facebook like

තම වැරදි නිසා හැරගිය බිරිඳගෙන් අපූරු විදිහකට පළිගත් නින්දිත සැමියෙක්

සාරංගිව මට හමුවුණේ උපදේශන මධ්‍යස්ථානයකදී. දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි ඇය එදින උපදේශන මධ්‍යස්ථානයට එක්කරගෙන විත් තිබුණේ ඇගේ මිතුරියකුයි.

සාරංගි විවාහ වෙලා තිබුණෙ මීට අවුරුදු පහකට විතර කලින්. ඒ ඇගේම ඥාතියකු සමග. මේ සම්බන්ධයට ඇගේ දෙමාපියන් මුලින් ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නෑ. නමුත් සෙනරත්ව බඳින්න ඉඩදෙන්නෙ නැත්නම් කවදාවත් විවාහයක් වෙන්නෙ නෑ කියල අරගල කරල සාරංගි මේ විවාහයට දෙමාපියන්ගෙ කැමැත්ත ලබා ගත්තා.
සෙනරත් සමග විවාහ වෙලා වසරකින් පමණ සාරංගි මව් පදවිය ලැබුවා. ඇයට ලැබුණෙ දියණියක්. සාරංගි රැකියාවක් කළ නිසා දිවා කාලයේ දියණියව බලා ගන්නට සෙනරත්ගේ මව ඔවුන්ගේ නිවසට පැමිණියා.
නමුත් දියණියගේ වයස අවුරුදු තුනක් පමණ වන විට සෙනරත් සීග්‍රයෙන් වෙනස් වෙමින් හිඳින බව සාරංගිට වැටහුණා. ඇය ඔහුට නොහැඟෙන සේ මේ පිළිබඳව
 සොයා බලද්දී ඔහු එක්තරා අවිවාහක තරුණියක සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන හිඳින බව හෙළිකරගත හැකි වුණා. අන්තිමේ මේ ප්‍රශ්නය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස සාරංගි මෙම විවාහයෙන් සමු අරන් දියණියත් සමග තමන්ගේ මවුපියන් වෙත ගියා.
සෙනරත්ගෙන් වෙන්වෙලා මාස අටකට විතර පස්සේ තමයි සාරංගිට චින්තකව හමුවුණේ. චින්තක සාරංගිගෙ කාර්යාලයට අලුතින් රැකියාවට ආපු තරුණයෙක්. මිතුරකු වශයෙන් චින්තකව ඇසුරු කළා මිසක් සාරංගි කවදාවත් චින්තකට වෙනස් විදිහකට සමීප වෙන්න හිතුවෙ නෑ. නමුත් චින්තක සාරංගිට ලොකු කැමැත්තකින් හිටියෙ. සාරංගි චින්තකට අකමැති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා. එකක් තමයි ඔහු තමාට වඩා දෙවසරකින් පමණ ළාබාල වීම. ඊටත් වඩා ඇගේ සිතට ප්‍රබලව බලපෑ කරුණ වුණේ ඔහු අවිවාහකයකු වීම සහ තමන් එක්දරු මවක වීමයි. මේ නිසා චින්තක කොයිතරම් ඇවිටිලි කළත් සාරංගි ඔහුට අවනත වුණේ නෑ.
දිනක් කාර්යාලය නිමවී සාරංගි ගෙදර යන විට ගෙදර ලොකු අමුත්තක් පවතින බව ඇයට දුරදිම දැනුණා. ඇය ගෙට ඇතුළේ වෙන කොටම දැක්කෙ සෙනරත්වයි.
‘ආ මේ එන්නෙ කුමාරිහාමි’ කියමින් ඇගේ මවද ඇය දුටු සැනින් පැවැසුවේ අවඥා සහගතව.
සාරංගි ප්‍රශ්නාර්ථයෙන් ඔවුන් දෙස බැලුවා. ඒත් එක්කම සෙනරත් ‘මෙන්න තමුසෙ ගැන අපට චරිත සහතිකයක් එවලා ඔෆිස් එකෙන්ම’ කියමින් ඔහු අත තිබූ මුද්‍රිත කඩදාසියක් ඇගේ අත තැබුවා. එය විස්මයෙන් අතට ගත් සාරංගිට ඒ තමා සම්බන්ධයෙන් කරන ලද කැලෑ පත්තරයක් බව පැහැදිලි කර ගන්න අපහසු වුණේ නෑ. ඒකෙ තිබුණෙ චින්තකත් එක්ක සාරංගි අනියම් සම්බන්ධයක් ගෙන යන බවයි.
සාරංගිට දැනුණෙ තම සර්වාංගයම ගින්නකින් පිළිස්සිලා යනව වගේ.
‘දැන් තේරෙනවනේ නැන්දෙ සාරංගිගෙ තරම. බැරිම තැන තමයි මං වෙනස් වුණේ’ කියලා ඒත් එක්කම සෙනරත් බොර දියේ මාළු බාන්න හදන කොට සාරංගිට උන්හිටි තැනුත් අමතක වුණා.
“තමුසෙගෙ කිළුටු හෝද ගන්න හදන්නෙ මගෙ පව්වලින්ද ඕයි? පාහර බල්ලා” කියමින් සාරංගි කෑගහනකොට සාරංගිගෙ අම්මා පැනලා සාරංගිට ගහගෙන ගහගෙන ගියා.
එදා සාරංගිට මුළු ජීවිතේම එපා වුණා. සෙනරතුත් ඒ මොහොතේම යන්න ගියෙ තව ටිකක් හිටියොත් සාරංගිගෙ කටින් තමන්ගෙ වැරදි තව තවත් හෙළි වෙයි කියල බයේ වෙන්න ඇති. අම්මාටයි, තාත්තාටයි සාරංගිව පෙනුණෙ තමන්ගෙ පවුලෙ ගෞරවය, නම්බුව විනාශ කරල දාන්න ආපු හැතිරියක් වගේ. ඊට පස්සෙ සාරංගි තීරණය කළා දරුවත් අරගෙන ගෙදරින් යන්න.
ඒත් සාරංගිගෙ දෙමාපියො දුවව ගෙනියන්න දුන්නෙ නෑ. ‘ඒ දරු පැටියත් නරක් වෙයි උඹ වගේ අම්මා කෙනෙක් ගාව හැදුණොත්” කියලා අම්මා දැඩිවම කියද්දී සාරංගි කිසිවකුටත් නොකියාම ගෙදරින් පිට වෙලා යන්න ගියා.
මිතුරියකගෙ ගෙදර නවාතැන් ගත්තු සාරංගි තමන්ට සිදුවුණු හැමදෙයක්ම කියලා වෙනත් ඔවුන්ගේ සමාගමේ ශාඛාවකට මාරුවීමක් ඉල්ලුවා. සාරංගි ගැන සානුකම්පිත වුණු ඔහු ඇයට ඉතා ඉක්මනින් මාරුවීමක් හදල දීල සතියයි ගත වුණේ ඒ අංශ ප්‍රධානියාගෙ බිරිඳ කාර්යාලයට ආවා සාරංගිව හොයාගෙන. ඊළඟට සාරංගිට හැදිලා තිබුණු කටකතාව ඇය අංශ ප්‍රධානියා සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා කියලයි.
සාරංගි කියපු කිසි දෙයක් ඒ කාන්තාව පිළිගත්තේ නෑ. අන්තිමේ සාරංගිට සිද්ධ වුණේ ඒ කාර්යාලය තුළත් අතිශයින් ලැජ්ජාවට පත් වෙන්නයි.
කිසිම වරදක් නොකර තමන්ට මේ සිද්ධ වුණේ මොකක්ද. මේකට වගකිව යුත්තේ කවුද කියලා දැනගන්න කොට සාරංගි විශාද රෝගියෙක් බවට පත්වෙලා හමාරයි. ඇයට මේ සිද්ධිය වුණු හැම විනාශයකටම වගකිව යුත්තා වුණේ චින්තක. තමාට ඇය අකමැති වීම හේතුවෙන් ඔහු ඇගෙන් පළි අරගෙන තිබුණෙ ඒ විදිහට.
දැන් සාරංගිගෙ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන එයාගෙ දෙමාපියන් තමන් ළඟට සාරංගිව කැඳවාගෙන තියනවා. ඒත් දැන් සාරංගි රැකියවකට යන්නේ නැ. මේ දවස්වල ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව මනෝ චිකිත්සක ප්‍රතිකාරත් ලබා ගනිමින් ඉන්නෙ.


( ඉන්දු පෙරේරා)


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive