facebook like

විමල්ලා වෙනුවට ස්වාමිලා --- උපුල් ජෝෂප් ප්‍රනාන්දු

2003 නොවැම්බර් හතර වැනි දින එවකට ජනාධිපති චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් තුනක් පවරා ගනිද්දී රනිල් හිටියේ වොෂින්ටනයේය. අමාත්‍යංශ පවරා ගත් බව රනිල් දැන ගත්තේ මහ රෑ ජාමේය. පසු දින රනිල් එවකට ඇමෙරිකානු ජනාධිපති බුෂ් හමුවීමට සූදානමින් සිටියේය. රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ එස්. බී. කොළඹ සිට රනිල්ට දුරකතනයෙන් කතා කොට බලකළේ බුෂ් හමුවීම පසෙකලා වහාම ලංකාවට එන ලෙසය. ඒත් රනිල්ගේ මතය වූයේ බුෂ් හමුවී ඇමෙරිකාව තමා සමඟ සිටින බව ලංකාවේ ජනතාවට පෙන්වීම වැඩිය හොඳයි කියාය. එතැනදී රනිල්ට වැරැදුණි.


දැන් මහින්ද කරන්නේත් ඒ වැරැද්දමය. 2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ වේදිකාවේ ප්‍රධාන කථිකයා වූයේ විමල් වීරවංශය. චම්පිකලා හෙළ උරුම වේදිකාවේ මහින්දගේ ප්‍රතිරූපය හැදුවේය. 2010 ජනාධිපතිවරණයේ මහින්දගේ වේදිකාවේ ප්‍රධාන කථිකයන් වූයේ විමල්, චම්පික, මර්වින් සහ රාජිතලාය. ෆොන්සේකාට ගහන්න ඇමැතිවරුන් බය වෙද්දී විමල්, රාජිත, මර්වින් සහ චම්පිකලා බය නැතිව ෆොන්සේකාට ගහල මහින්ද දිනවන්න කතා කළහ.
දැන් හදිසි ජනාධිපතිවරණයක් අතළඟ බව පෙනේ. හදිසි ජනාධිපතිවරණයට පෙර මඟ හදන මහින්දගේ ප්‍රධාන කථිකයා බවට පත්ව ඇත්තේ සුබ්‍රමානියම් ස්වාමිය. මේ දවස්වල පත්තර බැලුවත් ටී. වී. බැලුවත් ස්වාමි මහින්දව මුරුංගා අත්තේ තියයි. දමිළ ඡන්ද නැතිව මහින්දට දිනන්න පුළුවන් යැයි ස්වාමි කියයි. මහින්දට අත තියන්න බැහැ කියා ස්වාමි කියයි.


බලාගෙන යනකොට මහින්දට දැන් හැදිලා තියෙන්නේත් රනිල්ට හැදුණ ලෙඩේය. රනිල් නම් බුෂ්ව පෙන්නල ඡන්ද දිනන්න ගියේය. බුෂ් කියන්නේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයාය. ස්වාමි කියන්නේ ඉන්දියාවේ නිකම්ම නිකන් දේශපාලනඥයෙකි. නිකම්ම නිකන් දේශපාලනඥයකු පමණක් නොව බොරුකාරයෙකි. 2004 මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ විට තමා එවකට ජනාධිපති අබ්දුල් කලාම්ට කතා කොට සෝනියා ගාන්ධිව අගමැති ධුරයට නොකැඳවන ලෙස ඉල්ලා සිටියා යැයි ස්වාමි එරට මාධ්‍ය හරහා මහා ලොකු ප්‍රචාරයක් දියත් කළේය. සෝනියාගේ ඉන්දියානු පුරවැසිභාවය ගැන ප්‍රශ්න තියෙන නිසා ඇය අගමැති වීම වළක්වන්න යැයි තමා ජනාධිපතිට කී බවත් ජනාධිපති තම ඉල්ලීමට කන්දී සෝනියා අගමැති වීම වැළැක්වූ බවත් ඔහු කීවේය. ඒත් 2004 සිටම ජනාධිපති අබ්දුල් කලාම් කීවේ මෙය අමූලික බොරුවක් යැයි කියාය. තමා කවදාවත් ස්වාමිට කතා කොට මේ ගැන සාකච්ඡා නොකළ බව ඔහු සහතික විය. එසේම සෝනියා හමුවූ විට ස්වාමි කියනවා වගේ සෝනියාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්න නොකළ බවත් කලාම් කීවේය. ස්වාමි එයින් මහත් ලැජ්ජාවට පත් විය.
එහෙව් ස්වාමි දැන් මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කථිකයා වී සිටී. කලාම් ගැන ඉන්දීය මාධ්‍යවලට කීවා සේ ස්වාමි ලංකාවට ඇවිත් මම මෝඩිට ජයලලිතා ගැන මෙහෙම කිව්වා අරම කිව්වා මෝඩිත් මට මෙහෙම කිව්වා කියල මහින්දට කියනවාද දන්නේ නැත. මෝඩි දමිළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු හමු වන්නේ මහින්දගෙන් අහලා යැයි ස්වාමි කීවේය. හැබැයි මෝඩි මහින්දගෙන් ඒ වගක් අහපු බවක් නම් ආරංචි නැත.


