facebook like

දමිළයින් යටහත් පහත්ව යාමට, ඇයි ඔවුන් තෙමුණු කිකිළියන්ද?....එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ

“සිංහලයන්ට කිසි විටෙකත් දෙමළ ජනතාව යටත් කරගත නොහැකිය. ඔවුන් යටත් වෙන්නෙත් නැත. සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැත. විශේෂයෙන් සිංහලයින්ට යාපනයේ දෙමළ ජනතාවගේ සිත දිනාගැනීමටවත් නොහැකිය. ඒ හේතුවෙන් සිංහලයන් විසින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කරගැනීමට උත්සාහ කරයි” යනුවෙන් ප්‍රකාශ කර ඇති සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew), දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ස්වාධීන රටක් බව ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂව දැඩි ලෙස විවේචනය කර ඇත.
ලොස් ඇන්ජලීස් හි පදිංචි මහාචාර්ය Thomas Gordon Plate විසින් “Conversations With Lee Kuan Yew” යන තේමාවෙන් ග්‍රන්ථයක් රචනා කර ඇත. මෙම ග්‍රන්ථයෙහි සිංගපුරුවේ හිටපු අගමැති මෙන්ම වත්මන් අගමැතිගේ පියාද වන ලී ක්වාන් යූ ගේ ඉහත ප්‍රකාශය ඇතුලත් කර ඇත.
“ශ්‍රී ලංකාවේ සිංහලයින් ජීවත් වූ  කාලයේ සිටම දෙමළ ජනතාවත් ජිවත්විය. නමුත් දෙමළ ජනතාවට සහ සිංහල ජනතාවට සමගියන් ජීවත්විය හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ නොමැත. ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස තිබෙන තුරු එයට ප්‍රීතිමත් රටක් විය නොහැකිය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කල දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කර ඇත. මේ තුලින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැක ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එය සියළු දෙනා පිළිගත යුතු බවත්, විශ්වාස කල යුතු බවත් ඔහු බලාපොරොත්තුවෙයි.
ඊළාම් දෙමල ජනතාව යටත් වෙන්නේ නැත. සිංහලයින්ට බියවී දුවන්නෙත් නැත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විනාශ කලද, සුළු ජාතික ජනතාවක් වන දෙමළ ජනතාවගේ සිත් දිනාගැනිමේ හැකියාව සහ නිර්භීතකම නියත වශයෙන්ම සිංහලයින්ට නැත. මේ සියල්ලකට වඩා යාපනයේ දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීම සිංහලයින්ට අනිවාර්යයෙන්ම කිසි කාලයක කළ නොහැකිය. ඒ හේතුවෙන්, සිංහලයින් සියළු මාර්ග තුලින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.
සිංහලයන් මීට පෙරත් මේ ආකාරයෙන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් විශාල සන්නද්ධ සටනක් ආරම්භ විය. වර්තමානයේදීත් එය සිදුකිරීමට උත්සාහ කරනු ඇත. සියළු දෙමළ ජනතාව විනාශ කළ හැකිය යන සිංහලයන්ගේ අදහස අනිවාර්යයෙන් සපල නොවනු ඇත.
සිදුවුවේ සහ සිදුවන්නේ ජාති ඝාතනයකි!
ශ්‍රී ලංකාවේ අද සිදුවෙමින් තිබෙන්නේ කුරිරු ජාති ඝාතනයකි. ඒ හේතුවෙන් දෙමළ ජනතාව නැවත සන්නදධ සටනක් ආරම්භකරයිද? යන්න පිළිබඳව මා හට ප්‍රකාශ කල නොහැකිය. නමුත්,අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව දීර්ඝ කාලයක් ඉවසීමකින් නොසිටිනු ඇත. සිංහලයන්ට වඩා දෙමළ ජනතාවට වැඩි ගෞරවයක් ලබාදිය යුතුය” යනුවෙන් ලී ක්වාන් යූ ප්‍රකාශකර ඇත.

සන්කදි 24 වෙබ් අඩවිය

1 comment: Leave Your Comments

  1. එයා කොහොමත් බෙදුම්වාදියානේ. නැත්නම් ලංකාවේ ආසනයක් තරම් වත් නැති එකක් රටක් කර ගන්නේ කොහොමද ? එයා එහෙම කිව්වයි කියලා අපි බෙදලා දෙන්න ඕනෙද ? බහුජන වර්ග ජීවත් වෙන එකම රට මේකද ? එහෙමනම් ඇමරිකාව කීයකට කඩන්න ඕනෙද ? ඔස්ට්‍රේලියාව කීයකට කඩන්න ඕනෙද ? මේ ආදර්ශය සිංගප්පූරුවෙන්ම දෙන්න පුළුවන් නේ ඒක තුනකට කඩලා. මැලේ චීන සහ දෙමළ වශයෙන්.

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive