facebook like

‘ගැහැනියකට උහුලා ඉන්න බැරි තරම් මට වද දුන්නා’-(Video)-- ඡන්දයට ඉදිරිපත් ව සිටින කාන්තාවෝ අදහස් දක්වයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජන රැළියක් අමතමින් මෙලෙස අදහස් පළ කළේ ය.
මම මේ සටන ගෙනියනකොට මට අපහාස කළා. වෙබ් සයිට්වලින් මඩ ගැහුව. පුළුවන්තරම් ගැහැනු ළමයෙක්ට කියන්න පුළුවන් ලිංගික අපහාස හැමදේම කළා. ඝාතන සැලසුම් කරල ඒව එළියට ආව ඉතින් මේ හැම දේම මගේ හිතේ තියාගෙන ඉතා ම උපේක්ෂාවෙන්  මේ ගමන ගියේ. මං දැනගෙන හිටිය කවද හරි දවසක මට මේ විදියේ ආදරයක් මේ වගේ ශක්තියක් ජනතාවගෙන් ලැබෙයි කියලා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග
වදින රන්මලී ගුණවර්ධන වත්මන්
සමාජයේ කාන්තාව මුහුණ දී සිටින අපහසුතා ‍පිළිබඳව මෙවැනි අදහසක් පළ කළා ය.
කාන්තාව හිංසනයට ලක් වෙලා කාන්තාව පුරුෂාධිපත්‍යයට ලක්වෙලා කාන්තාව පීඩනයට ලක්වෙලා මේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර මහලු අපචාර මේ හැම දේම උරුම වෙන්නෙ කාන්තාවට විද දරා ගන්න. එහෙම කාන්තාවක් කොහොමද දේශපාලනය කරන්න ඉදිරියට එන්නෙ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකාවක වන ගීතා කුමාරසිංහ සිය වීරත්වය පිළිබදව අදහස් පළ ක‍ළා ය.

ගැහැනියකට උහුලා ඉන්න බැරි තරම් මට වද දුන්න. ඒත් මම නෙවෙයි, පසු බැස්සෙ. මං එහෙම හිත ධෛර්ය කර ගත්ත ඇඩුවෙ නෑ. ගහන්න ආව අයට නිසි පිළිතුරු ලබා දුන්නා. දකුණේ ගැහැනියකගේ සැබෑ ශක්තිය දකුණෙ ගැහැනියකගේ සැබෑ වීරත්වය තනි ගැහැනියක් හැටියට මේ වෙනකොටත් මං පෙන්නල ඉවරයි.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කලුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් ව සිටින ප්‍රියංකා ලාලනී  ජීවන වියදම පිළිබඳව පළ කළේ මෙවැනි අදහසකි.

අපි කුස්සියෙ වැඩ කොටස කරගෙන යනකොට අපි කාන්තාවක් හැටියට විශේෂයෙන් අපිට දැනෙන්න ඕන මේකෙ අමාරුකම අපිට දැනෙනව මේක හැම ගෙදරකම කාන්තාවකගෙ අතින්ම එලියට යනව. කියනව අපිට ඇත්තමට ජීවත් වෙන්න අමාරුයි

වැඩ කරන මිනිසුන්  පළාත් සභාවට තෝරා ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින මල්ෂා කුමාරණතුංග පැවසුවා ය.
දැන් වෙන්නැති ලොකු වැඩ කොටසක් මට පේනව. මං හිතන්නෙ ඕගොල්ලන්ටත් ඒ දේ පේනව. ඉතින් ඉස්සරහට ඕගොල්ලන් පළාත් සභාවට ඉදිරිපත් කරගන්න ඕන ඕගොල්ලන් වෙනුවෙන් දැන් ඉන්නවට වැඩ කොටසක් කරගෙන යන්න ඕන පිරිසක්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්ෂිකාවක වන අනර්කලී ආකර්ශා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබදව අදහස් පළ කළා ය.
කාරණා තුනක් කිසිම කෙනෙක්ට වසන් කරන්න බැහැ. පළවෙනි දේ තමයි ඉර, දෙවෙනි දේ තමයි හද ඒ වගේ ම තුන්වෙනි දේ තමයි යථාර්ථය යථාර්ථය මේකයි අම්මේ තාත්තේ තේරුම් ගන්න අපිට එකම නායකයෙක් ඉන්නෙ ඒ නායකය තමයි අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා
ජනතා විමුක්ති පෙරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වදින  සෝමලතා ගුරුගේ  මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් ව සිටින නළු නිළියන් පිළිබඳව අදහස් පළ කළා ය.

නළු නිළියො ප්‍රසිද්ධ වෙච්ච අය ගෙනත් දාලා මේ පළාත් සභාව දිනාගන්න සූදානම් වෙනව. නමුත් අපි කියනව ඒ නළු නිළියන්ට කිසි ම දේශපාලන දැනීමක් නෑ. ඒ ගොල්ලො වාහනෙන් ඇවිල්ල හායි කිව්වට දැන් ජනතාව රැවටෙන්නෙ නෑ. ඒකට ඒක නිසා ඔබ හිතනවනම් ඒ ගොල්ල හොඳයි කියල අපිට ඉතින් ඔබලාට දෙයියන්ගෙ ම පිහිටෙයි කියල කියන්නත් වෙනව.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කට තරග වැද සිටින සමන්මලී සකලසූරිය පළාත් සභා ක්‍රමයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් පළ කළා ය.

එදා සුදු අලියයි කියල මේ කියපු පළාත් සභා ක්‍රමය අද ගමට වැඩක් කරන්න පුළුවන් තෝතැන්නක් වෙලා තියෙනව. අද පළාත් සභාවෙන් ගමට වැඩක් කෙරෙනවා. නගරෙට වැඩක් කෙරෙනව


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive