සුදු වෑන්වලින් යාපනයේ නිවෙස්වලට ගොස් රජයේ බුද්ධි අංශ නිලධාරීන් බව කියමින් කොල්ලකෑම්වල යෙදුන පුද්ගලයන් සිව්දෙනෙකු සොරාගත් දේපළද සමග අත් අඩංගුවට ගත් බව යාපනය පොලීසිය කියයි. ඉකුත් කාලයේ දී යාපනය, මානිප්පායි, කයිට්ස් , අච්චුවේලි , කෝපායි , චුන්නාකම් ආදී ප්‍රදේශවලට සුදු වෑන්වලින් ගොස් ඇති පිරිසක් තමන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා රහස් පොලීසියේ නිලධාරීන් යැයි හඳුන්වා දී ත්‍රස්තවාදී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇතැයි පවසා බිය ගන්වා මුදල් හා දේපළ කොල්ල කා ඇත.
මේ පිළිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබිමෙන් පසුව පරීක්ෂණ පැවැත්වූ යාපනය පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් සිව්දෙනකු පෙරේදා (26) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු මත පවුම් 12 ක් බරැති රන් ආභරණ , ඩිජිටල් කැමරාවක් හා ජංගම දුරකථන 04 ක් සොයාගෙන තිබේ. නිවාස හා වෙළෙඳසල් පහකින් කොල්ලකෑ රුපියල් 1068,000 ක දේපළ පිළිබඳව තොරතුරු හෙළිව ඇතැයි ද කෝවිල් කඩා රන් ආභරණ හා පිත්තල සොරා ගැනීම පිළිබඳවද තොරතුරු හෙළිව ඇතැයි ද පොලීසිය කියයි.

0 comments:
Post a Comment