facebook like

මැයි 24 උල්කා වර්ෂාවක් වහිනවා

රාත්‍රි අහසේ 'ගිනිකෙළි සන්දර්ශනයක්' වැනි මහා උල්කා වර්ෂාවක් 2014 මැයි 24 වැනි දින මධ්‍යම රාත්‍රියේදී ලෝකවාසීනට බලා කියා ගැනීමට ලැබෙනු ඇති බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසයි.

තවදුරටත් මේ උල්කා වර්ෂාව ගැන සඳහන් කරන ඔහු පවසන්නේ පැහැදිලි අහසක් ඇති රැයක අහස දෙස විමසිල්ලෙන් බලා සිටීමේදී අප හට එක් පැයක් හෝ දෙකක් තුළදී උල්කාපාතයක් හෝ ඒවා දෙක තුනක් බලා ගැනීමට හැකි බවයි. ගැමි වහරෙහි 'දේවතා එළි' ලෙසටත්, ලෝ
පුරා ජනයා 'දා වැටෙන තරු' ලෙසටත් මේවා හඳුන්වති. මෙම දා වැටෙන තරු හෙවත් උල්කාපාත පැයකට එකක් දෙකක් නොව, මහත් රාශියක් අපගේ වායුගෝලය හරහා පැමිණෙනු දක්නට ලැබෙන අවස්ථාද ඇත.

මෙම විශේෂ අවස්ථා 'උල්කා වැසි' ලෙසට හඳුන්වන අතර එක වසරකදී මෙවැනි වර්ෂා ‍ෙදාළහක් පමණ දක්නට ලැබේ. එහෙත් මේවායින් කිහිපයක් හැරෙන්නට බොහෝ 'උල්කා වර්ෂා' මඟින් සැලකිය යුතු උල්කා ප්‍රමාණයක් අපට දැකිය නොහැකිය.

විශ්වයෙහි තාරකා සහ ග්‍රහ මණ්ඩල ඇතිවන අවස්ථාවලදී එම වස්තූන්ගෙන් ඉවතට විසිර යන ද්‍රව්‍ය කොටස්වලින් උල්කාපාතවල උපත සිදුවී ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම අපගේ සූර්යයා කරා පැමිණෙන ලොකු කුඩා ධූමකේතු හෙවත් වල්ගාතරු මඟින් ඉවතට විසිරී යන්නා වූ ද්‍රව්‍ය අංශූන්ද උල්කා ලෙසට හැසිරේ. අප පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා සිදු කෙරෙන වාර්ෂික පරිභ්‍රමණයේදී එය උල්කාපාත විසිර පවත්නා අවකාශය හරහා යෑමේදී හෝ පෘථිවි කක්ෂය හරහා උල්කාපාත පැමිණීමේදී ගුරුත්ව බලය මඟින් එම වස්තූන් මහපොළොව වෙතට ඇද ගැනීමක් සිදු කරයි. මෙලෙස අභ්‍යවකාශයෙහි සිට අති විශාල වේගයෙන් ඇදී එන උල්කාපාත පෘථිවි වායුගෝලය සමඟ ගැටීමේදී ඇතිවන අධික උෂ්ණත්වය මත 'උල්කා' ලෙසට වෛවර්ණ ආලෝකයක් ඇති කරමින් ඉහළ අහසේදී දැවී යයි.

අහසෙහි චමත්කාර දසුනක් ගෙන එන 'උල්කාපාත' අභ්‍යවකාශයෙහි සැරිසරන විට 'මීටියෝරොයිඩ්ස්' යනුවෙන්ද පෘථිවි වායුගෝලය තුළ දැවී යන 'උල්කා' 'මීටියෝස්' යනුවෙන්ද සහ උල්කා මෙන් හැසිරී, විනාශ නොවී පොළොව මතට කඩා වැටෙන කොටස් 'උල්කාෂ්ම' හෙවත් 'මීටියෝරයිට්ස්' යනුවෙන්ද හැඳින්වේ. වැලි කැට තරම් කුඩා වස්තූන් විශේෂයක් වන උල්කාපාත බොහෝ විට සෑදී ඇත්තේ දූවිලි සහ වායූන්ගෙනි. එහෙත් පොළොව මතට කඩා වැටීමට තරම් විශාල වස්තූන් වන 'උල්කාෂ්ම' සෑදී ඇත්තේ පාෂාණ වර්ගවලින් සහ යකඩ, නිකල්, මැන්ගනීස්, මැග්නීසියම් යන ලෝහ වර්ගවලිනි.

පෘථිවි වායුගෝලය තුළ උල්කාවක් දැවී යෑමේදී පොළොව මත සිටින අපට එය දිස්වනුයේ අහසෙහි පිහිටි තරුවක් ගිලිහී බිම වැටෙන්නාක් මෙනි. ධූමකේතුවක් ගමන් ගත් මාර්ගයක් හරහා පෘථිවිය ප්‍රවේශ වීමේදී, වැලිකැට වැනි උල්කාපාත සිය දහස් ගණනක් වායුගෝලය කරා ඇදී අවුත් 'උල්කා වර්ෂා' ඇතිවනු අපට දැකිය හැකිය. අෑත අතීතය දෙසට එබී බැලීමේදී දින ගණන් පැවැති 'උල්කා වර්ෂා' පිළිබඳ තොරතුරු රැසක් සොයා ගත හැකි වුවද, අප රටේ එවැන්නක් සිදුවූ බවට කිසිදු සටහනක් දක්නට නැත. පැරැණි තොරතුරු අප රටේ නොමැති වුවද, වසර සිය ගණනකට පසුව මෙවැනි 'මහා උල්කා වර්ෂාවක්' දැකබලා ගැනීමේ භාග්‍යය ලොවට උදා වී ඇත.

මෙම 'මහා උල්කා වර්ෂාව' ඇති කිරීමෙහිලා මූලික වනුයේ '209 පී/ලීනියර්' නමැති අප්‍රසිද්ධ කාලාවර්ත කුඩා ප්‍රමාණයේ ධූමකේතුවකි. මෙම 'ලීනියර් ධූමකේතුව' ගමන් ගත් මාර්ගය හරහා පෘථිවිය 2014 මැයි 24 වැනි දින රාත්‍රියේදී යෑමට නියමිත බැවින්, එයින් විසිරී ගිය ද්‍රව්‍ය අංශූන් අති විශාල ප්‍රමාණයක් අප වායුගෝලය කරා ඇදී ඒමට ඉඩ ඇත. වසර 10කට පමණ පෙර සොයාගනු ලැබූ මෙම '209 පී/ලීනියර් ධූමකේතුව' පිළිබඳ තාරකා විද්‍යාඥයන් මෙතෙක් සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව උතුරු අහසේ පිහිටි 'අර්සා මයිනෝර්' හෙවත් 'කුඩා වලසා' තාරකා රාශියට ළංව පිහිටි අඩු දීප්තියකින් හෙබි 'කැමිලෝපාඩලිස්' හෙවත් 'පිරාෆ්' නමැති තාරකා රාශියේ සිට උල්කාවන් එන්නාක් මෙන් පෙනෙනු ඇත. 'ලීනියර් ධූමකේතුව' මඟින් තම මාර්ගය දෙපස විසුරුවා හැරි ද්‍රව්‍ය අංශූන් සිය දහස් ගණනක් මෙලෙස පෘථිවි වායුගෝලය තුළට ඇදී ඒමෙන් මැයි 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට අලුයම් කාලය තෙක් 'මහා ගිනිකෙළි සන්දර්ශනයක්" දැක ගැනීමට ලෝකවාසීනට අවස්ථාව ලැබෙනු ඇත.

'209 පී/ලීනියර්' යනු කෙටි ආවර්ත කාලයක් හිමි කුඩා ප්‍රමාණයේ ධූමකේතුවක් බැවින් මෙමඟින් මහා පරිමාණයේ 'උල්කා වර්ෂාවක්' දැක ගැනීමට අපහසු බව පවසන තාරකා විද්‍යාඥයන් පිරිසක්ද වෙයි. ඒ කෙසේ වුවද මැයි 23, 24 සහ 25 යන දින තුනේම රාත්‍රි අහස බලන ලෙස අපි ඔබට උපදෙස් දෙමු. ලොව තාරකා විද්‍යාඥයන්ගේ තොරතුරුවලට අනුව 'මහා උල්කා වර්ෂාවේ' උපරිම සක්‍රිය දිනය මැයි 24 වැනි දින අලුයම් කාලයට යෙදී ඇත. මෙදිනට රාත්‍රි අහස වැසි වලාකුළුවලින් තොර වී නම් ඉහළ අහසේ සිට පැමිණෙන දා වැටෙන තරු හෙවත් උල්කා මඟින් මල්වෙඩිවලින් ඇති කරන චමත්කාරජනක අහසක් උතුරු ඇමෙරිකාව ප්‍රධාන රාත්‍රිකාලය ලබා තිබෙන රටවලට දක්නට ලැබෙනු ඇත. 'ලීනියර් ධූමකේතුවෙන්, ඉවතට ගිය කොටස් හෙවත් උල්කාපාත බොහෝ අෑතට යන තෙක් විසිරී පවතී නම් ශ්‍රී ලංකාවාසීන් වන අපටද ඉතා සුළුවන් හෝ මෙය බලා කියා ගැනීමේ වාසනාව හිමිවනු ඇත.

                                                                                                                                             mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive