facebook like

ඒ සයිමන්ස්‌... මේ තිසර...

ඔස්‌ටේ්‍රලියාවේ ඇන්ඩෘ සයිමන්ස්‌ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට අවශ්‍ය නිදහස ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනයෙන් නොලැබෙන බැවින් 'මාළු ඇල්ලීම මගේ ප්‍රියතම විනෝදාංශයයි. මම ක්‍රිකට්‌ නවත්වා මාළුවෙක්‌ බාගෙන විනෝදයෙන් ඉන්නවා. ක්‍රිකට්‌ ගහන්න ඕනනම් අයි.පී.එල් වගේ තරගාවලියකට සහභාගි වෙනවා.' යනුවෙන් පවසා තරුණ වියේදීම ඇන්ඩෘ සයිමන්ස්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදුන්නේය. එහෙත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට තිබියදී මමත්වය වෙනුවෙන් එය මග හැර ගිය ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස ඇන්ඩෘ සයිමන්ස්‌ව අපි හඳුන්වමු.

සයිමන්ස්‌ එසේ කළද අපේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඉතිහාසයකවත් එසේ කළ බවක්‌ වාර්තා වී නොමැත. එහෙත් පසුගිය කාලයේ වත්මන් ශ්‍රී ලංකාව සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා, සයිමන්ස්‌ මෙන් තරුණ වියේදීම ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදීමට සැරසෙන බවට නොයෙක්‌ ආරංචි පැතිරී ගියේය. ඒ සයිමන්ස්‌ මෙන් මාළු ඇල්ලීමට නොව ඔහුට එරෙහිව ආ 'කැපිල්ලක්‌' හේතුවෙන් එසේ කිරීමට සැරසී සිටි බව වැඩි දුරටත් වාර්තා විය.

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගවලියෙන් පසුව තිසර පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ අහිමි වූයේ ඔහු විස්‌සයි විස්‌ස විශේෂඥයකු නිසා යෑයි එක්‌ තැනක සඳහන් වේ. තවත් තැනක සඳහන් වන්නේ තිසරගේ හැසිරීම් සම්බන්ධයෙන් බලධාරීන් තෘප්තිමත්ව නොසිටි නිසා ඔහුට ස්‌ථානය අහිමි වූ බවයි. එහෙත් කුමන හේතුවක්‌ මත හෝ ලකුණු අතර සහ කඩුලු අතර සිටි තිසරට එක්‌දින තරගාවලි කිහිපයක කණ්‌ඩායමේ නිසි ස්‌ථානය හිමි නොවීය.

එහෙත් අවස්‌ථාව ලද සැණින් ක්‍රියාත්මක වු තිසර පසුගියදා පකිස්‌තානය සමග පැවැති දෙවැනි එක්‌දින තරගයේදී 'රිදෙන්නට' පහර දුන්නේය. ඒ පන්දු 36 කදී ලකුණු 65 කි. අනතුරුව කඩුලු තුනක්‌ද දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. ඒ සමගම තිසර පසුගිය කාලයේ 'බංකුවේ' තැබුවේ කුමන අහේතුවකටදැයි අපි නොදනිමු. එය විටෙක තේරීම් කමිටුවේ වරදකි. නැතහොත් කණ්‌ඩායමේ වරදකි. නැතහොත් ක්‍රිකට්‌ ආයතනයේ වරදකි. ඔවුන් සියල්ල නිවැරදි නම් තිසර විසින්ම තමාගේ ස්‌ථානය කපාගෙන ඇත. එහි සත්‍යතාවය සොයා බැලීමේදී තිසර යනු කණ්‌ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙකි. ඉකුත් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජයග්‍රහණයට ඔහු කළ මෙහෙවර සහ අවසන් එක්‌දින තරගයේදී තිසර පෑ හපන්කම ඒ සඳහා හොඳම නිදසුන්ය.

තමාට නිසි ස්‌ථානය හිමි නොවීමෙන් කලකිරීමකට පත්ව සිටි තිසර පෙරේරා ඔස්‌ටේ්‍රලියාවට හෝ නවසීලන්තයට ගොස්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන බවට ආරංචි පැතිර ගියේය. එහෙත් තිසර මාධ්‍ය ඉදිරියේ කට වසා සිටීමෙන් එහි සත්‍යතාවය ඔහුගේ මුවින් දැන ගැනිමට අපට හැකියාවක්‌ නොලැබුණි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ තිසර පෙරේරා එකම පාසලේ එකට ක්‍රිකට්‌ ගැසු 'අඹ යහළුවන්ය.' එහෙත් තිසරට මැතිව්ස්‌ගේ කණ්‌ඩායමේ ස්‌ථානය පසුගිය කාලයේ අහිමි විය. එවැනි අවස්‌ථා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේත් සටහන්ව තිබේ. සනත් ජයසුරිය සහ රොෂාන් මහානාම බ්ලූම්µSල්ඩ් ක්‍රීඩා සමාජයේ අඹ යහළුවන්ය. නමුත් සනත් නායකත්වයට පත් වුවාට පසුව රොෂාන් මහනාමට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි විය. පසුකාලයක මහානාම පවසා ඇත්තේ 'සනත් මගේ හොඳම යහළුවා. ඔහු නායකත්වයට පත්විමෙන් පසුව මට සාධාරණයක්‌ ඉටු වේවි කියා විශ්වාස කළා. නමුත් එසේ සිදුනොවීම කණගාටුවට කරුණක්‌' යනුවෙන් එදා මාධ්‍ය හමුවකදී මහානාම පවසා තිබේ.

කෙසේ වෙතත් තිසර පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානය නොලැබෙන විට ඔහුට ඔස්‌ටේ්‍රලියාවේ 'බිග් බෑෂ්' විස්‌සයි විස්‌ස තරගාවලියට ක්‍රීඩා කිරීමට ආරාධනාවක්‌ ලැබී ඇත. එහෙත් එයට යාමට තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් අවසර නොලැබුණි. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් හී පැවැති කැරිබියන් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලියෙන් තිසරට ආරාධනයක්‌ ලැබුණි. ඒ සඳහා ක්‍රිකට්‌ ආයතනයෙන් තිසරට අවසර නොලැබුණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තිසරට දන්වා ඇත්තේ මෙරට පුහුණුකරුවන් සමග සිය පුහුණුවීම් කරන ලෙසය.

කැරිබියන් සහ බිග් බෑෂ් තරගාවලි ක්‍රීඩා කළේ නම් තිසරට අති විශාල මුදල් ප්‍රමාණයක්‌ ලැබෙනු ඇත. නමුත් ඔහුට ඒ සඳහා අවස්‌ථාව නොලැබීම මත යම් හෙයකින් තිසර කලකිරීමට පත්ව සිටින්නට ඇතැයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් අනතුරුව එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමට තිසරව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කළේය. එවිට තිසර පෙරේරා තමාගේ මානසිකත්වය හදා ගැනීමට ටික දිනක්‌ විවේකය අවශ්‍යයි පවසා කණ්‌ඩායමෙන් ඉවත් විය. එබැවින් තිසර නොමැතිව ශ්‍රී ලංකා 'ඒ' පිල එංගලන්තයට ගියේය.

විවේකයෙන් පසුවූ තිසර යළිත් පුහුණුවීම් වලට පැමිණීමට අවස්‌ථාව ලබාදෙන ලෙස ක්‍රිකට්‌ ආයතනයෙන් ඉල්ලීමක්‌ කර තිබේ. ඒ අනූව පුහුණුව ඇරඹු තිසරට පකිස්‌තානය සමග එක්‌දින තරගාවලියේදී සුපුරුදු ස්‌ථානය හිමි විය. දැන් ප්‍රශ්නය සේදී ගොස්‌ ඇති හෙයිනි. තිසරගේ කැපිල්ලට ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් පිළිතුරු දුන්නේය. විය යුත්තේද එයයි. යම් හෙයකින් ඉහත සඳහන් කළ ඇන්ඩෘ සයිමන්ස්‌ මෙන් තිසරත් ක්‍රියා කළේ නම් ඔහුව මෙරට ප්‍රේක්‍ෂකයන් 'බ්ලැක්‌ ලිස්‌ට්‌' කරනු ඇත.

තිසර ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමෙන් ඉවත්වීම නිසාදොa, සනත් ජයසුරිය සෑම ක්‍රිකට්‌ ක්‍රීඩකයකුටම අනතුරු ඇඟවීමක්‌ කළේය. ඔහු 'දිවයින' සමග පවසා සිටියේ, 'ඕනෑම ක්‍රීඩකයකු ජාතික කණ්‌ඩායමේ හෝ 'ඒ' කණ්‌ඩායමේ ක්‍රීඩා කිරීමට සුදානමින් සිටිය යුතුයි. කවුරු හරි ක්‍රීඩකයකු කියනවනම් ජාතික කණ්‌ඩායමේ ඉඳල 'ඒ' කණ්‌ඩායමේ ක්‍රීඩා කිරීම මදිකමක්‌ කියල ඔහුට යන්න පුළුවන්' යනුවෙනි.

තිසර මේ වන විට එක්‌දින තරග 78 කදී කඩුලු 99 ක්‌ දවා ගැනීමට සමත්ව තිබේ. ඔහු එහිදී පිතිකරුවකු ලෙස මුළු ලකුණු 862 ක්‌ රැස්‌ කර ඇත්තේ පන්දු 800 ක්‌ පමණක්‌ වැය කරමිනි. විස්‌සයි විස්‌ස තරගවලදී තිසරගේ පිතිකරණ සාමාන්‍ය 33.28 කි. මෙම දක්‍ෂතාව තවදුරටත් වර්ධනය කරගනිමින් පන්දුව තෝරා බේරා පන්දුවට පහරදීමට තිසර ඥනාන්විත වී තිබේ. විය යුත්තේද එයමය. සයිමන්ස්‌ මග නොගොස්‌ තිසර දැන් හරි පාරේ ගමන අරඹා ඇත.

* අසේල විතාන

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive