facebook like

දැඩි බැඳීම නිසා මියගිය ඥාති සොයුරිය සිරුරට ඇතුළු වෙයි

විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි  
සුධීරා වයස අවුරුදු දාහතක සිසුවියක්. ඇය කුඩා කල පටන්ම සමීපව ඇසුරු කළේ තම පියාගේ වැඩිමහල් සොහොයුරාගේ එනම් මහප්පාගේ දියණියවයි. සුධීරාට වඩා වසර දහයකින් පමණ වැඩිමහල් වුණු ඇය දර්ශිකායි. දර්ශිකාගේ විවාහ මංගල උත්සවයේදී මනාලියගේ යෙහෙළිය වශයෙන් සිටියේත් සුධීරා.

විවාහයෙන් පසුව දර්ශිකා ඇගේ සැමියාගේ නිවසේ පදිංචියට ගියත් දර්ශිකාත් සුධීරාත් අතර තිබූ හිතවත්කම ඒ ලෙසින්ම පැවැතුනා.
විවාහයෙන් වසරකට පසුව දර්ශිකා පුතකු බිහි කළා. සුධීරා සති දෙක තුනකට වතාවක් පමණ ඒ දරු පැටියාව බලන්න යන්නත් අමතක කළේ නෑ. මේ විදිහට දර්ශිකාගේත් සුධීරාගේත් බැඳීම එක්කුස උපන් සොහොයුරියන් දෙදෙනකුගේ මෙන් ප්‍රබල වුණා.
දර්ශිකාගේ පුතුගේ පළමු උපන් දිනයත් ජයටම ගත්තා. ඉන් මාසයකට පමණ පසුව දර්ශිකා හිටි හැටියේම අසනීප වුණා. ඇය රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දුන්නත් යළි ඇයට ගෙදර එන්න හැකියාවක් ලැබුණේ නෑ. කිසිවෙකුවත් අපේක්ෂා නොකළ පරිදි දර්ශිකා මිය ගියා.
මේ මරණයෙන් දර්ශිකාගේ පවු‍ලේ අයගේ වගේම සුධීරාගේ සිතෙත් ඇති කළේ මහත් වූ කම්පනයක්. මාස ගණනාවක් දුක්වෙලා අන්තිමේ සුධීරාගේ සිතත් කාලයත් සමග සාමාන්‍ය තත්ත්වයට පත් වුණා.
දර්ශිකාගේ අවුරුද්දේ දානයත් එළඹුණා. මේ දානයට සුධීරාත්, ඇගේ මවත්, නැගණියත් සහභාගි වූ අතර ඒ සඳහා සුධීරාගේ පියාට සහභාගි වීමට හැකි වුණේ නෑ. දාන කටයුතු අවසන් වෙලා. සුධීරා පියාට ගෙන යාම සඳහා බත් පාර්සලයකුත් ඔතා ගත්තා. ඔවුන් දානෙ ගෙදර ඉඳල ආපසු ආවෙ තවත් ඥාතියෙකුගේ වාහනයකින්.
දර්ශිකා ජීවත් වූ නිවසට යා යුත්තේ සොහොන් පිට්ටනියක් පසු කරගෙනයි. දර්ශිකාගේ භූමදාන කටයුතු කළේත් ඒ සොහොන් පිට්ටනියේමයි. දානෙ ගෙදර සිට ආපසු එන අතරේ සුධීරා ඒ සොහොන් පිටිය දිහා බැලුවා. එකවරම ඇය දුටුවේ සුදු ඇඳුමෙන් සැරසුනු දර්ශිකා ඇය වළ දැමූ ස්ථානය අසල හිටගෙන සිටින ආකාරයයි. දර්ශිකා ඉතා රූමත් කාන්තාවක්. මේ මොහොතේ සුධීරාට පෙනුණේ දර්ශිකා ජීවත්ව සිටියදී හිටියාටත් වඩා සුරූපී ලෙසිනුයි. ඇය තමා සමග සිනාසෙන ආකාරයත් සුධීරා දුටුවා.
එක්වරම හිතේ විශාල තැති ගැන්මක් ඇති වුවත් ඇය මේ සිද්ධිය මවටවත් කීවේ නෑ. දානෙ ගෙදර සිට පියාට රැගෙන යමින් සිටි කෑම පාර්සලය තිබුණෙත් සුධීරාගේ ඔඩොක්කුවේ. ඒ වගේම සුධීරාට මෙදින මාසික ඔසප් වීමත් සිදුවී තිබුණා.
මේ කරුණු දෙකත් තමා දර්ශිකාව ඇගේ මිනීවළ අසලදී දැකීමත් යන මේ සිද්ධි තුන එකකට එකක් සම්බන්ධයි කියලයි සුධීරාට හිතුණෙ. නමුත් ඒ ගැන කාටවත් නොකියා ඇය නිහඬව සිටියා. මේ අතර රාත්‍රී නිදා සිටියදී සුධීරා පාන්දර දෙකට පමණ ඇහැරුණේ වැසිකිළියට යාමේ අවශ්‍යතාවයක් ඇති වුණු නිසයි. නිවසට යාබදව තිබූ නාන කාමරයට මුළුතැන්ගෙය තුළින් ඇතුළු විය හැකි නිසා ඇයට බිය වන්නට කරුණක් තිබුණේ නෑ. ඇය තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගෙන ආපසු ඇඳට වැදී නිදා ගත්තා.
අඩ නින්දේ සිටියදී දර්ශිකා කතා කරන හඬ ඇසී එකවරම සුධීරා අවදි වුණා. ඒ සමගම ඇයට දැක ගත හැකි වූයේ තමාගේ ඇඳ කෙළවර දර්ශිකා වාඩිවී හිඳින අන්දමයි. ඇය සැරසී සිටියේ සොහොන් පිටියේදී දකින විට ඇඳ සිටි සුද ඇඳුමෙන්මයි. “සුධීරා නංගි” කියා තමාව ආමන්ත්‍රණය කළා මිස ඊට වඩා වැඩි දෙයක් ඇයට කියන්න ලැබුණේ නෑ. එකවරම කාමරයට සුළඟක් ආවා. ඒ සුළඟත් සමගම දර්ශිකා තමාගේ ශරීරයට ඇතුළු වූ අන්දමත් සුධීරාට දැනුණා. ඒ හා සමගම දර්ශිකා නොපෙනී ගියා.
දැන් සුධීරාට රාත්‍රියට ඇගේ කාමරයේ තනිව ඉන්න බෑ. ඇය තනිව සිටින විට දර්ශිකා එනවා. ඇවිත් සුළඟක් වගේ සුධීරාගේ ශරීරයට ඇතුළු වී නොපෙනී යනවා. ඒ සමගම සුධීරා කලබලකාරී ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ ඇගේ ශරීර ශක්තිය කොතෙක්ද කිව්වොත් තුන් හතර දෙනකුටවත් සුධීරාව මෙල්ල කරගන්න අපහසුයි. නමුත් සුධීරාගෙ පියා කාමරේට ආවොත් එකවරම සුධීරාගේ කලබලකාරී හැසිරීම් වෙනස් වී ඇය නිහඬ වෙනවා. පියා පැමිණි ගමන්ම තමාගේ ශරීරය තුළ සිටින දර්ශිකාගේ ආත්මය ක්ෂණිකව ඉවත්ව යන බවත් සුධීරා පැවැසුවා. සුධීරාගේ පියා නිවසේ වෙනම කාමරයක කුඩා දේවාලයක් පවත්වාගෙන යනවා. ඔහු විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන කෙනෙක්. පියා සුධීරා වෙත පැමිණෙන විටම ඇගේ ආවේශය ඉවත් වෙන්නේ ඒ නිසා බවයි හැම දෙනාගෙම අදහස වුණේ.
සුධීරාට මෙම ආවේශය ඇති වන්නට පටන් ගත්දා සිට කෑම රුචිය නැති වුණා. ඇය කෑම පිඟාන අතට ගන්නා විට දර්ශිකා පැමිණ උදුරන ආකාරයක් ඇයට දැනෙනවා. ඒ නිසා සුධීරාට ආහාර ගැනීමට නොහැකි වුණා. නමුත් පිඟාන ඇගේ අතේම පවතිනවා. දැන් සුධීරා දිවා කාලයේවත් ඇගේ කාමරයේ තනිව ඉන්න බයයි. ඇයට රාත්‍රියට නින්ද යන්නෙත් නෑ. යාන්තමට නින්ද යාගෙන එන විට දර්ශිකා එන ආකාරයක් පෙනෙනවා. පියා ගෙදර සිටින විට පමණක් සුධීරාට ආවේශය ඇති වන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් සාත්තරයක් අසන්නට ගිය විට. සාත්තරකරු පැවැසුවේ දර්ශිකාගේ ආත්මය දැන් සිටින්නේ කුසගින්නේ බවයි. සුධීරා ආහාර ගන්නට උත්සාහ කරන විටම දර්ශිකාගේ ආත්මය පිඟාන උදුරා ගන්නේ ඒ නිසා බව ඔහු වැඩිදුරටත් පැවැසුවා. එසේම සුධීරා දර්ශිකාගේ දානෙ ගෙදර සිට ගෙන ආ කෑම පාර්සලයක් සමග ඇය කිල්ලට අසුවී ඇති බවක්ද ඔහු කීවා. එයට හේතුව සුධීරාට ඒ දිනවල ඔසප් පැවැතීමයි.
සුධීරා වෙනුවෙන් නිවසේ ලොකු තොවිලයක් සිදු කළේ එම සාත්තරකරු විසින්මයි. නමුත් එයින් කිසිම පලක් වුණේ නෑ. මේ ආකාරයට කට්ට¾ඩියන් තුන් දෙනකු ලවා අවස්ථා තුනකදීම තොවිල් සිදු කළත් දර්ශිකාගේ භූතාත්මය සුධීරාව හැර ගියේ නෑ. ඉන් පසු ඇය මානසික රෝග වාට්ටුවට ඇතුළත් කෙරුනා.
සුධීරා දර්ශිකාට ගොඩක්ම හිතවත්. මේ නිසා ඇගේ හදිසි මරණය සුධීරාගේ සිතට බොහෝ සෙයින් බලපා තිබිම පුදුමයක් නොවෙයි.  කාලයත් සමග ඒ මතකය යටපත් වුණත් දර්ශිකාගේ අවුරුද්දේ දානයට ගිය විට සම්පූර්ණයෙන්ම ඒ මතකය යළි අලුත් වීම ස්වභාවයක්. එදා ඇගේ මුළු හිත පුරාම තිබුණේ දර්ශිකා ගැන මතකයයි. ඒ සමගම සොහොන් පිට්ටනිය පසුකරගෙන එනවිට දර්ශිකා වළ දමා තිබූ ස්ථානය දකිද්දී ඒ මතකය තවත් අලුත් වෙනවා. ඒ සමගම ක්ෂණිකව දර්ශිකාව මැවී පෙනීම අරුමයක් නොවෙයි.
මියගිය කෙනකුට අන්දවන්නේ සුදු ඇඳුමක් නිසාත් හොල්මන් අවතාර සුදු ඇඳුමෙන් සැරසී එන බවට අප තුළ මුල්බැස ගෙන තිබෙන විශ්වාසය නිසාත් දර්ශිකා සුදු ඇඳුමෙන් සැරසී සිටින ආකාරයක් සුධීරාට පෙනිය හැකියි.
නින්ද යා ගෙන එන විට අපට නොයෙකුත් දේවල් ඇසෙනවා වගේම පෙනෙනවා. ඒ අනුව එදා මුළු දවසේම සිතේ රැඳී සිටි දර්ශීකා තම ඇඳ මත වාඩිවී හිඳින බවක් අඩ නින්දේදී දැනෙන්නට පුළුවන්. ඒ වගේ දෙවල් සාමාන්‍යයි. අඩ නින්දේදී අපට මෙලෙස විවිධ දේ ඇසීම හා පෙනීම ඩ්රනදධඨධඨඪජ ඩ්චතතභජඪදචබඪධදඵ ලෙස හඳුන්වනවා.
මේ ආකාරයට දවස පුරා සිතමින් සිටි දෙයක් මැවී පෙනීම පුදුමයක් නොවේ. සුළඟක් මෙන් සිරුර තුළට ඇතුළු වූ බව කියන සුධීරා ඉන්පසු තමාට කුමක් වූයේ දැයි නොදන්නා බවද පවසනවා. නමුත් පියා පැමිණෙන විටම ඇගේ එම ආවේශයෙන් ඇය මිදෙනවා. එයට හේතුව පියා තුළ
විෂ්ණු දෙවියන්ගේ බලය ඇතැයි පවතින විශ්වාසයයි. මේ වගේ දේවල් ඇති වෙන්නේ අද්භූත බලයක්වත්, භූතාවේශයක් නිසාවත් නොවේ. තමන්ට සමීප කෙනෙක් මිය ගියාම වියෝ දුක තදින් දැනෙනවා. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් දෙනු ලබන දානයක් වැනි කටයුත්තකදී ඒ පුද්ගලයා මුළු සිත පුරාම එදින ජීවත් වෙන ආකාරයක් දැකිය හැකියි. සිතේ පිරී තිබෙන දෙයක් නින්දේදී සිහිනෙන් පෙනීම ඉතා සාමාන්‍ය සිදුවීමක්. නමුත් මෙවැනි දේවල් සම්බන්ධයෙන් අපේ සිත් තුළ මුල් බැස ගෙන තිබෙන යම් යම් විශ්වාසයන් නිසා ඒවා ශරීර තුළට ඇතුළු වන බවත් කෙනකුට දැනෙන්නට පුළුවන්. නමුත් එය සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් නොවෙයි.
සුධීරාට තිබුණේ විඝටනාබාධය  නමින් හඳුන්වන මානසික ආබාධයයි. මෙය මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් පහසුවෙන් සුව කළ හැකියි. නමුත් අවාසනාවකට බොහෝ දෙනෙක් කරන්නේ් තොවිල්වලට දහස් ගණන් නිරපරාදේ මුදල් වියදම් කර බැරිම තැන මනෝ වෛද්‍යවරුන් කරා පැමිණීමයි. මෙවැනි පහසුවෙන් සුව කළ හැකි මානසික ආබාධ නිසා බොහෝ අය තමන්ගේ ඉඩකඩම් පවා උකස් කරමින්, විකුණමින් කට්ටඩින්ට නිකරුණේ මුදල් වියදම් කිරීම ඉතා කනගාටුවට කරුණක්.

( ඉන්දු පෙරේරා )

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive