මහාචාර්ය රොහාන් ගුණරත්නට බොදු බලසේනාව පිළිතුරු දෙයි
“ලංකාව මුස්ලිම් අන්තවාදීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් විය හැකිද?’ යන මාතෘකාව යටතේ සිංගප්පූරුවේ ජීවත් වන, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශ්‍ලේෂකයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සමග “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ සම්මුඛ සාකච්ඡාව නිසා ඇති වූ හා ඇතිවිය හැකි වැරදි අවබෝධයන්ගෙන් සාමාන්‍ය ජනතාවට සිදුවිය හැකි බුද්ධිමය හා තොරතුරුමය හානිය අවම කර ගැනීම සඳහා මෙම ප්‍රතිචාර ලිපිය ඉදිරිපත් කරමි.
මෙම සාකච්ඡාව තුළින් උගත් මහාචාර්යවරයා ඔප්පු කිරීමට උත්සාහ දරන තර්කය වන්නේ ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන නැත, අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බලසේනාව පමණක්ය යන්නය. මෙම ගැටලු විසඳීමට බොදු බලසේනා තහනම් කළ යුතුය යන්න ඔහුගේ නිර්දේශයයි.
මෙම පුවත්පත ඇත්තටම සාකච්ඡා කර ඇත්තේ අප දන්නා සුප්‍රකට උගත් මහාචාර්යවරයා සමග ද යන ගැටලුව ඇති විය. උගත් විද්වතකු විසින් කළ යුතු පර්යේෂණ හෝ සොයා බැලීම්වලින් තොරව පාර්ශ්වයකට වරද පටවා එපමණකින් නොනැවතී දඬුවම් පැමිණවීම එනම් “බොදු බලසේනා තහනම් කළ යුතුය” යන තීරණය විසඳුමක් ලෙස ඉදිරිපත් කිරීම අතිශය කනගාටුදායකය. සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලවල “ගැටුම් නිරාකරණය හා ත්‍රස්තවාදය” පිළිබඳ හැදෑරීම් කරන මහාචාර්යවරයකුගෙන් මෙයට වඩා විද්වත් ප්‍රවේශයක් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව පවා අපේක්ෂා කරන බව අපගේ මතයයි. කෙසේ වුවත් අපගේ අපේක්ෂාව වනුයේ ලිපිය ලියන පුද්ගලයා ගැන සෙවීම නොව එහි අන්තර්ගතය පිළිබඳ සමතුලිත විග්‍රහයක් කිරීමට ජනතාවට අවස්ථාවක් ලබා දීමය.
පළමු කරුණ වනුයේ මුස්ලිම් අන්තවාදයක් ඇතිද යන්නය. ඒ ගැන අප සාකච්ඡා නොකරන්නේ ඇස්, කන් ඇති සාමාන්‍ය සිහි බුද්ධියක් ඇති මේ රටේ සැබෑ ලෙස ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට මුස්ලිම් අන්තවාදයක් තිබිම ගැන සැකයක් නැති බැවිනි. එය සත්‍යයක් බව ප්‍රකාශ කිරීමට සමහර පාර්ශ්ව අකමැති වීම හා බය වීම මෙම අන්තවාදයේ කොටසකි. අපගේ අරමුණ වනුයේ අරාබිකරයේ ඛනිජ සම්පත් නිසා ජනිත වී ඇති අතිරික්ත ප්‍රාග්ධනය යොදාගනිමින්, මුස්ලිම් අන්තවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමේ උත්සාහයෙන් අප රට බේරා ගැනීමය. එය මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවගේද ප්‍රාර්ථනය බව අපි දනිමු.
මහාචාර්යතුමනි, කරුණාකර පහත වබේ සබැඳියාවට (http://asiantribune.com/node63186)ගොස්, ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයකුගේ මුස්ලිම් කටයුතු උපදේශකයකු වූ ආචාර්ය අමීර් අලී විසින් දෙනු ලැබූ සම්මුඛ සාකච්ඡාව කියවන්න. ඒ සාකච්ඡාවට අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇති බව හා එමගින් මුස්ලිම්වරුන් සාමාන්‍ය සමාජයෙන් වෙන්වී කටයුතු කරන සමාජ බෙදුම්වාදයේ ගොදුරක් බව ඉතා පැහැදිලිය.
මෙයට වසරකට පමණ පෙර 2013 දී පවා ඔබ බොදු බලසේනාවට පහර දෙන මානසිකත්වයක පසු විය. සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න මහතා සමග ඔබ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේදී බොදු බලසේනා සංවිධානයට පහර ගැසීමට කටයුතු කරන ලදී. වාසනාවට අපටද මෙම රැස්වීමට සහභාගිවීමට හැකි විය. එම රැස්වීමේදී “ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසනු ලැබූ අප විසින් කරන ලද්දේ රැස්වීමෙන් පසුව ඔබට කතා කොට, තොරතුරු නොදැන ඒක පාර්ශ්වීයව ඔබ කළ වැරදි ප්‍රකාශය ගැන පැහැදිලි කොට, අපගේ කාර්යාලයට ආරාධනා කොට, කරුණු පැහැදිලි කිරීමය. කෙසේ කරුණු පැහැදිලි කළද ඔබට න්‍යාය පත්‍රයක් තිබූ බව හා ඇති බව පැහැදිලිය.
මහාචාර්ය රොහාන් ගුණරත්න 2009 ට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවය. නමුත් එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය වූවා මෙන්ම උගත් මහාචාර්ය රොහාන් ගුණරත්න ගේ මතයද පරාද විය.
මහාචාර්යවරයා ‘ලක්බිම’ සමග කළ සාකච්ඡාවේදී තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි. “ලංකාව තුළ අල්කයිඩා වැනි දේශපාලන හා ආගමික අන්තවාදී සංවිධාන ඇත්තේ නැහැ. මා සිතන හැටියට අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බොදු බලසේනාවයි. බොදු බලසේනාව ප්‍රධාන ධාරාවේ සංවිධානයක් නොවෙයි. ඔවුන් බුදුහාමුදුරුවන් හෝ බෞද්ධයින් නියෝජනය කරන සංවිධානයක් කියා මා සිතන්නේ නැහැ.” උක්ත ප්‍රකාශ ගැන අපට කිව හැක්කේ උගත් මහාචාර්යවරයා ජීවත් වන්නේ “සත්‍යයට” (Truth) බොහෝ දුරක පිහිටි, සිහින මාලිගාවක බවය. සිය පරිගණකයේ ඇති ඉන්ටර්නෙට් ජාලයේ ඇති වබේ අඩවිවලින් මහාචාර්යවරයා ලබා ගන්නේ මතුපිට වබේ අවකාශය (Serface/shallow Web Space) මතින් මිස ගැඹුරු වබේ අවකාශය (Deep Web Space) සිසාරා නොවන බවත් අපට පැහැදිලිය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉංග්‍රීසියෙන් Information Department ලෙස හැඳින්වුවද ප්‍රවෘත්ති (News) හා තොරතුරු (Information) අතර පැහැදිලි වෙනසක් ඇති බවත්, සත්‍ය දැනුම ඉදිරිපත් කිරීමේදී තොරතුරු එක්රැස් කිරීමටත්, එම තොරතුරු දැනුම (Knowledge) බවට පත් කිරීමටත් තරමක කාලයක් හා ධනයක් ආයෝජනය කළ යුතු බවත් මෙම මහාචාර්යවරයා මෙන්ම බොහෝ උගතුන් පැහැදිලිව දන්නා වුවද මෙලෙස මාධ්‍යවලට ප්‍රකාශ කිරීමේදී තමන්ගේ සිවිල් බලය හෑල්ලු නොකරගැනීමට බුද්ධිමත්ව කල්පනා කළ යුතුය. එසේ නොකොට මහාචාර්ය පදවි හෝ තනතුරු මත පමණක් පදනම් වී නිසි ආයෝජනයක් නොකොට කරනු ලබන අදහස් ප්‍රකාශ කිරීම තුළින් “සත්‍යයට” හානි කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු මෙන්ම මාධ්‍ය ආයතනද මෙලෙස ඔවුන්ව අපහාසයට හා උපහාසයට පත්වීමට අවස්ථා උදා නොකළ යුතුය
බොදු බලසේනාවේ නායකයින් කරන ලද, යම් ආයතනවලින් කොටස්වලට කඩන ලද හෝ සංස්කරණය කරන ලද දේශනාවල කොටස් පමණක් බලා, ජනප්‍රිය අලෙවිය සඳහා රූපවාහිනී නාලිකාවල විකාශය වන කොටස් දෙස බලා හා එම දේශනාවල සන්දර්භය දෙස නොබලා නිගමනයට ඒමට උගතුන් උත්සාහ නොකළ යුතුය. වෛරී ප්‍රකාශ ගැන අපිද අකැමැති වෙමු. අපද කියන්නේ අපගේ මුල් පදනම් අමතක කොට සුද්දන් හා කළු සුද්දන් හැදූ නීති වෙනස් කළ යුතු බවය. එවිට තහුවිද් ජමාද් මුස්ලිම් නායකයා “බුදු හිමි මිනී මස් කන බව, ත්‍රිවිධ රත්නය ගල් තුනක් බව“ ආදී කරුණු කියමින් බුදු දහමට වසරක් තිස්සේ නිගා කරමින් කළ දේශනා හා ඉන්ටර්නෙට් මගින් කළ ප්‍රචාර මෙන්ම සමහර උගතුන් හා දේශපාලකයින් කරන පදනම් විරහිත සාකච්ඡාවලටද මෙරට ඉඩ නොමැති වනු ඇත. මෙම මුස්ලිම් නායකයා 2013 ජූනි සිට 2014 මැයි දක්වා මෙසේ සදාචාර විරෝධී හා නීති විරෝධී ලෙස බුදු දහමට එරෙහි වෛරී ප්‍රකාශ කරද්දී ගුණරත්නලා මෙන්ම බොහෝ රත්නලා නිහඬව සිටියෝය. මේ දෙබිඩි පිළිවෙත අපට නම් ඉතා පැහැදිලිය. ඉවසිලිවන්ත බෞද්ධයන් හෝ බොදු බල සේනා වසරක් මේ ගැන කතා කළා මිස ඔවුන්ට ගල් කැටයකින්වත් පහර නොදුන් බව සත්‍යයයි. මේ පිළිබඳව කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් කටයුතු නොකරද්දී බොදු බලසේනාව විසින් උපාය මාර්ගික පියවරක් ගනු ලැබිණ. ඒ අනුව බොදු බලසේනාව “අල් ටකියාව” යන්නේ තේරුම් කුමක්දැයි එය “කුරානයේ” ඉගැන්වීමක් දැයි ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරනු ලැබිණ. එම ධර්ම යුද්ධය සාර්ථක විය. දින කිහිපයකින් නීතිය ක්‍රියාත්මක විය. පාලකයන් ක්‍රියාත්මක විය. ඉහත ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු බොදු බල සේනාවට නඩු පවරනු ලැබිණ. මුස්ලිම් නායකයාට ඔහුගේ ප්‍රකාශයෙන් වසරකට පසු නඩු පැවරුණි. අපට ඇත්තේ අපගේ මුල් පදනම් අමතක කොට, සුද්දන් හා කළු සුද්දන් හැදූ නීතියක් නිසා අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට “ධර්ම යුද්ධයක්” අවශ්‍ය වී ඇත.
මහාචාර්ය රොහාන් ගුණරත්න තවදුරටත් “මුස්ලිම් අන්තවාදී සංවිධානවලට විරුද්ධව පියවර ගන්නවා වෙනුවට කළ යුතු වන්නේ බොදු බල සේනාව සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීම කියලයි මා සිතන්නේ.” ලෙස ප්‍රකාශ කරයි. අප නම් කියන්නේ වැරදි කරන සියලු දෙනාට එරෙහිව පියවර ගත යුතු බවය. “අලුත්ගම” නිර්මාණය කළ අවාසනාවන්ත සිද්ධිය ඇතුළු සියලු සිද්ධිවලට මුල්වූ පාර්ශ්වයන් සොයා බලා සියලු දෙනාට දඬුවම් කළ යුතුය. අලුත්ගම සිද්ධිය තුළ සිදු වීමට ගිය මහා විනාශය වළක්වා ගැනීමට හා එය රට තුළ “කළු ජුනියක්” කිරීමට කළ කුමන්ත්‍රණය පරාජය කිරීමට බොදු බලසේනා කළ කටයුතු දන්නේ අප සමග සම්බන්ධ වූ පිරිස් පමණි. නමුත් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ පාර්ශ්ව ඉතාම උපක්‍රමශිලී විය. මිනිත්තු ගණනකින් ලෝකය පුරාම ප්‍රචාරය කළේ මෙයට බොදු බලසේනා සම්බන්ධ බව හා ඥානසාර හිමියන්ගේ කතාව බලපෑ බවය. උන්වහන්සේගේ මුළු කතාව හා දින කිහිපයක් තිස්සේ කලබලයට පත්වී සිටි පිරිස් සාමකාමීව අලුත්ගම රැස්වීම් භූමියෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග ගැන දන්නා අය “සත්‍ය වූ සත්‍ය” දන්නා නමුත් මුළු ලොවටම ප්‍රචාරය කළ “සත්‍ය වූ අසත්‍ය” නම් සිංහල බෞද්ධයා ම්‍ලේච්ඡයින් යන බව හා බොදු බලසේනා ත්‍රස්තයින් බව ය.
ඔබලා දකින හා ප්‍රවර්ධනය කරන ආකාරයේ මුස්ලිම් විරෝධයක් බොදු බලසේනාවට නැත. බෞද්ධ භික්ෂුවකට පහර දීමේ සිද්ධියක් නිසා ජුනි 12 වනදා අලුත්ගම ඇති වූ කලබලකාරී සිද්ධි නිසා අන්තවාදී මුස්ලිම් කොටස් මෙන්ම සමහර අන්තවාදී දේශපාලන කොටස් නැවත රට තුළ කලබල ඇති කරන්නට හැකිය යන සැකය නිසා එම කලබලයට පත් ජනතාව පාලනය කිරීමට එදිනම රාත්‍රියේ බොදු බලසේනා ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි වැඩම කොට කලබලයට පත් පිරිස විසුරුවා යැවීමට මැදිහත් විය. එසේ කිරීමට අප මැදිහත් වූයේ ප්‍රදේශයේ දේශපාලකයින්ට පවා කුපිත වූ ජනතාව පහර දී එළවා දමා තරමක කලබල තත්ත්වයක් උද්ගත වී තිබුණ නිසාය. මහාචාර්යවරයාට අනුව අප ප්‍රධාන ධාරාවේ නොසිටියද ජනතාව අපව විශ්වාස කරන බව ඉතාම පැහැදිලිය. අපට කලබලයක් ඇති කිරීමට අවශ්‍ය වූවා නම් පැහැදිලිව එදින රාත්‍රිය යුද පිටියක් වීමට ඉඩදී අපට නිහඬ වීමට තිබුණි. ඉන් අනතුරුව කලබලකාරී තත්ත්වයක් ප්‍රදේශයේ ඇතිවිය. හාමුදුරුවරුන් මරා දමා ඇති බවටත්, මුස්ලිම් පල්ලි විනාශ කර ඇතිබවටත් කටකතා පැතිරිණි. ඉන්ටර්නෙට් සමාජ ජාලා ඔස්සේ පවා මේ කතා පැතිර ගියේය. මෙය රට පුරා පැතිර යාමේ භයානක ප්‍රවණතාවයක් තිබූ අතර සමහර මුස්ලිම් කණ්ඩායම්ද බෞද්ධ කණ්ඩායම්ද මේ ගැටලු විසඳීම සඳහා මැදිහත් වන ලෙස අපට ඉල්ලීම් කළෝය. ඒ අනුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කළද මාධ්‍ය වාරණයක් නිසා තොරතුරු ජනතාව අතරට ගියේ නැත. බෞද්ධ තරුණයින් අත්අඩංගුවට ගැණුනි. මුස්ලිම් තරුණයින් පිට ප්‍රදේශවලින් කැඳවා ඇති බවට මෙන්ම ආයුධ රැස් කරන බවට තොරතුරු ලැබෙමින් තිබුණි. මේ තත්ත්වය තුළ සිංහල බෞද්ධ පිරිස් සමනය කිරීමට හා පහර කෑමට ලක් වූ භික්ෂුවකට රැකවරණය සහිත තත්ත්වයක් ඇති කිරීමට ප්‍රසිද්ධ රැස්වීමක් අලුත්ගමදී පැවැත්වීමට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා තීරණය කොට පූජ්‍ය ඥානසාර හිමියන්ටත් ආරාධනා කළහ. අපි මේ ක්‍රියාවලට සම්බන්ධ වුණේ ඉතාමත්ම සද් භාවයෙනි. මෙම රැස්වීම අවසන්ව ගෙදර යන මිනිස්සුන්ට පල්ලියේ සිට යම් අන්තවාදී මුස්ලිම් පිරිසක් ගල්වලින් පහර දුන්නේය. ගල් ගැසීමත් සමග ඇති වූ කලබලය නිසා මේ අවාසනාවන්ත සිද්ධිය ඇති විය. 15 වැනි දින ගැටුමෙන් පසු 16 දින උදේම අප මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා වැරදිකාරයන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියෙමු. එදින රාත්‍රියේත් අප දකුණේ මුස්ලිම් නායකයෙකු සමග දකුණට ගොස් මේ මුස්ලිම් අන්තවාදී කටයුතු ගැන සාකච්ඡා කළෙමු.
මහාචාර්ය ගුණරත්න තවදුරටත් මෙසේ කියයි. “ලංකාවේ මුස්ලිම් සමාජය තුළ කිසියම් වෙනසක් මේ වන විට ඇති වී තිබෙනවා. ඔවුන් අඳින පළඳින ආකාරය මෙන්ම හැසිරීමත් වෙනස් කරගෙන තිබෙනවා. ලංකාවේ සමාජයෙන් කොන් වීම නිසා ඔවුන් අරාබියේ ආකාරයට හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. ඒ ආකාරයට අඳින්න පළඳින්න අරගෙන තිබෙනවා. ඇතැම් කණ්ඩායම් මොවුන්ගේ මේ වෙනසට කැමති නැහැ. කෙසේ නමුත් මොවුන් ත්‍රස්තවාදීන් යැයි හඳුන්වාදීමට හැකියාවක් නැහැ. අපි එච්චර ඉක්මන් විය යුතු නැහැ.” කරුණාකර ආචාර්ය අමීර් අලී ගේ ලිපිය කියවන්න සිංහලයෙක් ලෙස ලිවීම ගැන ඔබටම දුක හිතේවි. ඔබටම ලැජ්ජාවක් ඇති වේවි. ඔබගේ දෙමාපියන් ගැන දුක හිතේවි. අපට කළ හැක්කේ ඔබට සත්‍ය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කිරීම පමණි.
ඔහු තවදුරටත් කියනවා “කෙසේ වෙතත් පසුගිය කාලයේදී බේරුවල හා අලුත්ගම වාර්තා වූ ආකාරයේ සිදුවීම් නිසා මුස්ලිම් අන්තවාදී සංවිධාන හා මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන රට තුළ ස්ථාපිත විය හැකියි. එවැනි සිදුවීම් මුස්ලිම් ත්‍රස්ත සංවිධාන බිහිවීමට තිඹිරිගෙයක් විය හැකියි. මෙවැනි අන්තවාදී ත්‍රස්ත සංවිධාන ඇතිවීම වැළැක්වීමට නම් වගකිව යුත්තන් වහාම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා. එකක් වන්නේ බොදු බල සේනාව වැනි සංවිධාන තහනම් කිරීමයි.” මොහුගේ ප්‍රකාශ හා අධිකරණ ඇමැති රවුෆ් හකීම්ගේ ප්‍රකාශ අතර වෙනසක් නැත. මේවා අපි හාස්‍යයෙන් යුතුව පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නේ තොරතුරු හා සාක්ෂි පදනම් කරගෙනය. බොදු බලසේනා ලෙස අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මුස්ලිම් අන්තවාදයක්, මුස්ලිම් ප්‍රචණ්ඩත්වයක් රටේ තිබෙන බවයි. මුස්ලිම් ත්‍රස්තවාදයක් පවතින බවයි. ඒ වගේම ආයුධ සන්නද්ධ මුස්ලිම් ත්‍රස්ත කල්ලි ලංකාවේ සිටින බවයි. නමුත් බහුතරයක් මුස්ලිම් ජනතාව ඊට අයත් නැත. නමුත් රජය නිසි පියවර ගත්තේ නැත්නම් අනාගතයේදී 1983-2009 යුගයටත් වඩා දරුණු ඵලවිපාක වලට අපට මුහුණ දෙන්න සිදු වනු ඇත. “බොදු බලසේනා” තහනම් කර මේ ගැටලුව විසඳන්න පුළුවන් යැයි මෝඩ තර්ක ගෙන එන්නේ ඔවුන් ගැටලුව හඳුනාගෙන නැති නිසාය. චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන ගැටලු විසඳන්න නොදන්නා නිසා “බොදු බල සේනා” තහනම් කරලා හෝ මේ ගැටලුව විසඳන්න පුළුවන් නම් ඒ මාර්ගයෙන් හෝ මේ ගැටලුව විසඳන්න. අපිව හිරේ දමා හෝ විසඳිය හැකි නම් ඒ මාර්ගයෙන් හෝ විසඳන්න. අපට කීමට ඇත්තේ එපමණකි.
2009 ජූලි මස බේරුවල ගැටුමක් ඇති විය. මෙහිදී මුස්ලිම් පල්ලි වලට ගිනි තැබිණි. දෙන්නෙකු මරා දැමිණි. එක් කෙනෙකු මැරුවේ පල්ලිය තුළදීමය. හතළිස් දෙනෙකුට පමණ තුවාල සිදු විය. මෙය කළේ කව්රුන්ද? බෞද්ධයෝද? නැත. මෙය කරන ලද්දේ මුස්ලිම් අන්තවාදීන්, ත්‍රස්තවාදීන් විසින් බව අපේ අදහසයි. ඔවුන් මේ ගැටුම් ඇති කළේ පැහැදිලිව ආයුධ සන්නද්ධවය. ඒ 2009 යේය. අද 2014 වන විට පැහැදිලිව මේ අන්තවාදීන්ගේ බලය වැඩි වී තිබේ. ඔවුන්ට දේශපාලන රැකවරණය, ජාත්‍යන්තර සහයෝගය වැඩි වී ඇති බව පෙනේ. බෞද්ධයන් හැටියට අප බොරු නොකියන බැවින් අපට කෙළින්ම පැවසිය නොහැකි වුවද මේ ත්‍රස්ත අන්තවාදී කල්ලි මේ ගැටුම් නිර්මාණය කළ බවට අපට ලොකු සැකයක් තිබේ. එමෙන්ම අක්කර 80ක පමණ ඉඩම් කට්ටියක් අල්ලාගෙන, අලුත්ගම-බේරුවල මුස්ලිම් කලාපයක් නිර්මාණය කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ජයග්‍රහණය කරගන්න මේ කලබලය නිර්මාණය කරන බවටත් කටකතා පැතිර යයි. නමුත් එදා මේ ගැන කතා නොකරපු නොලියපු සියලු දෙනා 2014 අල්ලපු ගමේ ඇති වූ සිද්ධියට මේ තරම් ප්‍රසිද්ධියක් දුන්නේ ඇයි? එයයි සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයේ ගෝලීය ස්වරූපය. ඔය මහාචාර්යවරුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කුලියට හෝ ස්වේච්ඡාවෙන් හෝ රැවටිලා හෝ තමන්ගේ අම්මා වගේ සැලකිය යුතු රට, ජාතිය හා ආගමට නිග්‍රහ කරන්නේ මෙම කුමන්ත්‍රණයේ පැටලීම නිසාය.
එමෙන්ම Tamil Guardian වබේ අඩවියට අනුව 2006 දෙසැම්බරයේ කාත්තන්කුඩිවල පල්ලි අතර ගැටුම් ඇති වී, ගෙවල් හා වෙළෙඳසල්ගිනි තබා, බෝම්බ ගසා, වෙඩි තබා සිදු වුණු සිද්ධි පිළිබඳව මහාචාර්යවරයා අවධානය යොමු කොට ඉන් පසුව කාත්තන්කුඩිවල අන්තවාදීන් කරන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලුවොත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය හා අන්තවාදය පිළිබඳ “නව දැනුම” ලෝකයට එක් කර බුද්ධිමය දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇත. ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇති බවත්, සන්නද්ධ කණ්ඩායම් සිටින බවත්, මේ තත්ත්වය මුස්ලිම් වරුන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් 2007 දී කීවේ බොදු බල සේනාව නොවේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා නම් මුස්ලිම් නායකයාය.
2010 දී, පිටරටින් අරමුදල් ලැබෙන තව්හිද් ජමාත් කියලා අන්තවාදී සංවිධානයක් ලංකාවේ ඇති බවත්, එය ඉතා භයානක බවත්, මුස්ලිම් දේවස්ථානවලට පහර දෙන බවත් පවසමින් ඒ සඳහා මැදිහත් වෙන්න යැයි ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ බෞද්ධයන් නොවේ. අද දේශපාලන වාසි ගන්න බොදු බලසේනාවට බොරු හා මඩ චෝදනා නගන ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් පවා එදා මෙම ඉල්ලීම් කිරීමට ඉදිරිපත් වූහ.
මුළු ලෝකයෙම බොහෝ තැන් අද මුස්ලිම් අන්තවාදයටත්, ත්‍රස්තවාදයටත් ගොදුරු වී අවසන්ය. මේ ගෝලීයකරන පරිසරයකදී අන් සියලු දේ ලංකාවට එද්දී අන්තවාදය හා මුස්ලිම් ත්‍රස්තවාදය රටට පැමිණීම වළක්වන්න තිබෙන පෙනේරය කුමක්ද කියා අපට ගැටලුවක් තිබේ. අපට ඇති එක බලාපොරොත්තුවක් වන්නේ බුදු දහමින් පෝෂණය වූ මැදහත් මුස්ලිම් ප්‍රජාවක් ලංකාවේ සිටින නිසා ඔවුන්ව අන්තවාදයට ගොදුරු කරගැනීම ක්ෂණයෙන් කළ හැක්කක් නොවීමය. අන්තවාදය හා ත්‍රස්තවාදය ඇතුළු ගෝලීය බලවේග මධ්‍යයේ ජාතික බහුතරයක් වූ සිංහලයින්, බෞද්ධයින් ගෝලීය වශයෙන් සුළුතරයක් වෙද්දී අපේ පාලකයින් සර්වාගමික කසාය බි මත් වී සිටින විට, ඇතැමුන් අලුත් බෞද්ධ ”ගංජා සුරුට්ටු” උරන කොට, ඔබ රොහාන් ගුණරත්නලා වැනි මහාචාර්යවරුන් තොරතුරු හා දැනුම පිළිබඳ දරිද්‍රතාවයෙන් (Information & Knowledge Poverty) පෙළෙන විට අපේ රටට, ජාතියට, ආගමට බොදු බලසේනා සරණ ම පමණය
බොදු බලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ
(ලේඛකයා ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරයෙකු ලෙසද, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත)

.jpg)

0 comments:
Post a Comment