තරුණයන් දෙදෙනකු විසින් විවාහක තරුණ මවක් කැලෑවකට ඔසවාගෙන ගොස් අමානුෂික වධයන්ට ලක් කරමින් සිටියදී ඇගේ කෑ ගැසීම හමුවේ පැමිණි අසල්වැසි කාන්තාවක් නිසා සැකකරුවන් එම කත අතහැර පලායෑමේ සිදුවීමක් 18දා වැලිමඩ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා විය.
ඊයේ උදේ 6.15ට පමණ වී තිබෙන මෙයට මුහුණ පා ඇත්තේ මොරගස් ප්‍රදේශයේ තල්ගස්තැන්න පදිංචි 25 හැවිරිදි එක්දරු මවකි.
තම පියාගේ නිවෙසේ පදිංචි ඇය සැමියාටත් පියාටත් තේ හදා දී මිදුලේ
මල් පාත්ති අසලට ගොස් තිබේ. නාඳුනන තරුණයන් දෙදෙනකු ඇයගේ තාත්තාට ලිපියක් දීමට තිබෙන බව කියමින් අසලටම පැමිණ එක්වරම අතින් කට වසා ඇයව ඔසවාගෙන අසල තිබෙන ෆයිනස් කැලය වෙත ගෙන ගොස් "තෝ පස් කාපිය" කියමින් කටට පස් එබූ බව ඇය පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ. ඉන්පසු දෑත් බැඳ ඇඳුම් ඉරා ඇති බවද කියවේ.
එහිදී ඇය කීපවිටක් කෑ ගැසූ නිසා එය ඇසුණ අසල්වැසි කාන්තාවක් මේ දෙසට පැමිණ කෑ ගැසීම නිසා කලබල වූ තරුණයන් දෙදෙනා මෙම කතගේ බඩට පයින් පහරක් ගසා අසල වතුර ඇළකට කන්දෙන් පහළට තල්ලුකොට පැනගොස් තිබේ.
එහිදී සිහිසුන්ව සිටි ඇය නුවරඑළිය රෝහලට ඇතුළත් කොට ඇත. මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලිසියේ කාන්තා කාර්යාංශයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම අතවරයට ලක්වූ කාන්තාව මෙයට පෙර විවාහ වී සිට නීත්‍යනුකූලව දික්කසාද වී යළි විවාහ දිවියට ඇතුළත් වී සිටින කෙනෙකි. මෙම අතවරය කළ තරුණයන් දෙදෙනා කවුදැයි කියා නොදන්නා වුවද පසුගිය වෙසක්දා ප්‍රදේශයේ පැවැති දන්සලකදී දුටු බවට මතකයක් තිබෙන බවත් ඔවුන් එදිනද තමා පසුපසින් ආවා ගියා යැයි වැටහුණු බවත් ඇය පොලිසියට පවසා තිබේ.

.jpg)

0 comments:
Post a Comment