ඔබ කැමතිද කවදා හරි මේ රටේ ජනාධිපති වෙන්න ?
ජනාධිපතිකම ලැබෙනවානම් කව්ද අකමැති ? මම නෙමෙයි සමහරවිට මර්වින් සිල්වා වගේ කෙනෙක්ගෙන් ඇහුවත් කියයි කැමති කියලා.
ඔබ විශ්වසකරනවද මේ වනවිට විමල් වීරවංශ මැතිතුමා කියන්නේ ජාතික නායකයෙක් කියලා..?
මේ රටේ ජාතික බලවේගයන්ගේ මතය නියෝජනය කරන නායකයෝ ජාතික නායකයෝ.
ඒ කියන්නේ ඔබ ජාතික නායකයෙක් .?
ඒ අර්ථයෙන් ජාතික නායකයෙක්.
ඔබට කව්රු හරි කියනවද ‘ විමල් ඔබත් සුදුසුයි ඊලඟ ජාධිපතිවරණයට තරඟ කරන්න ’’ කියලා ?
මම එහෙම ඒවා අහලා නැහැ . සමහරු එහෙම කියනවා කියලා මම අහලා තියනවා . හැබැයි මට කව්රුත් ඍජුව කව්රුත් කියලා නැහැ එහෙම එකක් කිව්වයි එකෙන් කලබලයට පත්වෙන්න අවශ්‍ය තාවකුත් නැහැ . මොකද රටක ජනාධිපතිවරු හැදෙන්නේ එක්කෙනෙක් නේ. දාහක් හිතාගෙන ඉන්න පුලුවන් නමුත් එක වරකට එක්කෙනයිනේ ජනාධිපතිවන්නේ.
මං අහන්නේ ඔබට බැරිද රටේ ජනාධිපතිවන්න.. ?
ඒක මම නෙමෙයි රටේ තත්ත්වය විසින් , රටේ ජනතාවගේ මත වෙනස්කම්වලින් සිදුවන දෙයක් නේ..
නැහැ. ඔබට තියන්න ඕන ඔබ ගැන ස්වයං තක්සේරුවක්.
ජනාධිපතිවීමේ උවමනාවක් හෝ සිහිනයක් මට නැහැ . ජනාධිපති වෙන්න පුලුවන්නම් නොවෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ . හැබැයි මේ ජනාධිපතිම වෙන්න ඕන කියලා එක සඳහා ම දේශපාලන ක්‍රියා මාර්ග තෝරණ විදිහේ ලෙඩක් මට නැහැ . ගමන යනකොට රටේ මිනිස්සු කියනවා නම් මහත්තයෝ ජනාධිපති වෙන්න කියලා වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ . ඒක ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ පිස්සුවක් අපට නැහැ. මෙතන තියෙන්නේ මම ජනාධිපතිද ඔයා ජනාධිපතිද තව කෙනෙක් ජනාධිපතිද කියන ප්‍රශ්නෙට වඩා ඔයත් මමත් කවුරු හරි ජනාධිපති වුණත් ඒ රට යා යුත්තේ කොයි මාර්ගයේද ඒ සාකච්ඡාවයි අපි මේ ගේන්නේ.
ඇමතිතුමා , ඊලඟ ජනාධිපතිවරණයේදී කරලියේ තියන කතාවක් තමයි පොදු අපේක්‍ෂකයා . මේ වෙලාවේ රනිල් වික්ක්රමසිංග , මාදුළුවාවේ සොභිත් හිමි, චන්ද්‍රිකා බණ්ඩාරනායක , ශිරාණි බණ්ඩාරනායක ඒ අතරන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල දේශපාලන්යෙක් ගැනත් කතා වෙනවා ඒ ප්‍රබලයා කව්ද ?
මම දන්නේ නැහැ . ඕවා ඉතින් එක එක පත්තරවල තියන ප්‍රවෘත්තිනේ .මෙහෙම ඒවා කොච්චර තියනවද ? පොදු අපේක්ෂකයා ගැන කතා කරනකොට ඕවා එනවා අර සැඟවුණ අමුත්තා සොයනවා වගේ ,එක එක්කෙනාගේ පිටට ගිහිල්ල තට්ටු කරනවා . තට්ටු කරන හැමෝම සැඟවුණු අමුත්තා නෙවේ,. ඒවගේ මම දන්නේ නැහැ .
ඔබ නෙමෙයි ?
මම නම් නෙමෙයි . මමනම් ඔය පොදු අපේක්‍ෂකයෙක් ගැන කවුරුවත් එක්ක කතා කරලා නැහැ. එහෙම දෙයක් හිතා බලලාවත් නැහැ .
ඔබට පොදු අපේක්‍ෂකයා විදිහට කව්රු හරි කතා කළොත් ?
මෙහෙමනේ . ඔහොම කතා කළොත් කියලා එක එක දේවල් හිතෙන්න පුලුවනිනේ. මට පොදු අපේක්‍ෂකයා වීමට කතා කරයි . මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවලා වෙන්න කතා කරනවා . ඔහොම ඔහොම එක එක ඒවා හිතන්න පුළුවන් . ඒවා ගැන කතා කළොත් විතරක් හිතනවා . අපරාධෙනේ ඕවා ගැන ලැයිස්තුවක් හදා ගෙන හිත හිතා ඉන්නේ .
ආණ්ඩුවෙන් එළියට ආවොත් විමල් වීරවංශට මොකද වෙන්නේ ?
ආණ්ඩුවෙන් එළියට එන්නේ ආණ්ඩුවේ හිටිපු විමල් වීරවංශට වඩා ප්‍රබල චරිතයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ .
පොදු අපේක්ෂකයා ගැන නෙමෙයිනේ ඔය කියන්නේ ?
පොදු අපේක්ෂකයා ගැන මන් දන්නෙත් නැහැ .කවුරුවත් මගෙන් අහලත් නැහැ. මම ඕවා ගැන කල්පනා කරලත් නැහැ .
ආණ්ඩුවෙන් එළියට එන හිටියට වඩා ප්‍රබල වීරවංශ U.N.P එකේ නවතී ද ?
නැහැ.
කවදාවත් නැහැ ?
කිසිසේත්ම නැහැ .

0 comments:
Post a Comment