facebook like

ජනපතිවරණයට තුන්කොන් සටනක්‌

ප්‍රධාන පක්‍ෂ තුනෙහි නායකයන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කීරීම හේතුවෙන් ජනාධිපතිවරණය තුන්කොන් සටනක්‌ බවට පත්ව ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, එක්‌සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්‌ති පෙරමුණෙන් අනුර කුමාර දිසානායක යන නායකයන් මෙලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.

ප්‍රධාන පක්‍ෂ තුනම ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරක කටයුතු මේ වන විට නිල නොලත් මට්‌ටමෙන් රට පුරා දියත් කර ඇත.

විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් දෙදෙනෙක්‌ ජනාධිපතිවරණයට තරග කිරීම නිසා පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා විය.

පොදු අපේක්‍ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂාවෙන් සිටි කෝට්‌ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට පිළිගන්නා අපේක්‍ෂකයාට සහයෝගය ලබාදෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර විපක්‍ෂයේ විරෝධය සංවිධානයට අයත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන, දෙමළ ජාතික සන්ධානය සහ ආණ්‌ඩුව නියෝජනය කරන දෙමළ සහ මුස්‌ලිම් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට කැමැත්ත ලබාදී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් 'දිවයින ඉරිදා සංග්‍රහය' කළ විමසුමකදී ඔහු කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ යන කඳවුරු දෙකට සැබෑ විකල්පයක්‌ ලෙස තමා ජනාධිපතිවරණයට තරග කරන බවයි.

මේ සම්බන්ධව සිය පක්‍ෂය ඉදිරියේදී පුළුල් ලෙස සාකච්ඡා කර තීන්දුවක්‌ ගනු ඇති බව පැවසූ දිසානායක මහතා පක්‍ෂය විසින් ගනු ලබන ඕනෑම තීන්දුවක්‌ පිළිගෙන රට මුහුණපා ඇති විනාශකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා කැපවී ක්‍රියාකරන බව වැඩිදුරටත් පැවසීය.

පියසේන දිසානායක සහ අජිත් අලහකෝන්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive