facebook like

බොදුබල සේනා රැස්‌වීමට ගිය ධීවර සංස්‌ථා සේවකයාට ටොෆිය දීලා

සාධාරණය ඉටු නොවුණොත් ධීවර ඇමැතිට පාඩමක්‌ උගන්වනවා
පස්‌යොදුන්රට බොදුබල සේනා රැකවරණ සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම නාරවිල කරම්පෑතර විහාරස්‌ථ ශ්‍රීවිමල ධර්ම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය හා ලංකා ධීවර සංස්‌ථාවේ විධායක පුහුණු නිලධාරියකු ද වන ගයාන් චතුරංග වික්‍රම මහතා ඉතා අසාධාරණ ලෙස, පෑලියගොඩ කාර්යාලයට මාරුකර ඇති බව පස්‌යොදුන් රට බොදුබල සේනා රැකවරණ සංවිධානයේ සභාපති බඩල්කුඹුරේ අරියශාන්ත ස්‌වාමීන් වහන්සේ පැවසූහ.

පසුගියදා මතුගම නාරවිල කරම්පෑතර ශ්‍රී අභයාරාම විහාරස්‌ථ ධර්ම ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ පැවසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අරියශාන්ත හිමියෝ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය සමග විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් අළුත්ගම නගරයේදී පැවැති බොදු සමුළුවට සහභාගි වූයේ ඇයි දැයි ගයාන් චතුරංග මහතාගෙන් ධීවර සංස්‌ථා සභාපතිවරයා විසින් විමසා ඇත.

එවැනි සමුළුවකට සහභාගිවීමට තමන්ට අයිතියක්‌ ඇතැයි එහිදී චතුරංග මහතා කියා ඇත.

එම පිළිතුර නිසා ඒ සඳහා පළිගැනීමට මෙම අසාධාරණ, ස්‌ථානමාරුව සිදුකර ඇති බවට කිසිදු සැකයක්‌ නැතැයි අරිය ශාන්ත හිමියෝ පැවසූහ.

ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට මේ ගැන දැනුම්දී ඇතත්. මේ වන තුරු ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

ඒ නිසා මෙම අසාධාරණය ජනතාව හමුවේ තැබීමට මෙම මාධ්‍ය හමුව කැඳවූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පසුගිය කාලයේ සංස්‌ථාවේ සිදුවූ සොරකම් හා විවිධ වංචාවන් හෙළිදරව් කර ගැනීමට මෙම ගයාන් චතුරංග මහතා සහාය වී ඇත. එමෙන්ම ඔහුගේ පියා වන විෙ-තිලක වික්‍රම මහතාද ඇමැතිවරයාගේ සම්බන්ධීකාරක ලේකම් වරයකු වශයෙන් සේවය කරයි. එසේ තිබියදී මෙවැනි අත්තනෝමතික තීරණ ගැනීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක්‌ උදාවී තිබෙනවා.

කෙසේ වුවද අසාධාරණයට ලක්‌වී ඇති ගයාන් චතුරංග මහතාගේ මාරුවීම අවලංගු කරන ලෙස අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම මෙම ගැටලුව විසඳීමට ක්‍රියානොකරන්නේ නම් ඉදිරියේදී ඇමැතිවරයාට විරුද්ධ සංවිධානාත්මක වැඩසටහනක්‌ ක්‍රියාවට නංවන බවද උන්වහන්සේ පැවසූහ.

මෙහිදී පස්‌යොදුන් රට බොදුබල රැකවරණ සංවිධානයේ ලේකම් නාරවිල සමිත, එහි ජාතික සංවිධායක දිණුලන්ද වත්තේ විමල යන හිමිවරු අදහස්‌ දැක්‌වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive