ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් පාලනයට බලපෑම් කළ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට භාරතීය ජනතා පක්ෂයට බලපෑම් කිරීමේ හැකියාව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් නොලැබීම සතුටුදායක කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඉන්දීය මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ භාරතීය ජනතා පක්ෂයට නව
රජයක් පිහිටුවීමට තනි බලයක් ලැබී ඇති බවයි.
මේ නිසා තමිල්නාඩුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයට කේවල් කිරීමේ හැකියාව අහිමිවී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.
මෙම වාතාවරණය යටතේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට තමිල්නාඩුවේ බලපෑමකින් තොරව ඉන්දීය නව රජය සමග සාර්ථක සබඳතා ගොඩනගා ගත හැකි බව ඔහු කියයි.
“ දිල්ලියේ ශක්තිමත් රජයක් තිබීම අපිට හොඳයි. එම රජය ගන්නා කුමන වුවද තීරණයක් තමිල්නාඩුවේ බලපෑමකින් තොරව විය හැකියි“ යනුවෙන් ඇමතිවරයා පෙන්වාදෙයි.
ඉන්දීය නව අගමැතිට වෙනත් පක්ෂවල බලපෑමකින් තොරව නැගී සිටිය හැකි බවද විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 39කින් 37ක්ම ජයලලිතා ජයගනු ලැබුවද එය ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව ඇමතිවරයාගේ අදහසය.
මෝඩිගේ ජයග්‍රහණයට සුබපැතු දෙස් විදෙස් නායකයින් අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා වන බවත් ඔවුන් දෙදෙනා අතර සමානකම් රැසක් ඇති නමුත් එය ඇගයීමට අවශ්‍ය නොවන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය එරට ලොක් සභාවේ මන්ත්‍රී ආසන 543න් 282ක් දිනා ගත් අතර කොංග්‍රස් පක්ෂය දිනා ගත්තේ ආසන 44ක් පමණි.





0 comments:
Post a Comment