පසුගිය මැතිවරණවලින් පෙන්වා ඇත්තේ රාජපක්‍ෂ මහත්තයා කොට්ට පැදුරු අකුලාගෙන ගෙදර යන්න සූදානම් විය යුතු බව යයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඌව පළාත් සඹා මැතිවරණ රැස්වීමක් අමතමින් ඔහු මෙසේද කීය.
‘මේ රටේ අද ජීවිතේ පවත්වා ගෙන යන්න පුළුවන් වෙලා තිබෙන්නේ එක පවුලකට හා පවුලක් වටේ ඉන්න කල්ලියකට පමණක් බව මතක තබා ගන්න. රාජපක්ෂ මහත්තයාගේ පවුලයි ඒ පවුල වටේ ඉන්න කල්ලියයි මේ රටේ මහජනයාගේ දේපළ කෝටි ප‍්‍රකෝටි ගණන් හොරා කාලා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා. ස්වල්ප ප‍්‍රමාණයක්ද හොරා කන්නේ? තමුන්නාන්සේලා හිතන්නේ කොච්චර හොරා කනවද? රුපියල් ලක්ෂයක්? බලන්නේවත් නෑ ලක්ෂ සියක්. අල්ලන්නේවත් නෑ. ලක්ෂ පන්සීයක්? දැනෙන්නේවත් නෑ? ඊට වඩා මේ මහජනයාගේ දේපළ කෝටි ප‍්‍රකෝටි ගණන් මේ පවුලයි කල්ලියයි හොරා කනවා. හොරා කනවා විතරක් නොවේ නාස්ති කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපි තමුන්නාන්සේලාට කෙළින්ම කියන්නේ මෙදා සැරේ මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා. තව දුරටත් ඡන්දය දීලා ශක්තිය වැඩි කරලා හයිය වැඩි කරලා ඉස්සරහට ගෙනි යන්න ඕනෑ ආණ්ඩුවක් නෙවේ. ඒ නිසා මෙදා සැරේ මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුවක් ගන්න.
මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න ගොඩක් අය නැහැ. මොකද ඔය එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි කියලා හිටියට ඡන්දය අරගෙන අනෙක් පැත්තට පනිනවා. බස්නාහිර පළාත් මැතිවරණයේ දී මන්ත‍්‍රී ධූර 12 ක් තිබ්බට වඩා අඩු වුණා. දකුණෙන් මන්ත‍්‍රි ධූර 5 ක් අඩු වුණා. කොළඹ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ ඡන්ද ප‍්‍රතිශතය සියයට 45 දක්වා අඩු වුණා. විපක්ෂයට ඡන්ද සියයට 55 යි. ආණ්ඩුවට ඡන්ද ලැබුණේ සියයට 45 යි. රටේ අග නගරය තියෙන දිස්ත‍්‍රික්කය පළාත් සභා දෙකේම ඡන්ද ලක්ෂ දෙක හමාරක් අඩු වුණා. මේ මැතිවරණ වලින් පෙන්නලා තියෙන්නේ රාජපක්ෂ මහත්තයෝ කොට්ට පැදුරු සූදානම් කර ගන්න. මේ රටේ ජනතාව තමුන්නාන්සේලා ගෙදර යවන්නයි සූදානම’

0 comments:
Post a Comment