facebook like

ජැකොලිනාගේ භූතයා

ජැකොලිනාගේ 'කෑම සූත්තර' එකෙන් ආප්පයක් කා ප්ලේන්ටියක් බීලා ජොගින් යන්න හිතාගෙන ගිය ලොක්කාට මේකී නම් පුදුම සූත්තරකාරියක් කියා හිතුණේය. ඒ ආප්පයක ගාණ ඇහුවාට පස්සේය. ආප්පයක ගාණ ඇසූ ලොක්කාගේ බඩ පපුව පත්තු වී ගියේය. ඒ ජනතාවගේ අහිංසක ෆේස්කට්ස් මතක් වෙලාය. මෙහෙම ගැහිලි ගහනවාට හෙණ ගැහුවත් මදි කියා සිතුවේය. අම්මා මුත්තා කාලේවත් අහපු ඒවාද දැන් අහන්න වෙලා තියෙන්නේ කියා සිතුවේය.

ලුණු මිරිසක් දෙසීයයි කියා කියද්දී ලොක්කාට තරු විසික්කා වුණේය. රත්තරං කුඩු, කුඩු කරලා දානවද දන්නෑ එච්චර ගණන් කියා සිතුවේය. ආප්ප තුනහතරක් කා ප්ලේන්ටියක් බොන සල්ලිවලින් නුවර, කොළඹ හයිවේ එකේ මීටර් 50ක් 60ක් ගොඩදාගන්න පුළුවන් කියා ද හිතුවේය. සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි, යමක් කමක් තියෙන එකෙක් ආවත් මේකෙන් කෑවොත් නම් ඉඩකඩම් උගස් කරගන්න වෙයි කියා සිතමින් කම්පා වුණේය. ඉස්සර බෙලි හන්දියේ මැගී අක්කාගේ කඩෙන් උණු උණු ආප්ප දහයක් ‍ෙදාළහක් කාල හොඳ ඇම්බුන් කෙසෙල් ගෙඩි දෙකක් ගිලලා කිරි කෝපි එකක් බිව්වත් බිල සත දෙකක් වෙන්නේ නෑ කියා මතක් වී ලොක්කාගේ හිත ගල් බනිස් ගෙඩියක් වගේ ගල් වී ගියේය. ඊටත් පස්සේ මැම්බර් ලොක්කාට හිතුණේ එහෙම හිතලාත් බෑනේ කියාය. පාරවල් ලොකුවෙලා එයාර්පෝර්ට් දෙක තුන වෙලා, හාබර් හෝ ගාලා වැඩි වෙද්දී ආප්පයක් විතරක් එක තැන ඉන්නේ නෑනේ කියාය.


සයිඩ් එකකට වෙලා බැරි බැරි සෙයියාවෙන් ආප්පය කා කොනක් අල්ලාගෙන ඉන්න ලොක්කා දුටුව ජැකොලිනා හරිම ආසාවෙන් ලොක්කා ගාවට ඇවිත් චැට් එකට සෙට් වුණාය. පංකාදු පහයි නංගී... ගමේ රහ නියමෙටම තියෙනවා කියූ ලොක්කාත් ජැකොලිනා අප් කළේය. ඒත් මේ පොල් රොටි නම් ටිකක් ගණන් වැඩි නැද්ද කියා ඇසුවේය. අපි රොටිවලට ගන්නේ ගෝල්ඩ් මික්ස් හරි දුර්ලභ ගොඩාක් කොලිටි පිටි වර්ගයක්නේ අයියා... කියූ ජැකොලිනා රොටිවලට දාන පොල් ගෙන්නන්නේ හවානා අයිලන්ඩ්වලින් කියා කිව්වාය. ලොක්කා හානේ කියමින් බෙල්ල වැනුවේය. ලුණු මිරිස්වලට උම්බලකඩ ගෙන්නන්නේ කොහෙන්ද කියා ඇසූ ලොක්කාට ජැකොලිනා කිව්වේ මාලදිවයින්වලින් කියාය.


අලගිය තැන් මුලගිය තැන් කතා කරමින් චැට් එකට සෙට් වුණු ජැකොලිනා, ලොක්කාට කිව්වේ මෙහේ ආවට පස්සේ යන්න හිත දෙන්නේ නෑ කියාය. ඕනම වෙලාවක නතර වෙන්න අපි ඔයාව ඕනම වෙලාවක භාරගන්නවා කියා ලොක්කාත් මුරුංගා ඉත්තේම තිව්වේය. 'කික්' ෆිල්ම් එක ගැන ඇසුවේය. සලමාන් බයියා මට ගොඩක් ක්ලෝස් වුණේ ඒ චිත්‍රපටයෙන් තමයි කියමින් ජැකොලිනා රොමෑන්ටික් වුණාය. ලොක්කා කිව්වේ ඒ වගේ චාන්ස් එකක් කෙනකුට ලැබෙන්නේ කලාතුරකින් කියාය. මම මෑන් මතක් කළා කිව්වා කියන්න කියාත් කීවේය. ජැකොලිනා දිවේ මුලේ නොගෑවෙන්න, එයාත් නිතරම මතක් කරනවා, කියා කිව්වාය. කොච්චරවත් ඇවිත් යන්න එන්න ඕනෑ කියනවා කියා කීවාය. ඔව්. ඔව් එයාත් හරිනම් දැන් ඇවිත් මහගෙවල් බලලා කියලා ගියාට කමක් නැති බව ලොක්කා කිව්වේය. හක හක ගා හිනාවුණු ජැකොලිනා, නෑ... නෑ එහෙම මුකුත් නෑ ඕව, ගොසිප්නේ අයියා කියා සුරතල් වුණාය. ඔය වගේ ගොසිපක් ඇත්ත වෙනවා නම් මෙහේ සමහර ඇක්ට්‍රස්ලා ඉන්නවා ජීවිතේ වුණත් දෙන්න කැමැතියි කියූ, ලොක්කාත් මහා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තේය.


දැන් මෙහේ බිස්නස්වලටත් එන්ටර් වුණු එකේ නරකද පොලිටික්ස්වලටත් එන්ටර් වුණොත් කියමින් ලොක්කා, ලොක්කාගේ ඇඟටත් නොදැනෙන්න හෙමීට ජැකොලිනාගේ පැත්තට කොක්කක් දමා බැලුවේ කතාව ඔහොම යන අතරතුරේදීය. ඒ කතාවෙන් ජැකොලිනා ඊ ගහක් වගේ කෙළින් වුණාය. මුවැත්තියක් වගේ බොරු බයක් පෙන්නුවාය. කොමළ කළාය. බොරු එපා නංගී කියමින් ලොක්කාත් ජැකොලිනාව තව තවත් උනන්දු කළේය. ආප්පයක් මේ ගාණට දීගන්නවා කියන්නේ නංගීට පොලිටික්ස් අලුතෙන් ඉගෙන ගන්න දේකුත් නෑ කියා කිව්වේය. මෝඩී බයියාගෙනුත් මේ වගේ රික්වෙස්ට් තියෙනවා කියා ජැකොලිනා හින්දියෙන්ම කියාගෙන කියාගෙන ගියාය. බැට් කරනවා නම් බැට් කරන්නේ මෙහේ ග්‍රවුන්ඩ් එකකින් තමයි කියාත් කීවාය. ලොක්කාට ඇසුණේ ඒ මොකද ඒ කියාය. නෑ... ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා, මෙහේ පොලිටික්ස් කළොත් සදහටම ගොඩ කියා ඉන්ඩියාවල උදාන වාක්‍යයක් පවා තියෙනවා කියා ජැකොලිනා ලොක්කාට පත එක්ස්ප්ලේන් එකක් දුන්නාය. මොන බොරුද නංගී ඒවාත් ගොසිප් තමයි කියා ලොක්කාත් ඇඟට පතට නොදැනෙන්න උත්තර දුන්නේය.


එහේ හෙල්ත් මිනිස්ටර්ට නංගී මොකද කේක් යවන්නේ කියා ලොක්කා ඇසුවේ නිකන් දැනගන්නය. එහේ පුරුද්දට මෙහේ ඇවිල්ලාත් මම මැම්බර් ටීම් එකේ අයියලා ගොඩ දෙනකුට කේක් යැව්වා කියා ජැකොලිනා කීවාය. අපේ උන්ද... අපේ උන් ගැන නම් මතක් කරන්න එපා නංගී කියූ ලොක්කා නොසෑහෙන්න සෑඩ් මූඩ් වුණේය. ඔක්කොම ඇලඩින්ගේ පහනේ භූතයා වගේ තමයි කියා කීවේය. ලාම්පුව අතේ තියෙනකල් බැඳගෙන වැඩ ගත්ත හැකි කියාත් අප්සට් එකෙන්ම කිව්වේය.
ඇලඩින් කතාව ඇදිලා ආව නිසා එකපාරටම ලොක්කාට මතක් වුණේ ජැකොලිනාගේ 'ඇලඩින්' චිත්‍රපටයය. චිත්‍රපටයෙන් පස්සේ ලාම්පුවට මොකද කළේ කියා ලොක්කා ඇසුවේය. ප්‍රොඩක්ෂන් ටීම් එක ලාම්පුව වීසි කරන්න හදද්දී මම ඉල්ලා ගත්තා... අර තියෙන්නේ ඒක තමයි කියමින් ජැකොලිනා සයිඩ් එකක එල්ලා තිබූ පරණ ලාම්පුවක් පෙන්නුවේය. ලොක්කාට අම්මට සිරි ගෑවුණේය. ළඟදී සලමාන් අරන් දුන්නා කියා කිව්ව පැලස් එකත් ලාම්පුවේ භූතයාට කියලා ක්‍රියේට් කරගත්තු එකක්ද දන්නෑ කියා ලොක්කාට සැක පහළ වුණේය. හදිසියේම කලබල වුණු ලොක්කා මං එහෙනම් ගිහින් එන්නම් කියා එතැනින් මාරු වුණු අතර කෑම සූත්තර අවහන්හලේ කොනක එල්ලා තිබූ ලාම්පුවද හදිසියේම අතුරුදන් වී තිබුණේය.


ලොක්කා ගෙදර ගිහින් බලද්දී ලොක්කාගේ පස්සෙන් ලාම්පුවත් ඇවිත් තිබුණේය. ඒ දැක ලොක්කාට හිතුණේ අනේ පව්... එකතැනම එල්ලිලා ඉඳලා එපා වෙලා එන්න ඇති කියාය. එසේ සිතා නිකමට තුන්පාරක් ලාම්පුව අතින් ටච් කර බැලුවේය. සැණින් අකුණු ගහනවා වගේ සද්දයක් මතුවුණු අතර 'මාස්ටර් ජී' කියාගෙන එළියට ආව භූතයා ලොක්කා දැක තරමක් කලබල වුණේය. භූතයා ලොක්කාගෙන් ඇසුවේ ජැකොලිනා මැඩම් කෝ කියාය. ජැකොලිනා ඇලඩින් කියා කොල්ලෙක් එක්ක අරාබියට පැනලා ගිය බව භූතයාට කියූ ලොක්කා භූතයාගේ හිත හදන්න ට්‍රයි කළේය. තමාගේ ස්වාමීන් දෙදෙනාම ළඟපාතක නැති බව තේරුම් ගත් භූතයා අලුත් ස්වාමියාට වැඩ පෙන්වමියි සිතා නොයෙක් නොයෙක් දේ කරලා පෙන්නන්න ඇසුවේය. ලෝකෙ ලස්සනම බංග්ලෝ එක, ලෝකෙ ලස්සනම කුමාරිය වගේ දේවල් මවලා දෙන්නද කියා ඇසුවත් ලොක්කා, ඒ එකක්වත් එපා කියා ප්‍රතික්‍ෂේප කළේය. එහෙනම් පෝට් සිටි එක හදන්න මුහුද එක රැයින් ගොඩකරලා චීන්නු බංකොලොත් කරලා දෙන්නද කියා ඇසුවේය. කටුගෙයින් නැති වුණු බඩු හොරුත් එක්ක අල්ලන් එන්නද කියා ඇසුවේය. කුඩුකාරයන් බුරුතු බුරුතු අල්ලන් එන්නද කියා ඇසුවේය. ඒත් එපා නම් උෟව මහඇමැතිගේ සප් එකට ගිහින් වැඩකරන්නද කියා ඇසුවේය. නවිපිල්ලේ උස්සා සක්වළ ගලේ ගහලා එන්නද කියා ඇසුවේය.

ලොක්කා ඒ මොකටවත් හාවක් හූවක් නැතිව සිටියේය. භූතයා දැන්ම වැඩිය මහන්සි කරන්න හොඳ නෑ කියා හිතුවේය. ඔක්කොටම කලින් උඹේ වැඩ කොහොමද කියලා බලන්න ඕනේ කියමින් කබඩ් මීටින් එකකට භූතයාවත් එක්කගෙන ගියේය. මීටිමේ වෙන දේවල් මීටිමෙන් එළියට යන්නත් කලින් මීඩියා මෑන්ලාගේ කනේ තියන අය එකෙක් නෑර හොයලා මට කියපන් කියා ඕඩර්ස් දුන්නේය. කිසිවකුට නොපෙනෙන්න කඩබ් මීටින් එකේ හැමතැනම සැරිසැරූ භූතයා පට් පට් ගා සියල්ල ලොක්කාට රිපෝට් කළේය. ඊටත් පස්සේ කබඩ් මීටිම පැත්තෙන් ලොක්කාගේ කටහ¾ඩින් චිප් චිප් ගා කවුරු නමුත් එළවන සද්දයකුත්, දැන් ඔය ෆෝන් ඕන් කරගෙන ඉන්න උදවිය ෆෝන් ඕෆ් කරගත්ත නම් මං සේරම දන්නවා යැයි ගෝරනාඩු කරනවාද ඇසිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive