ගුරුවරියන් දෙදෙනෙකුගේ සමලිංගික හැසිරීමක ඡායාරූප සහිත මෙමරි චිප් එකක් පිටවේයයි බියෙන් තර්ජනය කිරීම නිසා කලකිරී දුම්රියට පැන දිවිනසාගත් රාගම සෙව්මිණි අපේක්ෂා සිසුවිය මියයන්නට පෙර තැබූ සටහනක් ඇය නිතිපතා යන කඳානේ හපුගොඩ දේවස්ථානයේ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප‍්‍රතිමාව අසල තිබෙන පඬුරු පෙට්ටියේ තිබි සොයාගෙන ඇත.
එය ‘මෙමරි චිප් එකේ’ ප‍්‍රශ්නය ඇදිඇදී යමින් ඇයට පාසලේ කොන්වන්නට සිදුවූ කාලයේ ලියූවක් වන අතර ඇය සියදිවි නසාගත් දිනයේ ලියූවක් නොවෙයි. අධ්‍යාපනයට සේම ක‍්‍රීඩා කටයුතුවලටද දක්ෂතාවක් දැක්වූ සෙව්මිණි විදුහලේ ගුරුවරියන් සමගද සමීපව ක‍්‍රියා කර තිබුණ අතර ඇයට මේ ප‍්‍රශ්නය නිසා සමලිංගික ප‍්‍රශ්නයට මැදිවූ බව කියන සුගීතා ටීචර් හා කාවිංගා ටීචර්ගේ මිතුදම අහිමිවීමත් ඔවුන්ගේ දෝෂදර්ශනයට නිරන්තරයෙන්ම ලක්වීමත් නිසා ඇතිවූ කලකිරීම සංසිඳුවාගන්නට දෙවියන්ගෙන් කරන ආයාචනයක් ලෙස මෙම ලියුම ලියා ඇත.
සෙව්මිණි අපේක්ෂා ලියා තැබූ සටහන පහත පරිදිය.
‘අනේ දෙව් පියාණෙනි, ඔබ වහන්සේටවත් පේන්නැද්ද මං ගමේ ඉස්කෝලේදී විඳින නින්දා අපහාස. අනේ ජේසුනි, මට මේ ලබන්නා වූ මාසයේ සිටම හොඳට හැදෙන්නට වරම් දෙන්න දෙවියනි. මම කරන හැම වැඩක්ම හොඳද නරකද කියලා මට කියලා දෙන්න දෙවියනි. ඒ වගේම 2013 වර්ෂයේදී මම මේ වේදනා ආව හැම ප‍්‍රශ්නයක්ම අසාධාරණකමක්ම අමතක කරලා මින් මතුවට සැමටම ප‍්‍රිය හොඳ දරුවෙක් වීමට මට වරම් දෙන්න. මම පාසලේදී හැසිරෙන විදිහට මට සුගිතා ටීචර් දකින දකින හැම තැනකදීම බණිනවා.
ඒ නිසා යළිත් මට ඒ විදිහට හැසිරිලා පාසලේදී කිසිම හේතුවක් නිසාවත් ඇයගෙන්වත් ගුරු මණ්ඩලයේ ගුරුවරයකුගෙන්වත් බැණුම් ඇසීමටත් යළි මින් මතුවට කිසිම දිනයක ඉඩ දෙන්නට එපා කියලා මම ඉතාමත් බැගෑපත් ලෙස ඔබ දෙපතුළ ළග වැඳ වැටී ඉල්ලමි දෙවියනි. ඒ වගේම නොසිතූ විදිහකට ඇරඹුණු මගෙයි, සුගීතා ටීචර්ගෙයි කාවිංගා ටීචර්ගෙයි සුන්දර යාළුකම නොසිතූ විලසින් නොසිතූ දිනයක අවසන් වී ගිය බව ඔබහන්සේ දන්නවා නේද? අනේ දෙවියනි ඒ වගේම මම දන්නවා ඒ දෙන්නා මාත් එක්ක තරහ වුණු නිසා මට දුන්න දුක වේදනාව ඔබ වහන්සේ දන්න බව. අනේ දෙවි රජාණනි, ඉතින් තවදුරටත් මට ඒ දුක විඳීමට තරම් හයියක් නෑ.
ඒ නිසා හෙටින් ඇරඹෙන මාසය තුළදී මට එයාලා දෙන්නව කොහොම හරි කරලා නොසිතූ විදිහකට ආයෙත් යාළු කරලා දෙන්න කියලත් මම ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි. අනේ දෙවියනි, ඒ වගේම මගේ පාසල තුළ මගේ යහළු යෙහෙළියන් සමග මට විනෝදවීමට සංවරව කීකරුව ගෑනු ළමයකුට ගැළපෙන ආකාරයෙන් විනෝදවීමට මට කියලා දෙන්න. අනේ දේව තාත්තේ මගේ පාසලේ ගුරු මව්වරුන් පියවරුන් අතරේ මගේ නාමය ඉතා නොහොබිනා ලෙසින් පැතිර තිබෙන නිසා ඒ අයට මා ගැන හිතෙන යම් යම් වැරදි සිතුවිලිවල හරි වැරැද්ද ඒ අයට පහදා දීලා මම කොයි වගේ කෙනෙක්ද කියලා ඒ අයටත් අන් සෑම දෙනාටත් පහදා දෙන මෙන් අවංකව ඉල්ලා සිටිමි.
අදින් පසුව ඉතා කීකරු, සංවර හොඳ ළමයෙක් ලෙස හැසිරීමට මට වරම් දුන මැනවි. මගේ හිතේ මේ වන විට ඇවිළී තිබෙන සෑම ගින්දරක්ම, දුකක්ම, ප‍්‍රශ්නයක්ම ඔබට භාර කරමි. ඒ හැම දෙයක්ම විසඳලා හැම හිතක්ම නිවලා හැම දුකක්ම නැති කර දෙන ලෙස ඔබවහන්සේගේ දයාබර පිවිතුරු පිරිසිදු මව්වන මරියතුමියගෙනුත් සෙබස්තියන් මුනිඳුන්ගෙනුත් අන්තෝනි මුනිඳුන්ගෙනුත් ශාන්තානම් මෑණියන්ගෙනුත් ආශ්චර්ය යුක්ත මරියාතුමියගෙනුත් ඔබවහන්සේගෙනුත් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටිමි. ආමේන්.
මට අදින් පස්සේ හොඳට හැදෙන්නට වරම් දෙන්න. ඒ වගේම මට ටීචර්ලා දෙන්නා එක්ක ආයෙමත් යාළු වෙන්නට වරම් දෙන ලෙස ඉල්ලා සිටිමි.
- ආමෙන් ජේසු - "

0 comments:
Post a Comment