ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කොතා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායම පසුගිය අයි.පී.එල්. තරගාවලියෙන් ජය ලැබිමෙන් පසු ෂාරුක් දැන් නැවතත් කතාබහට ලක්වෙලා. තරගය ජය ලැබූ තම කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත සාදයක් සංවිධානය කළ ෂාරුක් ඉන් දින කිහිපයකට පසු නැවත කතාබහට ලක්වුණේ තම ට්විටර් වබේ අඩවිය ඔස්සේ තමා සිත සන්සුන් කරගැනීමට බුදු දහම ගැන පොත් කියවන බවට යැවූ පණිවුඩයක් නිසයි.
මේ පණිවුඩයත් සමගම ෂාරුක් බුදු දහම වැළඳගන්නට යන බවට කටකතා පැතිරුණා. ෂාරුක්ගේ බිරිය ගෞරී හින්දු ආගමික කාන්තාවක් වන අතර පවුලේ අය මේ නිසා ඉස්ලාම් ආගම මෙන්ම හින්දු ආගමත් අදහනවා. කොහොම වුණත් ඔවුන් විවාහ වුණේ හින්දු චාරිත්‍රානුකූලවයි. ඉස්ලාම් ආගමට මෙන්ම වෙනත් ආගම්වලටත් ගරුකරන අයෙකු හැටියටත් ෂාරුක් ප්‍රකටයි. මෙහිදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ ෂාරුක්ගේ මවගේ පාර්ශ්වය දකුණු ඉන්දියානුවන් වීම නිසා වයස අවුරුදු පහක් වන තුරු ෂාරුක් දකුණු ඉන්දියානු පරිසරයක හැදුණු අයෙකු වීමයි. චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය රූපගත කරන කාලයේ ඔහු මේ බව සිහිපත් කර තිබුණා. මේ නිසා ඔහු කුඩා කාලයේදී කතාකරන්නට හුරුව තිබුණේත් කන්නඩ භාෂාවයි.
ෂාරුක් ඛාන් බුද්ධාගම වැළඳගන්නට යන කතාව පසුගියදා පැතිරුණේ තම මනස සන්සුන්ව තබාගැනීමට තමා බෞද්ධ පොත් කිහිපයක් සොයාගෙන කියවන බවට ඔහු තැබූ ට්විටර් පණිවුඩයක් සමගයි.පසුගිය දිනවල බොහෝ කාර්යබහුල වූ ෂාරුක් මේ නිසා තම මනස සන්සුන්ව හා නිරවුල්ව තබාගැනීමට මගක් සොයමින් සිටියදී ඔහුට මේ බෞද්ධ පොත් දකින්නට ලැබි තිබෙනවා. මේ පොත් කියවීමෙන් තම මනස සන්සුන් වන බව මේ සුපිරි නළුවා ප්‍රකාශ කිරීමෙන් පැහැදිලිවන්නේ අන් කිසිවකින් නොලද සැනසුමක් ඔහුට ඉන් ලැබුණු බව යන්න ඇතැමුන්ගේ අදහසයි.
“බුදුන්වහන්සේ ගැන ලියැවුණ පොත් වගයක් ලැබුණා. ඒවා කියවීම මගින් ලැබෙන සැනසුම ගැන මම ඉන්නේ ලොකු උදේයාගයකින්.” ෂාරුක් තම ට්විටර් පණිවුඩයෙන් එසේ කියා තිබුණා. ෂාරුක්ගේ මේ බුද්ධාගමේ පොත් කියවා සැනසීම ලැබිමේ කතාවට එරට මාධ්‍යයන්ගෙන් විශාල ප්‍රචාරයක් ලැබි තිබුණා. ඒ ඇතැම් පුවත්පතක් බුදුන්වහන්සේගේ රූපයද සමග ෂාරුක්ගේ කතාව පළකොට තිබුණු අතර බොහෝ පුවත්පත් හා සඟරාවල මේ පුවතේ සිරස්තලය වූයේ “ෂාරුක් සැනසුම සොයා බුදුන්වහන්සේ වෙත හැරෙයි”ලෙසටයි. ෂාරුක් කියන ආකාරයට ඔහුට අවශ්‍යව ඇත්තේ ජීවිතයේ පරාජය ලබන අවස්ථාවලදී මෙන්ම පසුගිය දිනවල මෙන් පිට පිට ජය ලබන අවස්ථාවලදීත් මැදහත් පිළිවෙතකට තම මනස තබාගැනීමේ මගක්. ඊට හොඳම පිළිතුරු බුද දහම ගැන පොත් කියවීමෙන් ලැබෙන බව ඔහු කියනවා.
මෙවර ෂාරුක් බුදු දහම ගැන පොත් කියවීමට ලොකු ප්‍රචාරයක් ලැබුණත් ඇත්තටම ෂාරුක් බුදු දහම ගැන පොත් කියවීමට ඇබ්බැහිවූ අයෙක්. විශේෂයෙන් දලයිලාමාතුමන්ට දැඩි ලෙස ගරු කරන ඔහු එතුමන් විසින් බුදුදහම සම්බන්ධයෙන් ලියූ පොත් උනන්දුවෙන් කියවනවා. ෂාරුක් මීට පෙර ප්‍රචණ්ඩත්වයෙන් මිදී බුදු දහම වැළඳගත් අශෝක රජුගේ කතාව ඇතුළත් අශෝක චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි අශෝක රජුගේ චරිතය රඟපෑ අතර තමා අශෝක නිර්මාණය කළේ ආදරය හා සාමය පැතිරවීමට බවත් කියා තිබුණා. චිත්‍රපටය අවසන් වන්නේ ෂාරුක් රඟපාන අශෝක චරිතය තම ආයුධ අතහැර බුදුදහම වැළඳගන්නා දර්ශනයකින්. මේ චිත්‍රපටයේ වැඩ ඇරඹීමට පෙර තිබ්බතයට ගිය ෂාරුක් දලයිලාමාතුමන් මුණගැසී එතුමන්ගේ ආශිර්වාදය ලබාගත් අතර විශේෂ සළුවක්ද ඒ අවස්ථාවේ දලයිලාමාතුමන් ඔහුට ප්‍රදානය කොට තිබුණා. පසුගිය දිනවල වාරා - අ බ්ලෙසින් නමින් බුදු දහම ගැන කියැවෙන චිත්‍රපටයක් නිර්මාණය කළ භූතානයේ භික්ෂුවක් මේ චිත්‍රපටය තිරගත කරවීමට උදව්කරන ලෙස ඉල්ලීමක් කර තිබුණේත් ෂාරුක්ගෙනුයි.
( නිශානි දිසානායක)

0 comments:
Post a Comment