ස්වාමිලාට මෙහෙ ඡන්ද නැත. ස්වාමි කතා කළා කියල මහින්දට ඡන්ද ලැබෙන්නේ නැත. ස්වාමිලාගෙන් හෝ ඉන්දියාවෙන් මහින්දට ඡන්ද ලැබෙන්නේ නැති බව මහින්ද 2005 තේරුම් ගෙන සිටියේය. 2005 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට ඉන්දියාව එජාප ජනාධිපති අපේක්ෂක රනිල්ව ඉන්දියාවට ගෙන්වා ගත්තේය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං රනිල් හමු විය. ඉන් පසු චන්ද්‍රිකා ඉන්දියාවට ගියාය. මන් මෝහන් සිං චන්ද්‍රිකාද හමු වීය. ලංකාවේ වාර්ගික ප්‍රශ්නය විසඳන්න ද්වීපාර්ශ්වික එකඟතාවකට එන්න යැයි මන් මෝහන් සිං රනිල්ටද චන්ද්‍රිකාටද කීවේය. එයින් පෙනුණේ ඉන්දියාව රනිල් ජනාධිපති ධුරයට පත් වෙනවා යැයි සිතා චන්ද්‍රිකා සමඟ ජාතික ආණ්ඩුවකට පාර කපන බවය. ඒත් එවකට ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් නිරුපමා රාඕ ඉන්දියාවට යවපු රහස් වාර්තාවල සඳහන් වූයේ මහින්ද දිනන්න ඉඩ තියෙන බවය. ඉන්දීය ආණ්ඩුව එය විශ්වාස කළේ නැත. මහින්දට ඉන්දියාවට ආරාධනා කළෙත් නැත. හැබැයි මහින්ද දින්නේය. මහින්ද දින්නේ ජ.වි.පෙ. සහ මහින්දගේ ටීම් එක මහින්දට හොඳ සිංහල බෞද්ධ ගමේ ප්‍රතිරූපයක් හදල දුන්න නිසාය.
රනිල් පැරැදුණේ බුෂ්ලා එක්ක සිංලා එක්ක ඉන්නවා කියල ටයි කෝට් ප්‍රතිරූපයක් හදාගත් නිසාය. මහින්ද දැන් හදන්නේ මහින්දට ගමේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය හදල දුන්න විමල්ලා චම්පිකලා කොන් කරලා ස්වාමිලාගේ කරේ යන්නටය.


ආරංචි හැටියට ජනාධිපතිවරණ කැම්පේන් එකට එන්නේ ගමේ මහින්ද නොව ත්‍රී ඩී මහින්ද කෙනෙකි. මේ මහින්ද කරන්න යන්නේ 2005 රනිල් කරපු කැම්පේන් එකය. බණ්ඩාරනායක මැතිනිය 1977 කළේත් මේ වගේ කැම්පේන් එකකි. 1977 ඇයව හැඳින්වූයේ තුන් ලෝකයේ නායිකාව කියාය. තුන් ලෝකේ නායිකාව කියන්නේ ඇය නොබැඳි සමුළු සභාපතිනිය වූ නිසාය. ඒත් මිනිසුන්ට බඩගින්න දැනෙනකොට පෙනුණේ තුන් ලොව නොව එලොවය. එයා ලෝකේ බලාගෙන තුන් ලෝකයට නායිකාව වෙලා හිටපුදෙන් අපි අපිව බලාගන්න නායකයකු හොයා ගමු කියල මිනිස්සු ජේ. ආර්. ව 1977දී අගමැති කර ගත්තේය. 1970 ඇමෙරිකානු රූකඩය යැයි කී ජේ. ආර්.ව 1977දී මිනිස්සු තමන්ගේ රූකඩය බවට පත්කර ගත්තේ එසේය. ඒ මැතිනිය ලෝකේ අල්ලන්න ගිය නිසාය. මහින්දටත් ඒකම වෙයිද කියන්න දන්නේ නැත.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive