1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර මාත් සමඟ කොළඹ ආවා. එදා මට අහිමිව තිබූ සතොස රැකියාව නැවත ලබාදී එතුමා පාර්ලිමේන්තු ගියා. එසේ නොකර මා පන්සලකට භාරකළා නම් අද මම නිකායක මහනායක ස්වාමින් වහන්සේ නමක්. ජනාධිපතිතුමාත් මට වැඳුම් පිදුම් කරනවායි මර්වින් සිල්වා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැතිවරයා පවසයි.
ඇමැති මර්වින් සිල්වා මහතා මෙසේ
පැවැසුවේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෙරේදා (10දා) පැවැති අඩු ආදායම්ලාභීන් සඳහා සෙවිලි ෂීට් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවේදීය.
මහජන සම්බන්ධතා මහජන කටයුතු අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 28ක් සඳහා රුපියල් ලක්ෂ 5කට වැඩි වටිනාකමක් ඇති ඇස්බැස්ටෝස් ෂීට් ප්‍රදානය කිරීම මෙදින සිදුවිය.
මර්වින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.
කැලණියෙන් ආරම්භ වුණාට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ටම මට හැකි උපරිම සේවය කරනවා. මම පාර්ලිමේන්තු ගොස් ඇමැති තනතුරු ගත්තේ ගම්පහ දිස්ත්‍රික් ජනතාවගේ ඡන්දයෙන්. ඒ අයට යුතුකම්, වගකීම් ඉටුකිරීම මගේ මනුෂ්‍යකමයි. මාගෙන් වැඩ ගැනීමට ජනතා උනන්දුව අවශ්‍යයි. එවන් උනන්දුවක් ඇති බව දිනපතාම මා වටා රොක්වෙමින් ඇති ජන සම්පත්වලින් මට වැටෙහෙනවා.
අපේ මෙවැනි මහජන සත්කාර ඉවසුම් නොදෙන සමහරක් දෙනා අපි පරිත්‍යාග කරන සෙවිලි ෂීට්, වහල තහඩු බවට නම් කර අපේ පරිත්‍යාග අඩු තක්සේරුවකට ලක්කිරීමේ උත්සාහයක නිරත වෙනවා. එවන් අය ගැන අපි කනාගටු වෙනවා. මා මිනිස්කම ඉතාමත්ම ඉහළින් අගයන මිනිසෙක්. මිනිස්කමත් සමඟ මිනිසුන් අතරට ගිය මිනිසෙක්.
මම පොඩි කාලෙ ඉඳල තමයි මිනිස්කම පුරුදු පුහුණු වුණේ. අපි ජංගි ඇන්ද කාලයකුත් තිබුණා. සමහරක් වෙලාවට ගමේ ගොඩේ ළමයි ඇළේ, නියරෙ, ගොඩ, ඉපැනැල්ලෙ දුවන්නෙ පනින්නෙ ජංගි නැතිව. ළමා කාලය එහෙම තමයි. අපි පුංචි කාලෙ කරපු සමහරක් වැඩ සමහරක් දෙනා රෙදි ඇඳගෙන රෙදි නැතිව වගේ කරනවා. රෙදි නැතිව වගේ තමයි ඒ අය කතා කරන්නේ.
ජනාධිපතිතුමා ඇතුළු ජනතා සේවයට කැපවූ කවුරුන් හෝ ඉන්නවා නම් ඒ අය මම පුදනවා. මට කෙනෙහිලිකම් කරන කිසිම කෙනෙක් පුදන්න මම සූදානම් නැහැ. හැබැයි මම ඒ අයට මෛත්‍රි කරනවා. ඒ අයගේ හදවත් පිරිසුදුවී නුවණ පහළවී හොඳ මඟ යන්න.
මට කෙනෙහිලිකම් කරන, අවලාද කරන, බොරු චෝදනා එල්ලකරන උදවියට කවදා හරි දවසක සත්‍යය අවබෝධ වේවි.
යකුන්ට පිදේනි දීලා දේශපාලනය කරන්න මම සූදානම් නැහැ. මම හිස නමන්න ඕනෑ තැනදි හිස නමනවා. පුදන්න ඕනෑ තැනදි පුදනවා. එය මගේ මිනිස්කමේ උප්පත්තියත් සමඟ ගෙන ආ දෙයක්. මා තරම් කැපිලිවලට ලක්වුණ දේශපාලකයෙක් වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේම නැහැ. දේශපාලනය නිසා මගේ පවුලේ තුන්දෙනෙක්ගේ ජීවිතය අහිමිවූවා. නැක්සලයිට් චෝදනා ලැබ හිරබත් කෑවා. මගේ ගෙවල් ෙදාරවල් කුඩුකරගත්තා. තාත්තාගේ කඩ විනාශ වුණා. වෙඩි උණ්ඩවලින් මට තුවාල සිදුවුණා. අලුත් අය මේවා දන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා මේ බව දන්නවා. ඒ මට හොඳටෝම ඇති.
ජනාධිපතිතුමාත් මමත් මීට වසර 44කට පෙර දේශපාලනයට එක්වීම සැමරුවේ මීට දින කිහිපයකට පෙර. 1970 මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප. ජයග්‍රහණය කර මාත් මහින්ද රාජපක්ෂ මහතාත් කොළඹ ආවා. එතුමා එදා යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් මට අහිමිව තිබූ සතොස රැකියාව නැවත ලබාදීලා එතුමා පාර්ලිමේන්තු ගියා. පසුගිය දවසක එතුමාට ඒ සිද්ධිය සිහිපත් කරලා මෙහෙම කතාවකුත් කිව්වා.
අති උතුම් ජනාධිපතිතුමනි, එදා ඔබතුමා මාව සතොසට භාරනොදී පන්සලකට භාර දුන්නා නම් අද මම නිකායක මහනායක ස්වාමින් වහන්සේ නමක්. එහෙමනම් අද මට මීට වඩා හොඳයි. මට හොඳට බණ කියන්නත් පුළුවන්. අරලිගහ මන්දිරයට බණට වඩින්නත් අවස්ථාව ලැබෙනවා. මට අසුන් පනවා සුදු ඇතිරිලි අතුරා මට වැඳ නමස්කාර කර මාව පිළිගන්නවා. මාව සුදුසු බුද්ධ ශාසනයටයි. මම ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මයකදීවත් කහ සිවුරක් පලඳින්න ලැබේවා කියා.
මෙම අවස්ථාවට ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක, ගම්පහ ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

0 comments:
Post a Comment