ශ්‍රී ල. නි. ප. මාතලේ දිස්ත්‍රික් නායක අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ලග්ගල ශ්‍රී ල. නි. ප. ආසන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා අතර දේශපාලනික වශයෙන් පවතින බල අරගලය මේ වනවිට විවෘත වේදිකාවට පැමිණ තිබේ.
එකිනෙකා දැඩිලෙස විවේචනය කර ගනිමින් පළ කළ අදහස් පසුගිය දිනවලදී වාර්තා වූ අතර ඊට පක්ෂව - විපක්ෂව පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුද අදහස් දක්වා තිබිණි.
මේ සම්බන්ධ අප මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවැසුවේ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යනු දේශපාලනය කිරීමට නුසුදුසු පුද්ගලයකු බවයි.
එහිදී ඒ මහතා මෙසේද කීය.
ඔය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා එක්ක මට තරහක් නැහැ. හැබැයි කුඩු - එතනෝල් තොප්පිය එතුමා දාගන්නවානම් මට කමක් නැහැ. කොහොමත් ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා කියන්නේ දේශපාලනයට ගැළපෙන් නැති මනුස්සයෙක්. ඒක මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් දන්නවා.
අනෙක තමයි, මට මගේ පුතාව දමලා ලක්‍ෂ්මන් වසන්තට පහර ගහන්න ඕනෑකමක් නැහැ. පහර ගහන්න ඕනෑනම් මම ගහනවා. කොහොමත් අපි හොඳ පවුල් ජීවිත ගත කරන මිනිස්සු. අපිට මොනවහරි කියලා සමහරුන් ඉස්මතු වෙන්න හැදුවට ඒක හරියන් නැහැ.
මේ සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගෙන් අප කළ විමසුමේදී ඒ මහතා කියා සිටියේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර එක්ව තමන්ට කරන අපහාසවලට දඬුවම්, දෙවියන් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි.
මට ඔය කරන අපහාසවලට මම දඬුවම් දෙන්න යන්නෙ නැහැ. ඒක ඉස්සරහට දෙවියො දෙයි. අපි රටට, ජාතියට, ආගමට ළැදි මිනිස්සු. අපි අර්තාපල් අස්සේ හංගලා දඹුල්ලට කුඩු ගෙනාවේ නැහැ. ඒවා කළේ කවුද කියලා ජනතාව දන්නවා. ඒ දන්න නිසාම ජනතාව අපිත් එක්ක ඉන්නවා.
ජනක බණ්ඩාර එයාගෙ පුතාව දමලා අද මට ගහන්න හදන්නේ. මට විතරක් නෙවේ, ජනාධිපතිතුමාටත් අපහාස කරනවා. අපි ජනතාවට උපරිම සේවයක් කරලා තියෙන නිසා අපට වරදින්නේ නැහැ.

0 comments:
Post a Comment