තමා සන්තකයේ තිබූ රුපියල් 70,000ක් වටිනා චෙක්පතක් වෙනත් අයකු විසින් මුදල් කරගෙන ඇති බවට ජේයෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, කුරුඳුවත්ත පොලිසියට පෙරේදා (13දා) නියෝග කෙළේය. කොළඹ 07, ස්ටැන්ලි චන්ද්‍රවංකය, බී / 12, පදිංචි ජේයෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා මේ පිළිබඳ ඉකුත් 9 වැනි දින
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවර්ධන මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් කොස්තාපල් සිසිර මහතා කරුණු ඉදිරිපත් කරමින්, චෙක්පතින් වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයා බැංකුවේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වීමට ඉඩ ඇති හෙයින්, ඊට අදාළ වාර්තා සහ බැංකු වාර්තා ලබා දෙන ලෙසට හැටන් නැෂනල් බැංකුවේ කොළඹ 08 කළමනාකරු වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටියේය.
අදාළ බැංකු වාර්තා සහ ආරක්ෂිත කැමරා දර්ශන ලබා දෙන ලෙස බැංකු කළමනාකරු වෙත නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කෙළේය.

0 comments:
Post a Comment