අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ වෛද්‍යවරයකු විසින් සී.සී.ටී.වී. කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත (සටහන්) සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවන්නැයි අනුරාධපුර වැඩ බලන ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.
සැකකාර වෛද්‍යවරයාට යළි ලබන දෙසැම්බර් මස 01 දින අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ අදාළ පැමිණිල්ල අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි. සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවි කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබූ සී.සී.ටී.වී. කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි අනුරාධපුර හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාද මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ කටුබැද්ද, රෝලි ප්‍රනාන්දු මාවත ලිපිනයේ පදිංචි දිනූෂ සෙරංග විජේවර්ධන නමැති 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 30 වැනි වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද කර ඇති බවට අධිකරණය හමුවේ චෝදනා එල්ලවී තිබේ.
සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 2013 දෙසැම්බර් මස 31 වැනි දින කියා සිටියේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක යමකු විසින් සී.සී.ටී.වී. කැමරාවක් සවි කර ඇති බවට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සහකාර පරිපාලන අධ්‍යක්‍ෂ දුලාන් සිරිවර්ධන සමරවීර මහතා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකාර වෛද්‍යවරයා අනුරාධපුර රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හේරත් මහතා මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර වූ බවද එදින අධිකරණයට කියා සිටි පොලිසිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී.වී. කැමරාවක් සවි කර තිබූ බව තමන් දුටු බව පවසමින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිනියක විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද කීවේය. එමෙන්ම සැකකාර වෛද්‍යවරයා අදාළ කාන්තා වැසිකිළියට යන එන අයුරු සුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයෙහි නියැළී සිටි කම්කරු සේවකයකු දැක ඇති බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළිවිණැයිද පොලිසිය අධිකරණයට කීය.

.jpg)

0 comments:
Post a Comment