facebook like

සිඟිති දියණිය පොළොවේ ගසා මරා දැමූ බේරුවල නරුම තාත්තා

අවුරුද්දයි මාස නවයක් වයසැති තම සිඟිති දියණිය පොළොවේ ගසා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර පියා ඊයේ (25දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු

ලබන මස හතර වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (25දා) නියෝග කළාය. බේරුවල දර්ගානගරයේ පදිංචි අන්තෝනිදුර සම්පත් නන්දික නමැති 29 හැවිරිදි අයකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙළේය.
විහාරස්ථාන භූමියකදී මෙවැනි සිද්ධියක් කිරීමට තරම් මානසික තත්ත්වයක් ඇති වීම නිසා සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.


පසුගියදා (24දා) දහවල් බේරුවල මග්ගොන බුබුලන්ද විහාරස්ථානයේ ගල්තලාවක ගසා මරණයට පත්වූ හේෂානි පබසරා නමැති දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25දා) කළුතර නාගොඩ මහ රෝහලේදී සිදුකරනු ලැබීය.


අඹු සැමි ආරවුලක් නිසා බිරියගෙන් තාවකාලිකව වෙන්ව සිටි සැකකරු පසුගිය ඉරිදා (24දා) තම දරුවා බිරියගේ මවගෙන් රැගෙන ගොස් ඒ මොහොතේ බිරිය රැඳී සිටිතැයි කියූ බුබුලවත්ත විහාරස්ථානයට රැගෙන ගොස් ඇත. එහෙත් ඒ වන විට බිරිය පන්සල් භූමියෙන් බැහැරව සේ සිටි නිසා දුරකතන සංවාදයකින් පසුව වියරුවට පත් සැකකරු තම සිඟිති දියණිය උස්සා ගල්තලාවේ ගසා ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බේරුවල පොලිසිය කියයි.

දිවයින කතුවැකිය ...............................................................................................................................

තාත්තේ, ඇයි මට එහෙම කළේ...?

පියා විසින් අවුරුද්දකුත් මාස නවයක්‌ වයස දියණිය ගලේ ගසා මරා දැමී යයි පුවතක්‌ ඊයේ (25 දා) අපේ හදවත් මහත්සේ කම්පනයට පත් කළේය. ඔහු මේ පාපකර්මය කළේ පන්සල් වත්තකදී ය. මියගිය දැරිය ආරවුලක්‌ නිසා දෙකඩ වූ පවුලක දියණියකි. මෙයට අවුරුද්දකුත් මාස නවයකට පෙර ඇය උපදින විට හටගත් අධික ස්‌නෙහයෙන් මවගේ පියයුරුවලින් කිරි වෑස්‌සෙන්නට ඇති. පුංචි මල් කැකුළ කිරි උරා බොන ආකාරය දැකීම පියකුට සම්පතකි. මරණ ලද දැරියගේ පියා ද ඒ මානසිකත්වයෙන්ම එදා සතුටු නොවන්නට ඇතැයි කිව හැක්‌කේ කාටද? අවුරුද්දකුත් මාස නවයකට පසු අද වන විට ඔහු එක්‌කෝ මානසික රෝගියෙකිá නැත්නම් අමුම අමු තිරිසනෙකි. ඔහු මානසික රෝගියකු නම් කරන්නට දෙයක්‌ නැත. එහෙත් කාගෙන් හෝ (බොහෝ විට දැරියගේ අම්මා වූ සිය බිරියගෙන්) පළි ගැනීම සඳහා මේ සිඟිති දැරිය ගලේ ගසන ලද්දේ නම් ඔහු පණ පිටින් හම ගැසිය යුතුය. දණ්‌ඩ නීති සංග්‍රහයෙන් ඔබ්බට ගොස්‌ අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු නැත. එහෙත් තිරිසන් අපරාධ කරන අයට ගැලපෙන දඬුවම් දණ්‌ඩ නීති සංග්‍රහයෙහි නැති නිසා ඔවුන් සම්බන්ධයෙන් අලුතින් සිතා කටයුතු කළ යුතුය.

පියා විසින් දරුවන් මැරීම, මව දරුවන් ද තුරුළු කරගෙන ගංගාවලට හෝ මහ මුහුදට පැනීම, පියා විසින් දියණිය කෙළෙසීම වැනි අපරාධ පසුගිය කාලයේදී අපි නිතර නිතර කියෑවීමු. මේවා පුවත්පත්වල පළ නොකළ යුතු යෑයි ද ඇතැම් සුදනෝ පවසති. එහෙත් අප නම් හිතන්නේ මේවා පුවත්පත් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් මිනිසුන්ගේ ඇස්‌ ඇරෙන බවයි. එවිට සීයාගෙන් මිණිබිරිය පරෙස්‌සම් කර ගැනීමටත් සල්ලාල තාත්තාගෙන් දුව පරෙස්‌සම් කර ගැනීමටත් අම්මාට පුළුවන. මෙයට කලකට පෙර රාජගිරිය පැත්තේ පහත සඳහන් නීච ක්‍රියාව සිදුවිය. අම්මා zරට ගොස්‌Z ඇති නිවසකට නිවාඩු දිනයක පැමිණි තාත්තාගේ හොඳම යහළුවා තාත්තා සමග එක්‌ව හොඳටම මත්පැන් පානය කළේය. තාත්තා වෙරි වී කරටිය කැඩී බිම වැටුණ පසු ගෙදර සිටි දියණිය වත්ත පහළ පේර කැඩීම සඳහා එක්‌කරගෙන ගිය යහළුවා ඇය දූෂණය කළේය. මේ වනචර තිරිසනා දැන් හිරගෙදරය. එහෙත් හිර ගෙදරින් පිටතට ආ පසු ඔහු තවත් දැරියක නොකෙළෙසන බවට ඇති සහතිකය කුමක්‌ද? එ බැවින් හිරගෙදර සිටින සෙසු අය ඔහු ගැන බලා ගත යුතුය. මේකා නිදහස්‌ සමාජයට යැම තරම් භයානක දේවල් තවත් ඇතොත් ඒ ඉතා ස්‌වල්පයකි.

පවුල් ආරවුල් නමැති සංසිද්ධිය ශ්‍රී ලංකාව වැනි සංස්‌කෘතික වටපිටාවක්‌ ඇති රටකදී ඉතා නරක ප්‍රතිඵල ඇති කරයි. අම්මා හා තාත්තා වෙන් වූ විට දරුවෝ අනාථ වෙති. දරුවන් රැකගැනීම සඳහා අම්මාට රැකියාවක්‌ කරන්නට සිදුවූ විට තත්ත්වය බරපතළ ය. ගැහැනු දරුවකු තාත්තාගේ භාරයට පත්වූ විට ගුණයහපත් මිනිසකු නම් දරුවා තනිකර දමා රස්‌සාවට යන්නට බැරි වී තාත්තා නන්නත්තාර වෙයි. දරුවන් ගැන නො සලකන බේබද්දෙක්‌ නම් දරුවන්ට ඕනෑ මඟුලක්‌ වුණාවේ කියා තම හිතු මනාපයට කටයුතු කරයි. දියණියන්ට අඩන්තේට්‌ටම් සිදු වන්නේ මෙවැනි පියවරුන් අතිනි. මේ නිසා ළමා වියෙහි පසුවන දූ දරුවන් සිටින මවුවරු පවුල් ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්නා විට මහත්සේ ප්‍රවේසම් විය යුතුය. මන්ද නරක යමක්‌ සිදු වූ විට අප අවට තිබෙන ගොන් තකතීරු සමාජය අම්මාට පමණක්‌ ම බැණ වදින හෙයිනි. zතාත්තා රැකගැනීමේ වැඩසටහනZ අදටත් මේ රටේ එහෙමම පවතී.

මතු යම් දවසක හිරේ ලගින විට හෝ හිරෙන් නිදහස්‌ව පැමිණ කල්පනා කරමින් සිටින විට ගලේ ගසා මිය ගිය කුඩා දැරිය සිය මිනීමරු පියාගේ හෘද සාක්‍ෂිය තුළින් මතුව විත් මෙසේ විමසනවා ඇත "තාත්තේ, ඇයි මට එහෙම කළේ...?"

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive