කවුරුවත් මාව හසුරුවන්න එන්නේ නෑ. මගේ මතයට තමයි මම වැඩ කරන්නේ. මම සරසවි සිසුන්ට ආදරෙයි. ඒ ළමයි නිසයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සරසවි සිසුන්ට ඇප දීමට විරුද්ධ නොවීම මගේ තීරණයක් යැයි බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී 19දා ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාව ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සම සෞඛ්‍ය පීඨ එකමුතුව විසින් අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සරසවි සිසුන්ට ඇප ලබාදුන් අවස්ථාවේදී අනුර සේනානායක මහතා එසේ පැවැසීය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැණිනි. සරසවි සිසුන්ට සහයෝගය පළ කිරීමට සරසවි සිසුන් විශාල පිරිසක් පෙරේදා උදෑසන සිටම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියහ.
අදාළ නඩුව සඳහා කරුණු ඉදිරිපත් කිරීමට සහ පෙනී සිටීමට බස්නාහිර පළාත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ගාමිණී මතුරට යන මහත්වරු, සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ජයරත්න, චන්ද්‍රතිලක, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් සිල්වා ඇතුළු ජේයෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් පැමිණ සිටියහ.
සරසවි සිසුන් වෙනුවෙන් කරුණු දැක්වීමට ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස්, ගුණරත්න වන්නිනායක යන මහත්වරු ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ බස්නාහිර පළාතේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙසේ පැවැසීය.
අපි ක්‍රියාත්මක වෙන්නේ ළමයි නිසා. මෙලෙස සරසවි සිසුන් පාරට බහින්න හේතූන් ඇති. ළමයි විශාල පිරිසක් පාරට බැස්සහම මහජන සාමය කඩවෙනවා. ජනතාවට හිරිහැර වෙනවා. මෙහිදී නීති විරෝධී රැස්වීම්, පෙළපාළි පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග පනවා තිබියදී එලෙස කටයුතු කිරීමෙන් අධිකරණ නියෝග කඩ කරලා තිබෙනවා.
ජේයෂ්ඨ නීතිඥ
සාලිය පීරිස් මහතා
අධිකරණ නියෝග කඩකළා කියනවා නම්, තවත් අය අත්අඩංගුවට ගන්න ඉන්නවා කියනවා නම් අද අධිකරණයට සියලු දෙනා ඇවිත් ඉන්නවා.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
සරසවි සිසුන්ට ඇප දීමට විරුද්ධද?
නියෝජ්‍ය පොලිස්පති
අනුර සේනානායක මහතා
නැහැ.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
කොළඹ බුද්ධි අංශ හොඳට ක්‍රියාත්මක වෙනවද?
නියෝජ්‍ය පොලිස්පති
ඔව්.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
එහෙනම් උද්ඝෝෂණ, පෙළපාළි වගේ දෙයක් වෙනවා නම් කලින් දැන ගැනීමට නොහැකි වන්නේ ඇයි?
නියෝජ්‍ය පොලිස්පති
ඔවුන් එක්වරම රැස්වී උද්ඝෝෂණ, පෙළපාළි පවත්වනවා.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
මින් ඉදිරියට පෙළපාළි කරන බව හෙළිදරව් කරගෙන සතියකට කලින් අවශ්‍ය ඉල්ලීම්, අවශ්‍ය නම් අධිකරණයට දැනුම්වත් කරන ලෙස බුද්ධි අංශවලට දන්වන්න.
ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා
මෙම සරසවි සිසුන් උද්ඝෝෂණයේ, පෙළපාළිවල නිරත වන විට ඊට එරෙහිව තවත් කණ්ඩායමක් පෙළපාළි, උද්ඝෝෂණ පැවැත්වුවා. අද දින එම කණ්ඩායම ගැන නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ වාර්තාවේ වචනයක්වත් නැහැ. මෙම සරසවි සිසුන්ට විරුද්ධව ඇතැම් පිරිසක් කඩු පොලු අරගෙන එන විට බුද්ධි අංශ ඒ ගැන දැනුම්වත් වීමක් නැහැ. පොලිස් බුද්ධි අංශ තිබෙනවා නම්, පොලිසියට අංශු මාත්‍රයක බුද්ධියක් තිබෙනවා නම් අනෙකුත් පිරිස් නැවැත්වීමට කටයුතු කළ යුතුයි.
අද මේ අධිකරණය තුළ කොළඹ භාරව සිටින
ජේයෂ්ඨ පොලිස්පතිවරු දෙන්නම ඉන්නවා. තවත්
ජේයෂ්ඨ පොලිස් නිලධාරීනුත් රැසක් ඉන්නවා.
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා, පොලිස් සේනාවක් පිරිවරාගෙන ඉන්නවා. අද අනුර සේනානායක මහතාගේ දේශනය ඇසුවා නම් මේ රටේ කොපමණ හොඳ පොලිස් සේවාවක් තිබෙනවාද කියා හිතෙනවා. පොලිසිය කියනවා මේ වගේ සිද්ධි ජාත්‍යන්තර වශයෙන් හානිදායක වෙනවා කියලා. සාමකාමී උද්ඝෝෂණ නැවැත්වීමට යන විට තමයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්නේ. රජයට විරුද්ධව කෙරෙන සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම තමයි පොලිසියේ අරමුණ.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
මහා මාර්ගය පැය 3-4ක් වැහුවාම ජනතාව තමයි පීඩාවට පත්වන්නේ.
ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා
නීතිය වැරැදි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසියට ඉඩදිය යුතු නැහැ.
ජේයෂ්ඨ නීතිඥ
ගුණරත්න වන්නිනායක මහතා
මේ රටේ උගතුන් බිහිවන්නේ සරසවි තුළින්. ඔවුන් අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් හෝ සෙල්ලම් පිස්තෝලකාරයන් නෙවේ. පොලිසිය වැරැදි වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොයෙකුත් නියෝග ගන්නවා. මටත් පොලිසිය වෙඩි තියන්න ආවා. මේ රටේ කාර් රේස් යන විට මාර්ග හරස් වෙන්නේ, වහන්නේ නෑ. රජයේ පෙළපාළි යනවිට නියෝජ්‍ය පොලිස්පතිතුමා සැලියුට් ගහනවා.
ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා
මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාතම භාරව ඉන්න පුද්ගලයායි. මොහුගේ සේවාවේ තිබෙන විශිෂ්ටත්වය අනුව, වසරක සේවා දිගුවක් ලබා දුන්නා.
නීතිඥ ගුණරත්න
වන්නිනායක මහතා
ඩී.අයි.ජී. ඕඩර් දුන්නා ගැහුවා, තැළුවා. මටත් එහෙම ගැහුවා.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
මොකට කියනවාද මේ ඩී.අයි.ජී. මහත්තයා එහෙම නෑ.
නියෝජ්‍ය පොලිස්පති
අනුර සේනානායක මහතා
එහෙමයි හාමුදුරුවනේ!
මේ අවස්ථාවේදී අනුර සේනානායක මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත දෑත් එකතුකොට ආචාර කරමින් එසේ පැවැසීය.
සරසවි සිසුන් වෙනුවෙන්
පෙනී සිටි නීතිඥවරුන්
මේක පන්සලක් නෙවේ අධිකරණයක්.
නියෝජ්‍ය පොලිස්පති
අනුර සේනානායක මහතා
මේ දවස්වල පන්සල් ආශ්‍රිතව රාජකාරි කළා. ඒක නිසා මට එහෙම කියැවෙන්න ඇති. කැරලි මැඬලන්න අපි තුවක්කු භාවිත කරන්නේ නෑ.
සරසවි සිසුන් වෙනුවෙන් පෙනී
සිටි නීතිඥවරුන්
එහෙම නොකෙරුවාට ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා
සාමකාමී ජනතාව මෙවැනි උද්ඝෝෂණ නිසා දැඩි පීඩනයකට ලක්වෙනවා. නමුත් මේ අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම සාධාරණ බව කිව හැකිය. එහෙත් මින්පසු විශ්වවිද්‍යාල සිසුන්ගේ පෙළපාළි තහනම් කරන්නැයි කියා ඉල්ලීම් අරගෙන අධිකරණයට එන්න එපා. එනවා නම් සතියකට පෙර එන්න.
ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා
මෙම සරසවි සිසුන් උද්ඝෝෂණයේ නිරත වුණේ කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් තකා නොවේ. සාමකාමී උද්ඝෝෂණය නැවැත්වීමට කටයුතු කළේ වෙනත් අයගේ හැසිරවීම් නිසයි.
නියෝජ්‍ය පොලිස්පති
අනුර සේනානායක මහතා
මාව හසුරුවන්න එන්නේ කවුද?
ජේයෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා
ඇයි පොලිස්පති, ආරක්‍ෂක ලේකම්වරයා.
නියෝජ්‍ය පොලිස්පති
කවුරුවත් මාව හසුරුවන්න එන්නේ නෑ. මගේ මතයට
තමයි මම වැඩකරන්නේ. ඒක නිසාම තමයි සරසවි සිසුන්ට ඇප ලබාදීමට විරුද්ධ
නොවීමට මා තීරණය කළේ.
ජේයෂ්ඨ නීතිඥ
සාලිය පීරිස් මහතා
ඔබට තේරෙන්නේ නෑ ඔබව හසුරුවන්නේ කවුද කියා.

0 comments:
Post a Comment