facebook like

දියණියන් නොමරන්න කප්පම් ඉල්ලූ දෙන්නෙක් කොටුවේ

වයස අවුරුදු 05හා 06පසුවන දියණිවරු දෙදෙනා පැහැර ගෙන ගොස් මරා දැමීමට තමන්ට රුපියල් ලක්‍ෂ 03ක කොන්ත‍්‍රාත්තුවක් ලැබී ඇති බවත් එම කොන්ත‍්‍රාත්තුව ඉටු නොකර සිටීමට තමාට ලක්‍ෂ 03මුදලක් දෙන ලෙසට

මෙරට ප‍්‍රමුඛ පෙලේ ජංගම දුරකථන සමාගමක ඉංජිනේරුවරයෙකුට තර්ජනය කරමින් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු සහ ඔහුට ඒ සඳහා සහය දැක්වූ කාන්තාවක් සමග පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

භීෂණ සමයේ නිරන්තරයෙන් නම කියැවුණු පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් මහතාගේ දරුවෙකුද මෙසේ බිය ගන්වා ඔහු රුපියල් ලක්‍ෂයක කප්පමක් ලබාගෙන ඇතැයිද පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉවත්වූ සෙබලෙක් ලෙස විශේෂ කාර්ය බලකායේ හිටපු සේනාවිධායකවරයෙකුගේ අත්සනින් යුතු ලිපියක්ද ව්‍යාජ ලෙස සකස් කර ඇති ජාතික හැදුණුම්පත් 03ක්ද මෙම පුද්ගලයා සතුව තිබී සොයා ගෙන තිබේ.

මෙම පුද්ගලයා මාකොළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහුගේ වයස අවුරුදු 23ක් බවත් ඔහුගේ සහයිකාව අවුරුදු 21ක තැනැත්තියක් බවත් පොලිසිය සඳහන් කරයි.

ජංගම දුරකථන සමාගම් ඉංජිනේරුවරයාට දුරකථන ඇමතුම දෙමින් ඔහු තර්ජනය කර ඇත්තේ දරුවන් දෙදෙනා මරා දැමීමේ කොන්ත‍්‍රාත්තුව තමන්ට ලබා දුන්නේ පවුලේ ඥතියෙක් බවය.

 ඒ සම්බන්ධයෙන් ඉංජිනේරුවරයා පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ පැමිණිල්ලට අනුව එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.ගනේෂනාදන් මහතාගේ මෙහෙයැවීමෙන් ක‍්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භකොට තිබේ. එහිදී කප්පම ලබාදීමට තමන් කැමති බව ඉංජිජේරුවරයා කප්පම්කරුට පවසා එහි මුල් තොටස බව සදහන් රුපියල් 50000ක මුදලක් කප්පම්කරු ලබාදුන් බැංකු ගිණුමක තැන්පත්කර ඇත. එම බැංකු ගිණුම කාන්තාවකට අයත් බම්බලපිටියේ රාජ්‍ය බැංකු ශාඛාවකි. එම මුදල ලබා ගැනීමට එම කාන්තාව සමග කප්පම්කරු සඳුදා(21)සවස බැංකුවට පැමිණී අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive