facebook like

ඥානසාර භික්ෂුවගේ නිපොන් හෝටල නාඩගම බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ අධ්‍යක්ෂණයකි

w3lanka
බොදු බල සේනාව විසින් ‍ඊයේ කොළඹ නිපොන් හෝටලයේ පවත්වන ලද මැරවර සංදර්ශනය මේ මොහොතේ මේ රටටත්, සිංහල ජාතියටත්, සැබෑ බුදු දහමටත් කරන ලද දැවැන්ත ම අගතියකි.කෙසේ වෙතත්, එයින් වැඩි ම පීඩනයට ලක් වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට ය.

‍බොදු බල සේනාව කළේ කුමක් ද? ප්‍රජාතාන්ත්‍රික අදහස් පළ කිරීමක් බලය යොදා වැළැක්වීමකි. සිංහල හා මුස්ලිම්
පූජක පිරිසකට තර්ජනය කර පළවා හැරීමකි. බෞද්ධ භික්ෂුවකට මරණීය තර්ජන කර බලෙන් ප්‍රකාශයක් ලබා ගැනීමකි. මෙය ජාතිවාදී හා ආගමික අන්තවාදී කඩාකප්පල්කාරී ක්‍රියාවකි.

මෙහි තිබෙන නරකම පැත්ත මෙයයි. මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූවා නම් එයින් ඔවුන්ට ලබා ගන්නට තිබුණු ප්‍රතිඵලයට වඩා අතිශය වාසි සහගත ප්‍රතිඵලයක් බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා අත්පත් වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව හැමදාමත් කරන්නේ මේ කොන්ත්‍රාත්තුවයි. වළං කඩේට පැන්න හරකකු සේ කරන හැසිරීම් නොමැතිව මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වුණා නම්, වැඩිම වුණොත්, එය විනාඩියක පමණ පුවතක් වනු ඇත.

ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව මේ කරනු ලබමින් සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ හා බ්‍ටහිර බලවතුන්ගේ උවමනාවන් බව ඉතා පැහැදිලි ය. ඔහුට දිගින් දිගට ම ඉඩ දුනහොත්, ඔහු අනිවාර්යයෙන් ම සිංහල - මුස්ලිම් ගැටුමක් නිර්මානය කර ආණ්ඩුවත්, සිංහල ජාතියත්, සමස්ත ලංකාවත් අර්බුදකාරී තත්වයකට තල්ලු කර දෙමළ ජාතිවාදීන්ගේ උවමනාව වන ජනමතවිචාරණ ක්‍රියාවලියක් ඔස්සේ ඊලමක් බිහි කර ගැනීමේ උපායමාර්ගයට පාර කපනවා නියත ය. ලංකාවේ සුළු ජාතීන්ට තිබෙන තත්වය නිරූපණය කිරීමට මෙම ජවනිකා මහෝපකාරී වනු ඇත. මෙම ජවනිකා අතරතුර පොලිසිය රඟන භූමිකාව විසින් සංකේතවත් කරන්නේ ආණ්ඩුවේ ස්වභාවයයි.

එමෙන් ම වටරැක විජිත හිමි ප්‍රමුඛ ජාතික බල සේනාව නම් බහු ‍ආගමික බලවේගය ද මෙම ක්‍රීඩාව තුළ නිමග්න වන්නේ මනා අවබෝධයකින් යුතුව බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍කොමිසම විසින් පවත්වන්නට නියමිත පරීක්ෂණය අභිමුව බොදු බල සේනාව විසින් රඟ දක්වන ලද මෙම නාඩගම විශ්ලේෂණය කර බැලීමෙන් මෙම භික්ෂූන්ගේ අරමුණ හඳුනා ගත හැකි ය. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වරක් නෝර්වේ ආණ්ඩ‍ුවේ ආධාරයෙන් රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් දියත් කරන්නට උත්සාහ කරද්දී එය හෙළිදරව් වීම නිසා වැළකුණු අයෙකු බව හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබා ගන්නෙකු බව ද සලකා බැලූ කල තත්වය තවත් පැහැදිලි කර ගත හැකි ය.

බොදු බල සේනාව උත්සාහ කරන්නේ සංඝ සංස්ථාව තුළ නිල නො වන පොලිසියක භූමිකාව රඟන්නට ය. ඔවුන් සන්නද්ධ වී සිටින්නේ මැරවරකමේ, සිවුරේ හා දේශපාලන බලයේ පිහි‍ටෙනි. තමන් කරන ක්‍රියාවලින් සිංහලයන්ට හා බෞද්ධයන්ට සිදු වන අගතිය පිළිබඳව අවබෝධයක් මොවුන්ට නැත්තේ ම නැත. සහජ මුග්ධකම, සිවුරට මුවා වී මැරවරකම් කිරීමේ පුරුද්ද හා නොමේරූ මනස් ඇති පුද්ගලයන් අතර වීරයන් වීමේ ආශාව විසින් මෙහෙයවනු ලබන මෙම පිරිස අරාජිකත්වයට ලොල් ය. රාජ්‍ය පාලනය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුමක් නැතත්, බලයට ඇති ලොල්කම නිසා අරාජිකත්වයක් තුළ කිසියම් බලවත් තත්වයකට පත් වීමේ ආශාවක් ඔවුන්ට තිබේ.

w3lanka

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive