“මාව දාලා යන්න එපා, මට ඔයාගේ ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ” කියා ඇල්පිටිය සරසවි සිසුවියගේ ඝාතකයා බවට සැකකෙරෙන ඇගේ පෙම්වතා ඇය මරා දැමීමට මොහොතකට ප්‍රථමයෙන් ඇය ඉදිරියේ දණින් වැඳ වැටුණු බවට සැකකරු පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.
එම අවස්ථාවේ මියගිය සරසවි සිසුවිය “තමුසේ වගේ මිනිහෙක් මට නැතිවුණාට කමක් නැහැ. තමුසේ ඕන දිහාවක යනවා” යැයි පවසමින් තමන්ට බැනවැදී ගිය බවටද සැකකරු
පොලිසියට පවසා ඇත.
ඇය එසේ ප්‍රකාශ කරනවාත් සමඟ තමන් සතුව තිබූ පිහියෙන් ප්‍රථමයෙන් ඇගේ ගෙලටත්, පපුව ප්‍රදේශයටත් සැකකරු පිහියෙන් දෙවරක් ඇන ඇති බවත්, එහිදී පිහි තලය නැමීගොස් ඇති අතර එය නැවත කෙළින් කර සිසුවියගේ පිට පැත්තෙන්ද පිහි පාරවල් දෙකක් ඇගේ සිරුර තුළට කිදා බස්සවා ඇති බව සැකකරු පොලිසියට කළ පාපෝච්චාරණයේදී පවසා තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය සරසවි සිසුවිය හා ඇය ඝාතනය කළ සැකකාර හමුදා සෙබළා වසර තුනකට ආසන්න කාලයක් පෙම්වතුන් ලෙස හිඳ ඇති අතර සැකකරු විසින් කරනු ලැබූ පාපෝච්චාරණයට අනුව ඔහු ඇය ඝාතනය කිරීමට දින තුනකට පෙර ඇය මුණගැසී කතාබස් කර ඇති බවද පැවැසේ.
එහිදී ඇය ඔහුට දක්වා ඇති ප්‍රතිචාරවල වෙනසක් ඇති බවට සැකකාර තරුණයාට තේරුම්ගොස් ඇති බවත්, ඇය සරසවියේ තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට මොහුට දින කිහිපයකට ප්‍රථමයෙන් තොරතුරක් ලැබී ඇති බවත් පොලිසිය පවසයි.
පසුගිය 22දා සැකකාර තරුණයා ඇයට දිගින් දිගටම දුරකතන ඇමතුම් ගත්තද ඇය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත්, ඉන් අනතුරුව ඔහු සැකයට මෙන් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට ආරංචිය පැමිණි තරුණයාගේ දුරකතන අංකය සොයාගෙන ඊට ඇමතුමක් ගත් අවස්ථාවේදී එම තරුණයා “කෙල්ල මං ගාව ඉන්නවා, මම තමයි එයාගේ කොල්ලා” යැයි පවසා ඇති බවටත් සැකකරු පොලිසියට සඳහන් කර ඇත.
තමන් කිසි විටෙක මෙවැන්නක් ඇයගෙන් බලාපොරොත්තු නොවූ බවත්, ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා තමන් ඇයට මුදලින් පවා වියපැහැදම් කර ඇති බවත් ඔහු පවසා තිබේ.
මේ පිළිබඳ තමාට දරාගැනීමට නොහැකි තරම් වූ බලවත් කම්පාව හා වෛරය ඇතිව පැමිණි ඔහු, ඇය ඝාතනය කිරීමට ආසන්නතම හේතුකාරණා මෙය බවට සැකකරු පොලිසිය වෙත පවසා ඇත.
ඇය ඝාතනය කිරීමෙන් පසුව සාක්‍ෂි ඉතිරි නොවන සේ සියල්ල සඟවා දමා යළි නිවෙසට යෑම සඳහා ඇල්පිටිය නගරයට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය දැකබලා ගැනීමට ඔහුට ඕනෑකමක් ඇතිවූ බවත්, එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවටත් සැකකරු වැඩිදුරටත් පාපෝච්චාරණයේ සඳහන් කර තිබේ.

0 comments:
Post a Comment