facebook like

කොටුව ජනාධිපති මන්දිරේට අරක්ගත් භූතයගෙ මැරිච්ච ආත්මය ගැන ---- ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර කරන හෙළිදරව්ව

වාස්තු දෝෂ ගැන අපි කවුරුත් අහල තියෙනවා. කාලයකදී වාසනාව, සැපත, ධනය හැමදේම ලබා දුන්නු නිවහනක් සෙනසුරුගෙ අසුබ කාලයක් ආවහම අවාසනාව දෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වය දුගී පැල්පතටත් රජගෙදරටත් එක වගේ බලපානවා. හැබැයි තමන්ගෙ කලදසාව හොඳනම් වාස්තු දෝෂවලින් කිසිම විපතක් සිද්ධ වෙන්නෙ නැහැ.
මේ විදියට රජගෙදරට බලපාපු වාස්තු දෝෂය චන්ද්‍රිකාගෙ සෙනසුරු දශාවෙන් අපල දීපු හැටියි මම අද කියන්න යන්නෙ. මම මේ දෝෂ සහගත තත්ත්වය චන්ද්‍රිකාගෙ අපල තත්ත්වයත් එක්ක එයාට ප්‍රතිවිපාක ගෙනෙන හැටි කලින්ම කිව්වා. ඒත් ඒ අනාවැකිය එතරම් මායිම් නොකරපු චන්ද්‍රිකා ඒ කියපු හේතුව නිසාම විපාක විඳපු හැටියි මම මේ කියන්න යන්නෙ.


දැන් අපේ රජගෙදර බවට පත්වෙලා තියෙන ලන්දේසීන්ගේ මේ දේපළ ලංකා භූමියේ දේපළක් බවට පත් වෙන්නෙ 1804 ජනවාරි මාසෙ 17 වැනිදා. පුදුම සිදුවීමක් කියන්නෙ එදා අඟහරුවාදා දවසක්. ඒ වගේම එදා බ්‍රහස්පති ග්‍රහයගෙ නැකැතක් තමයි උදා වෙලා තිබුණේ. දැන් මේ ගෙදර නවාතැන් ගන්නෙ රාජකීය පුද්ගලයොනෙ. රාජකීයයන් ගැන ජේ‍යාතිෂයේ සඳහන් වෙන්නෙ රවි ග්‍රහයාගෙන්. එදා ඒ රවි හිටියෙ මකර රාශියේ චන්ද්‍රයා හිටපු නැකැතක. ගුරු හිටියෙ තුලා රාශියේ. එතකොට මේ දෙන්නම සතුරු ග්‍රහයො බවට පත්වෙනවා. ඉතින් ඔය රජගෙදර ඉඳල ආණ්ඩුකාර ධුර දරපු කිසිම කෙනෙක්ට මේ කාලයේදි වෘත්තීය තෘප්තිය ලබාදීල නැහැ. ඒ වගේම තමයි ඒ අයට තානාන්තරයෙන් විශ්‍රාම ගන්න වෙන්නෙත් කලකිරීම් මැද්දෙ. ඒ වගේම එදා ලංකාවට ඉර උදාවෙන මොහොත ගත්තොත් දුකට අධිපති වන සෙනසුරු ග්‍රහයා තමයි ලග්නෙ හතර වැන්නෙ, හත්වැන්නෙ වගේම දහ වැන්නෙත් අතුරු දශාධිපති වෙන්නෙ.


රජ ගෙදර මහා දෝෂ 6ක් නිසා. වාස්තුවේ කියැවෙනවා මහාදෝෂ, මධ්‍යදෝෂ සහ චූල දෝෂ කියල දෝෂ වර්ග 3ක්. මහාදෝෂ බලපාන්නෙ ගෘහමූලිකයට. මධ්‍ය දෝෂ බලපාන්නෙ ආර්ථික, සමාජයීය ක්‍ෂේත්‍රවලට. චූල දෝෂවලින් කියන්නෙ භූතාත්ම ගැන. රජගෙදර ඉහළට නඟින පඩිපෙළ පිහිටල තියෙන්නෙ භූතාත්මවලට අතවනන විදියට අයිනෙන් බිත්තියක් සම්බන්ධ කරගෙන නෙවෙයි. ගෙබිමේ මැද කොටසට අයිතිවෙන ප්‍රදේශයෙන් ඉහළ තට්ටුවට නඟින පඩිපෙළවල් ආරම්භ වුණොත් ඒක මහා දෝෂයක් විදියටයි ප්‍රතිඵල දෙන්නෙ. හැබැයි ඒ දෝෂය වෙනස් කරන්න ගියොත් ඉපැරැණි ග්‍රීක - ලන්දේසි ගෘහ නිර්මාණ කලාව රජගෙදරින් අහෝසි වෙනවා. ඒ වගේම රජගෙදර තියෙන මහාදෝෂවලින් තව එකක් තමයි සිවු දිශාවලට පිටවීමේ ‍ෙදාරටු පිහිටා නැතිකම. රාජයෝග තියෙන කෙනෙක්ට මන්දිරයක් ඉදිකරනකොට උතුරු - දකුණු - බටහිර - නැඟෙනහිර දිශා 4ට ද්වාර දෝෂ නොහිටින්න පිටවීමේ ‍ෙදාරටු 4ක් පිහිටුවන්න ඕන. ඒත් කොටුවෙ රජගෙදර එහෙම තිබුණෙ නෑ. ඉතින් මේ වගේ දෝෂ ගණනාවක් තියෙන තැනක් භෞතිකව කඩල බිඳල වෙනස් කරනවා කියන්නෙ ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඒ වගේම මේ රජගෙදර සිද්ධ වෙන අමුතු අමුතු සිදුවීම් කිහිපයකුත් මෙතැන ඉන්න අයට කරදර සිදුකරනවා. ඉතින් මෙහෙම වාතාවරණයක් යටතෙ තමයි චන්ද්‍රිකාට එයාගෙ අපලෙ පල දුන්නෙ.


ඔය අතරෙ....
2003 අප්‍රේල් 07 වැනිදා ඉඳල 2004 සැප්තැම්බර් 06 වැනිදා දක්වා සෙනසුරා මිථුන රාශියට ආවා. ඒ වෙලාවෙදි 2001 අගෝස්තු ඉඳල 2003 අගෝස්තු වෙනකල් චන්ද්‍රිකාට තිබුණෙ සෙනසුරුගෙ මහදශාවෙ ගුරුගෙ අතුරු දශාවයි. මේ වෙලාවෙදි චන්ද්‍රයා වෘශ්චික රාශියේ නීචව ගමන් කරන හැම දවස්වලම රටේ ජනාධිපතිනිය හැටියට චන්ද්‍රිකා මැතිනිය ප්‍රශ්නවලින් මානසිකව ගොඩක් පීඩා වින්දා. මේ විදියට ශනි වෘශ්චික රාශියට එන කාලෙදි දිළින්දෙක්ට නම් දවස් 49ක් ඉර උදාවෙනකොටම වාඩිවෙලා ඉඳගෙන ශනි මෘතුංජය යන්ත්‍රය සිද්ධි කරන්න ඕන. හැබැයි රජෙක්ට නම් අර තිසා වැව ළඟ තියෙන සක්වළ යන්ත්‍රය යොදාගෙන හය මාසයක්, ඒ කියන්නෙ අව හඳවල් (කළුවර හඳ) 6ක් සක්වළ යන්ත්‍රය ජීවම් කරන්න ඕන. චන්ද්‍රිකා මැතිනියටත් මෙහෙම කළ යුතු කාලයක තමයි එතුමිය මට කතා කළේ.


"අනේ බණ්ඩාරේ... මට මේ දවස්වල හරියට මානසික ප්‍රශ්න. සී.බී. වත් එක්කගෙන එනවද ටිකක් කතා කර කර ඉන්න..." කොහොම වුණත් රටේ රැජන නිසා රටවැසියෙක් හැටියට මම ඒ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනෑනෙ. ඉතින් එදා හැන්දෑවෙම මමයි සී.බී.යි ගියා රජ ගෙදරට.... රජ ගෙදර කියන්නෙ කොටුවෙ ඔරලෝසු කණුව ළඟ තියෙන ජනාධිපති මන්දිරයට. ජේ.ආර්. ජයවර්ධන මහත්තය ඉන්නකොටත්, ඩී.බී. විජේතුංග මහත්තය ඉන්නකොටත් මට ඔය රජ ගෙදර ආගන්තුක තැනක් වුණේ නැහැ. ඉතින් චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වෙලා ඉන්නකොට ජනාධිපති මන්දිරේට ගිය මට එතුමිය කියපු කතාවක්, ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය ගැන කියපු කතාවකුත්, චන්ද්‍රිකා මැතිනියගෙ ග්‍රහචාරෙත් සම්බන්ධ වෙලා එක එක දේවල් හිතෙන්න ගත්තා. එතුමියගෙ මානසික ප්‍රශ්නවලට හේතුව මට හොයාගන්න අපහසු වුණේ නැහැ. ඒ අතරෙම චන්ද්‍රිකා මැතිනිය මට පුදුම හිතෙන කතාවක් කිව්වා. ඒ කතාව කිව්වෙ මගේ නිගමනය තහවුරු කරන්න හොඳම ඉඟියක් දෙන ගමනුයි.


"බණ්ඩාරේ.... මගේ හිතට මේ මෑතක ඉඳල නිතරම දැනෙනවා මේ භූමියේ මොකක් හරි දෝෂයක් තියෙනවා කියලා. අපේ තාත්තත් ඒ වගේ කතාවක් කිව්ව කියල මට යාන්තමට වගේ මතකයි. එහෙම එකක් තියෙනවද කියල බලල අපි ඉස්සරහට ගන්න ඕන වැඩපිළිවෙළ ගැන කතාකරමුද" කියල චන්ද්‍රිකා කිව්වා. ඒ වෙලාවෙ මම කළේ හිතෙන් ඩී.බී. ජනාධිපතිතුමා කියපු කතාවයි චන්ද්‍රිකා මේ කියපු කතාවයි සසඳන එක.
විජේතුංග ජනාධිපතිතුමා දවසක් ජනාධිපති මන්දිරේ පෙන්නල මගෙන් අහනවා, 'උඹ දන්නවද මේ ගොඩනැඟිල්ලෙ ඉතිහාසය?" කියලා. එතකොට මම දන්න හැටියට මෙහෙම කිව්වා. "මේක සර්, ලන්දේසින්ගෙ අවසාන රාජකීය උරුමය. මේක අවසානයට අයිතිවෙලා තිබුණෙ ලන්දේසි ආණ්ඩුකාරයෙක්ට. එයාගෙ නම ඇන්ගල් බීක්. මම දන්න හැටියට සර්, එයාගෙ දුව කසාද බැ¼දල හිටියෙ ජෝර්ජ් කියල එංගලන්ත ආණ්ඩුවේ පේ මාස්ටර් (pay master) කෙනෙක්ව. මේ මිනිහගෙන් පවුම් දහ‍ෙදාළොස් දාහක අඩුවක් හිටිනවා. ගිණුම් පියවන්න යනකොට ජෝර්ජ් එංගලන්ත නීතිය ඉස්සරහ වැරැදිකාරයෙක් වෙනවා. එංගල් බීක්ගෙ මේ ගොඩනැඟිල්ල එයාගෙ බෑන, ජෝර්ජ් බි්‍රතාන්‍ය ආණ්ඩුවට පවුම් තිස් හතළිස්දාහකට විකුණනවා. එදා ඉඳල මේ ගොඩනැඟිල්ල ඉංග්‍රීසි ආණ්ඩුවටයි අයිතිවෙලා තිබුණෙ" කියල මම කියාගෙන කියාගෙන ගියා. විජේතුංග ජනාධිපතිතුමා බොහොම සන්තෝෂෙන් හිනාවක් දාල හරිම සතුටුයි කියල ඒ විස්තරේට අමතරව තව ඇඟ හිරිවට්ටන කතාවක් ජනාධිපති මන්දිරේ ගැන කිව්වා.

"මේ ගොඩනැඟිල්ල හදන කාලෙ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පියෙකුයි වැඩ කරපු මිනිස්සු තුන් දෙනකුයි එතැන සිද්ධ වුණු හදිසි අනතුරකින් මැරුණා. උන් තුන්දෙනාගෙ භූතාත්ම මේ රජ ගේ ඇතුළෙ තාම හොල්මං කරනව බං" කියල කියපු ජනාධිපතිතුමා මෙහෙමත් කිව්වා. "ඔය ජේ‍යාතිෂකාරයො කියන ඒරාෂ්ටක කාලයට මොන යකා මේකෙ හිටියත් උෟට පාරට බහින්න වෙනවනෙ බං පුදුමෙ කියන්නෙ...." කියලා.
ඉතින් මමත් ඇහුවා ජනාධිපතිතුමනි, ඇත්තටම ඔය කියන මනුස්සය රජගෙදර ඉන්න කවුරුහරි දැකලා තියෙනවද කියලා... එක පාරටම අමුතු හිනාවක් දාපු ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මෙහෙම කිව්වා... "උඹට මම මේක කිව්වට, මේකෙ ඉන්න උන් බය වෙන නිසා මම මේ කතාව වැඩිය කාටවත් කියල නැහැ බං." කියල එතුමා කිව්වෙ පුදුම කතාවක්. ජනාධිපතිතුමා කියපු විදියට එතුමා කිහිප වතාවක්ම මේ භූත ආත්මය දැකලා තිබුණා. ඒ වගේම මොනතරම් ආගම දහමට ළැදි කෙනෙක් වුණත් ඩී.බී. විජේතුංග මහත්තයගෙ හිතත් මේ සිද්ධිය නිසා බොහොම දරුණු විදියට කලබලයට පත්වෙලා තිබුණා.


එතුමා කිහිප වතාවකදීම දැකලා තිබුණෙ එක හා සමාන රූපයක් තියෙන බොහොම ලස්සන සුකුමාල, භද්‍ර යෞවනයේ පසුවුණු තරුණයෙක්ව. මේ තරුණයා තමන්ගෙ දික්වුණු නියපොතුවලින් තමන්ගෙ මුළු ශරීරයම හූරගෙන මාංස තීරු තීරු ඉරාගන්නවා එතුමා දැකල තිබුණා. ඊට පස්සේ මේ තරුණයා රජගෙදර තැන්තැන්වල දුවනවාලු. ඉතින් මේ තත්ත්වය බොහෝවිට එදා මේ මන්දිරය හදන වෙලාවෙ මියගිය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියගෙ මානසික පීඩාව ක්‍රියාත්මක වුණු ආකාරය වෙන්න පුළුවන්. සුබ වැඩක් කරනකොට සුබ හෝරාවක් වගේම ශුද්ධ වත් පිළිවෙත් භාවිතයට ගන්න එකත් බොහෝ දෙනාගෙ ලක්‍ෂණයක්. ඒත් මේ රජගෙදර කටයුතු ආරම්භ කරන වෙලාවෙ මේ ලන්දේසි පූජකවරයාට කායික අපහසුතාවයක් දැනිලා තියෙනවා. ඒ නිසා ඒ වෙලාවෙ මේ ආගමික වත්පිළිවෙත් ඉටුකරගන්න බැරිවෙලා තියෙනවා. ඉතින් මේ භූමියට ආසාවෙන් ජීවත් වුණු පිපාසාවෙන් හිටපු භූතාත්ම මේ බිමේ සැරිසරන එක ඉවත් කරගන්න බැරිවෙලා තියෙනවා. ඔය අතරෙ තමයි මේ බිමේදී අර තරුණ ගෘහනිර්මාණ ශිල්පියා මිය යන්නෙ. මේ තරුණ ශිල්පියා විවාහවීමට සූදානමින් සිටි තරුණයෙක්. ඉතින් අනතුර නිසා මරණ බියෙන් ලේ ගලමින් වේදනාවෙන් දුක් විඳිමින් සෑහෙන වේලාවක් මරුවිකලෙන් ‍ෙදාඩවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහුගෙන් ගිය ලේ මේ බිමේ දැඩි ලෙස තැන්පත් වුණා. ඔහු මියයන්නේ බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන, වේදනාවෙන් වගේම ඉතාම අකැමැත්තෙන්. මේ නිසා ඇන්ගල් බීක් කියන ආණ්ඩුකාරයගෙ ඉඳල ඒ වෙනකොට රජකම් කරපු චන්ද්‍රිකාට වෙනකල්ම මේ තරුණයගෙ භූත ආත්මය වදදෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවුල්සහගත බවක් සිත්වලට කාවද්දන්න, අනාගතය ගැන බියක් ඇති කරන්න, මානසික දෝෂවලට ගොදුරු කරවන්න, කායික පීඩා ඇතිකරන්නත් හේතු වුණා. හැබැයි මේ හැමදේම බලපෑවෙ සෙනසුරාගෙ දශාකාලය උදාවෙනකොටත්, සෙනසුරු
ඒරාෂ්ටක කාලවලදීත් තමයි. ඒ කාලෙට රාජකීය බලවතා වුණත් ජීවිතයට, මනසට ගුප්ත විදියට මේ දේවල් බලපාන්න පුළුවන්.


ඉතින් මේ සිද්ධිය නිසා ජනාධිපතිතුමියට ලබල තිබුණු ඒරාෂ්ටක කාලයත් එක්ක මේ කරදරවලට තියෙන සම්බන්ධය මම පැහැදිලි කරන්න පටන් ගත්තා. මුලින්ම තත්කාල කේන්ද්‍රයකින් පටන් ගත්තෙ. එහෙම තත්කාලෙ ගත්තෙ එතැන හැටියට පෙනෙන්න තිබුණු ඔරලෝසුවෙන් රෑ අටයි ගාණට වෙලාව සටහන් කරගෙන. දැන් කේන්දරේ හදනවා.... නව ග්‍රහයන්ගෙම භාවස්ඵුට හොයා ගත්තා. ග්‍රහයො නව දෙනාම උදාවෙලා තිබුණු මහදශා අතුරු දශා වෙන වෙනම හොයා ගත්තා. ඊළඟට භාව 12ම භාවස්ඵුට වෙන වෙනම හදාගත්තා. ඒවයෙත් අතුරු දශා, මහ දශාත් වෙන වෙනම අරගත්තා. හරියටම එදා ඒ වෙලාවෙ හතර වැන්නෙ අතුරු දශා අධිපති කෙනකුගෙ නැකතක ගමන් කරනවා. සෙනසුරාගෙ දෘෂ්ටිය 180—කින් කෙනකුට එල්ල වෙනවා. ඒ දෙන්නම 8, 12ට සම්බන්ධ වෙන ග්‍රහයො. මම කතාව ආරම්භ කළා.

'පොඩි මැඩම්, මේ ඇවිල්ල තියෙන කාලෙ ඒ තරම් හොඳ නැහැ. දැන් හොඳම වැඩේ විහාර මහාදේවි වගේ ලොකු නමක් ඉතිහාස ගතකරගන්න වැඩ කරන එක. එතකොට 2016 විතර පස්සෙ කාලෙ ආපහු ඔබතුමියගෙ නායකත්ව මඟ පෙන්වීම රටට අත්‍යවශ්‍ය කාලයක් එනවා. ඒකම ඉලක්ක කරගෙන බොහොම වැදගත් විදියට මේ අනුන්ගෙ පිරුවට භාරදෙන්න සූදානම් වෙන්න. මේ රජ ගෙදර මේ කාලෙ ඔබතුමියට ඉන්න දෙන්නෙ නැහැ. මේකෙ වාස්තු දෝෂ වෙනස් කළත්, තොවිල් පවිල් කළත් ඒක එච්චරයි. කොහොමහරි වැදගත් විදියට ඔබතුමිය මෙතැනින් අයින්වෙන්න' කියල මම එතුමියට කිව්වා. ඒත් එතුමිය ඒක ඒ තරම් ගණන් ගත්තෙ නැහැ. එතුමියගෙ හිතට ඒක වැදුණෙ නැහැ.


ඒක තේරුණ නිසාම මම කිව්වා "දැන් අපි වෙලාව බලමුකො පොඩි මැඩම්" කියලා. ඔරලෝසුව දිහා බලපු අපේ ඇස් උඩ ගියා. චන්ද්‍රිකත් පුදුම වුණා. මෙච්චර අවුරුදු ගාණක් හොඳට වැඩ කරපු ඔරලෝසුවේ වෙලාව අපි වැඩේ පටන් ගත්තු අටයි ගාණෙන්ම නැවතිලා. එතකොට හරියටම වෙලාව 9.07යි. මේ අතරෙම මම චන්ද්‍රිකාට තිබුණු සෙනසුරු දශාව ගැනත් කතා කළා. යෝජනා අදහස් ඉදිරිපත් කළා. ගුප්ත ශාස්ත්‍රයත් යොදා ගත්තා. මෙන්න බොලේ.... අපි කතාව ඉවර වෙනකොටම ඔරලෝසුව ආයෙත් වැඩ. පුදුමෙ කියන්නෙ හරියටම 9.45ටත් ආසන්නයි.


ගුප්ත ‍ෙදා්ෂ තියෙන තැන්වල ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනඟා ගත්තු කෙනෙක් ඇවිදිනකොට ගැවසෙනකොට මේ ගුප්ත ශක්ති කලබල වෙනවා... මේ රජගෙදර ලංකාවෙ ආණ්ඩුකාරවරයගෙ නිවහන වෙන්නෙ 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලැබෙන සූර්යෝදය කේන්දරයට අනුවයි. එදා කේන්දර සටහනේ රාජකීය බලවතාගෙ නිවහන නියෝජනය කරන හතරවැන්නේ තැන්පත් වුණේ රාහු ග්‍රහයා. ඔහුගෙ රාජසභාව ගැන කතාවෙන් 10 වැන්නෙ හිටියෙ කේතු ග්‍රහයා. ඒ වගේම එදා චන්ද්‍රයා හිටියෙ සෙනසුරාගෙ නැකැතක නීචවෙලා. මේ කේතු ග්‍රහයා තමයි භූත දෝෂ, ගුප්ත දෝෂ ගැන තොරතුරු හෙළිදරව් කරන්නෙ. ඉතින් මේ රජගෙදර, නිදහස ලැබීමත් එක්ක අපිට ලැබෙන්නෙ භූත දෝෂ, ගුප්ත දෝෂ ඉස්මතුවෙන ක්‍රියාකාරීවෙන අසුබ කාලයක් උදාවුණු දවසකයි. අන්න ඒ නිසා තමයි එදා අර පුදුම විදියට රජගෙදර ඔරලෝසුව මොහොතකට නතර වෙලා ආයෙ හරිවෙලාවෙන්ම වැඩ කරන්න ගත්තෙත්.


හැම ලෙඩකටම බෙහෙත් නෑ වගේම හැම භූත දෝෂයකටම පිළියමක් තිබුණෙත් නැහැ. ඉතින් මේ රජගෙදරට එන නායකයො ආගමට දහමට නැඹුරුව හිටියොත් මේ දෝෂවලින් තරමක් බේරෙන්න පුළුවන්. මේ තත්ත්වය අපේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තේරුම් ගත්තට ඒකාලෙ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ගතකරපු ජීවිතයත් එක්ක එතුමිය ඒ වගේ ආධ්‍යාත්මික පිළිතුරක් ක්‍රියාත්මක කරන්න සූදානම් වුණේ නැහැ. ඒත් මම ඒ දේ එතුමියට කිව්වෙ තාවකාලික ශාන්තිකර්මයක් කරන්නත් යෝජනා කරන ගමනුයි.


ඉතින් මම චන්ද්‍රිකාට උපදෙසක් එක්ක මගේ අනාවැකිය කිව්වා. මේ දෝෂය නිසා නම හොඳින් තියාගෙන මෙතැනින් ඉවත්වෙන්න කියලා. ඒත් එයා ඒක පිළිගත්තෙවත් ක්‍රියාත්මක කළේවත් නැහැ. අන්තිමේ මගේ අනාවැකිය හරිගියා. ලොකුවට කඩා බිඳ දමල වාස්තු වෙනස් කරනවා වෙනුවට ඒ වෙලාවෙ හැටියට තාවකාලිකව ගෘහ වස්තූන් පිහිටා තිබුණු ආකාර කිහිපයක් වෙනස්කරල සුළු ශාන්තිකර්මයක් කළත් හරිගියේ නැහැ. ඇයට ගෞරවය විනාශ කරගෙනම පාරට බහින්න වුණා.

චාමිකා මුණසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive