facebook like

මුදලට විකිනුණේ නැති පත්තරකාරයෙක්.ගැන ...ජකාධිපති ප්‍රේමදාස කී කතාව

ඇත්තෙ සිරාව බලාගත්ත පිනම තමුසෙට ඇති....
ප්‍රේමදාස මහතා අගමැතිව සිටි කාලයේ සිට හතු පිපෙන්නාක් මෙන් බිහිවූ විකල්ප පුවත්පත් මඟින් ඔහු පතුරු ගසන්නට වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබිණි. ඇතැම් විකල්ප යැයි කියාගන්නා පුවත්පත් සතුන්ගේ නම්වලින්ද, යකඩ තළන කිණිහිරයක නමින්ද, ද්‍රව්‍යමය නාම යොදා ගනිමින් පුවත් මවන්නට පටන් ගත් අතර ඒවා කොහොම කොතැනින් සංවිධානය වූයේ දැයි පාඨකයන්ට සොයා ගැනීමට බැරි තරම් විය.

ජාතික මට්ටමේ පුවත්පත් අතර ‘ඇත්ත’ පුවත්පත මඟින්ද ප්‍රේමදාස මහතා පිළිබඳ තදබල ලෙස
විවේචනාත්මක පුවත් මැවීම සිදු කෙරිණි. ඇතැම් පුවත් මඟින් ප්‍රේමදාස මහතාට අනුකම්පා විරහිතව පහර දෙන්නට පටන් ගනිද්දී ඒවා දරා ගැනීමට බැරි තැන්ද තිබිණි. එහෙත් ‘ඇත්ත’ පුවත්පතේ ‘කතුවැකිය’ කියවන්නට ප්‍රේමදාස මහතා අමතක නොකළේය. ඔහු ගැන ලියැවුණු ඇතැම් නිර්දය විවේචන තුළ තිබුණු දේ පවා සටහන් තබා ගනිමින් එම කතුවැකි කපා ලිපි ගොනු අතර රඳවා ගනිමින් සිදුව ඇති යම් වරදක් වී නම් ඒවා හෙමිහිට නිවැරැදි කරගන්නට පෙලඹුණු අවස්ථාද තිබිණි.

දිනක් ප්‍රේමදාස මහතාට උපදෙසක් දුන් හිතවතකු කියා සිටියේ අපූරු අදහසකි.
“සර්.... ඇත්ත පත්තරේ කියන්නෙ රුසියාවෙ ප්‍රව්ඩා පත්තරේ වගේ හිතලා පටන් ගත්තු එකක් කියලනේ කියන්නේ... ඉතින් ඒ වගේ පත්තරේක සමාජවාදී දර්ශනය පදනම් කර ගන්නවා නම් පන්ති විරහිත සමාජයක් ගැන ගැඹුරින් කතා කරන්න එපායැ. ඒත් මට තේරෙන්නේ නෑ... සර් වගේ දුප්පත් පන්තියකින් අමාරුවෙන් ඔළුව උස්සගෙන උඩට ආපු කෙනෙක්ට මේ තරම් නින්දිත විදියට පහර ගහන්නෙ ඇයි කියලා.”

ඊට ප්‍රේමදාස මහතාගෙන් උත්තරයක් වෙනුවට තිබුණේ ගැඹුරු නිහඬ බවකි. හිතවතාට දැනුණු හැටියට එය එක්තරා දුක්බර බවකින් පිරී ගිය ගැඹුරු බවකි. එහෙත් ඒ වන විටත් ඔහු කියවමින් සිටියේ ‘ඇත්ත’ පත්තරේ කතු වැකියකි.

“පන්ති විරහිත සමාජයක් තමයි ඒ අයගෙත් ප්‍රාර්ථනාව. ඒත් ඒ අය මට ගහන්නෙ මම ධනපති පක්ෂයක ඉඳගෙන පන්ති විරහිත සමාජයක් ගොඩනඟන්න හදනවා කියලා හිතලා වෙන්න ඇති. ඒ අයගෙ මතයට අනුව එහෙම කරන්න බෑ කියලනෙ උගන්වලා තියෙන්නෙ. ඒත් අයිසේ, කාල් මාක්ස් කියාපු  හැටියටම මේ රටට සමාජවාදය හිටවන්න, පැළ කරන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා මං දන්නවා. මාත් ඔය සමාජවාදී පොත හොඳට කියවලා ඒකෙත් හොඳ නරක දන්නවනේ. ඒ නිසා මේ මිනිස්සු අවංක වුණාට ඒ අයගෙ නායකයෝ කියන සමාජවාදය මම දකින්නෙ සමාජවදයක් හැටියටයි. අන්න ඒ නිසා ධනපතියන්ගෙ සපත්තු ලෙවකනවා කියලා මට තමයි උඩ පැනගෙන ගහන්නෙ” යි ප්‍රේමදාස මහතා කීය. එහෙත් ඔහු ‘ඇත්ත’ පත්තරේ හදවත වන් ‘සිරා’ නොහොත් බී.ඒ. සිරිවර්ධනයන් කෙරෙහි ගෞරවයෙන් යුතුව කතා කළේය.

“ඔය මිනිහා තරම් දක්ෂ මනුස්සයෙක් නෑ... ඒ තරමටම පත්තර රස්සාවේ අයන්නේ ඉඳලා ඔක්කොම දන්න මිනිහෙක්... ලිව්වොත් ආයේ ලිව්වාම තමා.... හෙඩිමක් දැම්මොත් ආයේ දැම්මාම තමා. මතකනේ රොනී ද මැල්ට තරු විසි වෙන්න දැම්ම හෙඩිම... මුළු අය-වැයම විවේචනය කළ ඒ හෙඩිම යකෙකුටවත් දාන්න හිතෙන එකක්ද?” යි අතීතය සිහි ගන්වමින් ඔහු කීය.

ටික කලෙකට පසු බොහෝ වාමාංශික මත දරන දක්ෂ අය තමන්ගේ ව්‍යාපාරයේ නියමු චරිත ලෙස තෝරාගෙන ප්‍රේමදාස මහතා ඔවුන්ගෙන් රටට හිතකර වැඩදායක දේ ලබා ගනිමින් සිටියදී ‘ඇත්ත’ට ලියූ.... වෙනත් පුවත්පත්වලද කටයුතු කළ ප්‍රේමදාස මහතාට යම් හිතවත් බවක් තිබූ වාර්තාකරුවකු වන ඔහු හමුවී මෙසේ කීය.

“සර්.... සිරාව කොහොම හරි සර්ගෙ පැත්තට ගත්තොත් මිනිහා අවංකව රටට වැදගත් දෙයක් කරාවි.... ඒ වගේ මිනිසුන්ගෙන් රටට වැඩක් ගත්තාම වරදක් නෑ. ඇරත් සර්ට එයා ගොඩාක් වටින කෙනෙක් වේවි” යි කීය.
එය කියූ සැණින් ප්‍රේමදාස මහතාගේ මුවඟ රැඳී ගියේ උපහාසාත්මක සිනාවකි. මොහොතක නිහැ¾ඩියාවකින් පසු ඔහු මෙසේ කීය.
“හිතන්න එපා... මිනිහා සල්ලිවලට ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ මිනිහා ඒ මිනිහාගෙ ප්‍රතිපත්ති පාවල දීලා මුදලට නැවෙන ජාතියේ නම් මෙලහකටත් එයා මං ළඟ. මට පක්ෂ පාට නෙවෙයි රටට වැඩ කරන්න පුළුවන් දක්ෂ, අවංක මිනිස්සුයි ඕන... එයා ගැන එහෙම හිතන්න එපා. එයා, එයාගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට වඩා අවංක කෙනෙක්.”

මින් වසර කිහිපයකට පසු ඔහු මිය ගියේය. ප්‍රේමදාස මහතාට ඔහු ගැන කියූ මාධ්‍යවේදියා දිනක් හමුවිය. ඒ සුචරිතයට වසර 50ක් සපිරුණු දා පැවැති උත්සවයේදීය. උත්සව සභාව නිමවා ලැබුණු අවස්ථාවේදී අයෙක් මේ මාධ්‍යවේදියා. ප්‍රේමදාස මහතාට දැක්වූහ. හඳුන්වා දෙනු ලැබූ තැනැත්තා ප්‍රේමදාස මහතාගේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු කියා සිටියේ මේ මාධ්‍යවේදියා ප්‍රේමදාස මහතා පතුරු ගැසූ පුවත්පතේ කතුවරයාගේ ගෝලයකු බවයි. ඔහු ඇසුරෙන් බොහෝ දේ උගත්තකු බවයි. එහෙත් මෙම මාධ්‍යවේදියා ප්‍රේමදාස මහතාට එරෙහිව ලියන්නට අදිමදි කළ අයකු යැයිද කීවේය.
ඇමැතිවරයා නොදන්නා වුවද ඒ වන විටත් මේ මාධ්‍යවේදියා ගැන හොඳින් දැන උන් ප්‍රේමදාස මහතා අතින් සංඥා කොට ඔහුව ප්‍රේමදාස මහතා ළඟට කැඳවාගත්තේය.

“ඉතිං කොහොමද?” ඒ ප්‍රේමදාස මහතාය. මාධ්‍යවේදියාත් සුපුරුදු ළෙන්ගතු සිනා පාමින් ප්‍රේමදාස මහතා අසලට ළං වූයේය.
“සර්.... මේ මනුස්සයා තමයි අපේ ‘ඇත්ත’ පත්තරේ බී.ඒ. සිරිවර්ධන උන්නැහේ ඉස්පිරිතාලේ ලෙඩ ඇඳේ ඉන්දෙද්දී දවස් 55ක් පුරාම එක දිගටම ළඟ ඉඳන් බලාකියා ගත්තෙ. ඔය ලොකු ලොකු මිනිස්සු ඇවිත් බලලා ගියා මිසක් සිරිවර්ධන මහත්තයා ළඟ ඉන්න හිටියේ මේ මනුස්සයා විතරයි” යි ඇමැතිවරයා කියා පෑවේය.

“ආ... මෙයාව මං දන්නවා... මේ අපේ ආරියරත්න ගනේගොඩනෙ.හැබැයි මං දන්නෙ නෑ ඔය වගක්නම්...”යි ප්‍රේමදාස මහතා පිළිතුරු දුන්නේය.
ඒ මොහොතේ මේ මාධ්‍යවේදියා සිරිවර්ධන මහතාගේ අවසන් දින කිහිපය හා ඔහු ළඟ සිටිමින් කළ කී දෑ දන්වා සිටියේය. ඒ හැම මහත් උනන්දුවෙන් අසා සිටි ප්‍රේමදාස මහතා ඇමැතිවරයාටත් දැන ගන්නට මෙසේ කීය.

“අයිසෙ සිරිවර්ධන වගේ මිනිහෙක් ඔය විදියට බලාගත්ත පිනම තමුසෙට ඇති. ඒ මිනිහා හරිම වටිනා මිනිහෙක්. කවදාවත් මුදලට විකිනුණේ නැති අවංක පත්තරකාරයෙක්. හැබැයි එයා රටට ආදාරේ කළාට එයාගේ ජීවිතේට ආදරේ කළේ නෑ. තමන් අවංක වුණාට වංක නායකයෝ හැඳින්නෙ නෑ. ඒ වුණත් හිත හදාගන්නවා තමුසේ කළේ වටිනා මිනිහෙක්ව රැකබලා ගත් දෙයක්. ඒ පිනම තමුසෙට ඇති.”
ඒ ප්‍රේමදාසගේ හැටිය !


සජිත් රෝහිත ලියනගේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive