හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් ඩග්ලස් පැකර්ගේ ඩොලර් මිලියන 350 ක දැවැන්ත ආයෝජනය මූලික කරගනිමින් කොළඹ ඉදිකිරීමට යන සුපිරි හෝටලය ප්‍රමුඛ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ මෙරට පාර්ශව කරුවා වන්නේ ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතායි.
මෙම ව්‍යාපෘතියට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ
සම්මත වීමෙන් පසුව විදේශයක සිට අප හා සම්බන්ධ වූ විජේරත්න මහතා පැවසුවේ තමා ලංකාවට පැමිණි විගස මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳව සලකා බලන බවයි.
සාප්පු සංකීර්ණ, සුඛෝපභෝගී නිවාස, සම්මන්ත්‍රණ ශාලා ඇතුළු පහසුකම් වලින් සපිරිව කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ කාමර 400 කින් සමන්විත මෙම සුපිරි හෝටලය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ දැනට ලේක් හවුස් ඉදිරිපිට තිබෙන රථගාල පිහිටි භූමියේයි.
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට ජේම්ස් පැකර් හා රවී විජේරත්න දෙපොළ විසින් පිහිටුවා තිබෙන ව්‍යාපෘති සමාගම ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ලෙස නම්කර තිබේ.
Ada Derana

.jpg)

0 comments:
Post a Comment