facebook like

පාසල් දැරිය මවක් කළ කාලකන්නියා සොයයි

බොරලැස්ගමුව ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියකට බලහත්කාරයෙන් අතවර කර ඇය මවක් බවට පත් කළ බව කියන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා බොරලැස්ගමුව පොලිසියට නියෝග කළේය.
අදාළ දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පවසා ඇත්තේ පැමිණිලිකාරියගේ ඉඩමේ කොටසක් කොන්ක්‍රීට් වැඩපොළක අයිතිකරුවකුට මාස තුනක කාලයක් සඳහා කුලියට දුන් බවත් එහි කම්කරුවන් තිදෙනකු සේවය කළ බවත්ය.
එම කම්කරුවන් තිදෙනා මාස 03ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ගිය බවත්, එහි සිටි එක් අයෙක් ඉඳහිට තම නිවෙසට පැමිණ අම්මා සමඟ කතා කළ බවත් ඇය පවසා ඇත.


තමා පාසල් ගොස් නිවෙසට පැමිණි අවස්ථාවක වැසිකිළියට ගිය බවත්, එසේ ගොස් එද්දී ඉහත කී වසන්ත නමැති කම්කරුවා තමාව කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කළ බවත් ඊට මාස කීපයකට පසුව තමාගේ ශරීරයේ ඇතිවූ වෙනස්කම් නිසා සිය මව තමාව වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් පරීක්‍ෂා කර බැලීමේදී තමන්ට දරුවකු ලැබීමට සිටින බව දැනගත් බවත් ඇය පවසා ඇත.
මෙම දැරිය දරුවකු ප්‍රසූත කර ඇති අතර එම දරුවා භාර ගැනීමට ඉහත කී දැරියගේ මව හා ඇය ප්‍රතික්‍ෂේප කිරීම නිසා එම දරුවා පානදුර ප්‍රජාපතී ළමා නිවාසයට භාර කිරීමටද අධිකරණයෙන් නියම විය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive