත්තේ පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට බවත් ඔහුගේ වගකීම භාවිතය තහනම් කර ඇති රසායන ද්‍රව්‍ය වෙළඳපොළේ අලෙවි කරනවාද ගැන සොයාබැලීම බවත් එය ඔහුට කාර්යාලයේ සිට කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

0 comments:
Post a Comment