පසුගිය සතියේ සඳුදා දින පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම නම් තරමක් උණුසුම් වාද විවාදවලින් පිරුණු එකක් විය.
මෙහිදී පළමුවෙන්ම ජනාධිපතිවරයා කියන්නට වූයේ මීට ඉහත සතියකදී ආණ්ඩුවේ ඇමැතිවරුන් පිරිසක් බොදුබල සේනාවට එරෙහිව මහානායක හිමිවරුන් දැනුම්වත් කිරීමට යෑම සම්බන්ධයෙනි.
"මම මේ මෙතැන ඉන්න ඇමැතිවරුන්ට කියන්නෙ ඔය එක එක ආගමික සංවිධාන එක්ක හැප්පෙන්න යන්න එපා. එහෙම වුණාම නැති ප්රශ්න ඇති වෙනවා. අනෙක් එක ඒ ප්රශ්න දිගටම ඇදගෙන යන්නත් එපා. මම මේක මෙතැන කතා කරන්න නෙවෙයි හිටියෙ. දැන් මේ මෙතැන ඉන්න කණ්ඩායමක් ගිහිල්ලා මේ ගැන මහ නායක හාමුදුරුවොත් එක්කත් කතා කරලා තියෙනවා. ආගමික සංවිධාන එක්ක වැඩ කරද්දි හරි පරිස්සමෙන් කරන්න. ඒ සංවිධානවලින් මොනවා හරි කිව්ව නම් ඒවට වෙනම ඇක්ෂන් ගන්නවා මිසක් ආයේ ඒවට උත්තර දෙන්න යන්න එපා. එතකොට තමයි මේවා දිගට දිගට ඇදිලා යන්නෙ" දැන් බලන්න එදා ගමන ගැන මේ කවුරුවත්ම පක්ෂයේ මහ ලේකම්තුමාවවත් දැනුම්වත් කරලා නෑ. එතුමගෙන් ඇහුවම එතුමත් කියනවා මම දන්නෙ නැහැ කියලා. අඩුම තරමින් ඔය වගේ ගමන් යද්දි මහ ලේකම්තුමාවවත් දැනුම්වත් කරලා යන්න" යැයි ජනාධිපතිවරයා කියද්දී මේ කතාවට මුලින්ම පිළිතුරු බැඳීමට නැඟිට්ටේ රාජිතය.
"නෑ ජනපතිතුමනි අපි මහලේකම්තුමාව දැනුම්වත් කළා. අපි එතුමට කියලා තමයි මේ ගමන ගියෙ. අනෙක් එක අපි ගියේ ඔබතුමාවවත්, ආණ්ඩුවවත්, පක්ෂයවත් විනාශ කරන්න නෙවෙයි. අපි මේ ගියේ මේ ඔක්කොම ආරක්ෂා කරගන්න ගමනක්. අපිට පසුගිය ටිකේම බොදුබල සේනාව පහර ගැහුවා. මේ විදියට අපිට ගහනකොට අපි මොකද කරන්නෙ" යැයි රාජිත කියද්දී නැවතත් ජනාධිපතිවරයා කීවේ "නෑ... ඉතින් ඒ අය කියන දේවල් කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නෑ. ඔය දැන් හැමකෙනාටම බනිනවනෙ. ඕවට උත්තර දෙන්න ගියාමයි ප්රශ්න ඇති වෙන්නෙ" යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා තවත් පොඩි දේශපාලන ෂොට් එකක් පිරිසට ලබා දීමටද එහිදී අමතක නොකළේය.
"නෑ ඉතින් ඔය ගිය අය දිහා බැලුවහම ඕක පිටි පස්සෙ ඉන්නෙ කවුද කියලා හොඳට පේනවා" යන්න ජනාධිපතිවරයා දුන් හීනි දේශපාලන ෂොට් එක විය.
නමුත් රාජිත තමන්ගේ පැත්තෙන් විය යුතු පැහැදිලි කිරීම ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කළේය.
"නෑ... ජනාධිපතිතුමනි අපි මහ නායක හාමුදුරුවන් හම්බෙන්න ගියාට පස්සෙ එස්. බී. ඇමැතිතුමා පවා මට කතා කරලා ඇහුවා ඇයි මේ ගැන අපිව දැනුම්වත් කළේ නැත්තෙ කියලා. එහෙම දැනුම්වත් කළා නම් එතුමත් මේ ගමනට එනවා කියලා කිව්වා. මේ වගේ දෙයක් කවුරු හරි කරන්න ඕන කියලත් එතුමා මට කිව්වා. මෙතැනදි අපි ගියේ ආණ්ඩුවටවත්, පක්ෂයටවත් හානියක් කරන්න නෙවෙයි. අපට මේ අය කරන බොරු චෝදනා හින්දයි. උදාහරණයක් විදියට පසුගිය දවස් ටිකේ මට හිරු චැනල් එකෙනුත් දිගටම ගැහුවා. ඇයි මේ අය මට මෙහෙම ගහන්නෙ" යැයි රාජිත කියද්දී හිරු නාළිකාව පිළිබඳ මාතෘකාව ඇදී ආ නිසා වහාම ජනාධිපතිවරයා ඊට මැදිහත් විය.
"නෑ... නෑ... රාජිත, හිරු එකෙන් ඔයාට ගහන්නෙ ඔයා හිතන දේවල් හින්ද නෙවෙයි. එතැන තියෙන්නෙ වෙන ප්රශ්නයක්" යැයි ජනාධිපතිවරයා කියද්දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ හිරු නාළිකාව පවත්වාගෙන යන පවුලේ සාමාජිකයකු වූ මන්ත්රි දුමින්ද සිල්වාද රාජිතගේ කතාවට උත්තර දීමට නැඟිට්ටේය. නමුත් ජනාධිපතිවරයා වහාම දුමින්දව වළක්වාලමින් නැවතත් ඔහුව අසුන්ගැන්වීමට සැලැස්සුවේ "නෑ... නෑ... දැන් ඔයා මෙතැන ඕවට උත්තර දෙන්න යන්න ඕන නෑ" යැයි කියමිනි. එමෙන්ම ජනාධිපතිවරයා එහිදී තවත් කිසියම් දේශපාලන ඉඟියක්ද ලබාදීමට කටයුතු කළේය.
"හරි හරි අපි බලමුකෝ... මම දන්නවා ඔය හැම එකක් පිටිපස්සෙම ඉන්නෙ කව්ද? තියෙන්නෙ මොකක්ද කියලා. මම දැන් කල්පනා කරලා තියෙනවා ඔය යන්න ඉන්න අයටයි, එන්න ඉන්න අයටයි පහසු වෙන විදියේ වැඩක් කරන්න. හෙට අනිද්දා වෙද්දී මම ඒක නීත්යනුකූලවම කරනවා. එතකොට කිසි කරදරයක් නැතිව යන අයට යන්නත් පුළුවන්, එන අයට එන්නත් පුළුවන්" යනුවෙන් ජනාධිපතිවරයා තරමක් බැරෑරුම් සහගත ස්වරයෙන් කියා සිටියද ජනාධිපතිවරයා කරන්නට සිතාගෙන සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව ඒ මොහොතේ කිසිවකුටත් හැඟීමක් තිබුණේ නැත.

0 comments:
Post a Comment