facebook like

පොදු අපේක්ෂකයකු ගේන්න අපි සූදානම්

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස සුදුසු කෙනා ගෙන ඒමට, අංකුරය පැළකොට මහා ගසක් කරන්නට සූදානම් බව ප්‍රකාශ කරන බොදු බල සේනා සංවිධානය ඒ කටයුත්ත ලබන සැප්තැම්බර් අග පටන්ගන්නා බව අනාවරණය කරයි. මේ අනාවරණය කරන එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පොදු අපේක්ෂක ලෙස එන්න හදන ඔහු හෝ ඇය ඒ තනතුරට සුදුසු යැයි කියා සිතනවා නම් ඒ පුද්ගලයා ගෙන ඒමට කටයුතු කරන බවද ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (19දා) විස කිරිපිටි පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ. දැන් කතා කරන්නත් බයයි. මේසෙ පිරෙන්න එන්තරවාසි එවනවා. නීතිඥයෝ ගාවට යන්නයි එන්නයි නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ. ඒ වුණත් මේ වෙනදේවල් කතා නොකර ඉන්නත් බැහැ. තහනම් කරපු ච්ඛ්ච් කිරිපිටිවලින් යෝගට් හදනවා. මේවා අපි කාලාන්තරයක් කරපු පරීක්ෂණවලින් හෙළිකරගත්ත තොරතුරු. මොන අපරාධයක්ද මේ දරුවන්ට කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරිපාලන අංශයෙන් තහනම් කළ යළි භාර දෙන්න නියම කළ ච්ඛ්ච් අඩංගු කිරිපිටි මේ වෙනකම් භාරදීලා නැහැ. අපි තාම තුන්වැනි ලෝකේ රටක්. ඇයි මේ මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. මේවා කතා කරනවා කියලා අපිට තර්ජන, අල්ලස් එයි. මේ රට විශාල විනාශයක තියෙන්නේ. බුදුන් කියලා තියෙන්නේත් සියලු සතුන්ට පෝෂණීය ආහාර අවශ්‍ය බවයි. ඒත් දැන් කරන්නේ මිනිසුන්ට වස කවන එක. දැන් හැමතැනම ඇට නැති පේර, ‍ෙදාඩම්, ඇපල් විකුණනවා. විස කවලා ජාතිය විනාශ කරන්න කරන කුමන්ත්‍රණයක් මේක. තව ටික කාලයක් ගියාම ඇට නැති ජාතියක් තමයි බිහි වෙන්නේ. මේ වස විස කවන එකට විරුද්ධව අපි ජනමතයක් ගේනවා. මහනායක හිමිවරුන් වෙත, බොදු බල සේනා සංවිධානය පිළිබඳව ඇමැතිවරුන් කළ පැමිණිල්ලට මහනායක හිමිවරුන් සංවිධානයට කළ ප්‍රකාශය කුමක්දැයි ඥානසාර හිමියන්ගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, මහනායක හිමිවරුන් අපට එන්න කියලා දැනුම් දීලා තියෙනවා. මහනායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරයි අපේ හැසිරීම ගැන කෙසේ වෙතත් ඔය ඇමැතිවරුන්ගේ හැසිරීම ගැන. මොකද මහ නායක හිමිවරු තොත්ත බබාලා නෙවෙයි. එකපාරටම බුදුන් මතක් වෙච්ච අංගුලිමාලලා ටිකක්, බුදුන් ගැන කතා කරනවා. එක අතකට සතුටුයි. මේ ආණ්ඩුව මාරු වුණත් මේ උන්දැලැමනේ ඇමැතිකම් කරන්නේ? ඉතින් රටක් හරියයිද? මහානායක හිමිවරු කියන දෙයක් අපි කරනවා. ඔය පඩංගු වෙච්ච ඇමැතිලාට ඕන විදියට අපි නටන්නේ නැහැ. මාධ්‍ය : ඔබවහන්සේ මර්වින් සිල්වා ඇමැතිතුමාට චෝදනා කරනවා කියලා ඇමැතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඔබවහන්සේගේ චරිතය පිළිබඳව. මේ ගැන මොකක්ද කියන්නේ? අමුඩයක් නැති එකෙක්, මිනිස්සු ඉස්සරහා අමුඩයක් ඇඳගත්ත එකෙක් පෙන්නලා කියනවා අන්න අරූ අමුඩයක් ඇඳලා කියලා. රට හදන්න කලින් ඒ උන්දැට හරියට දරුවෝ හදාගන්න කියන්න සමාජයට පිළිලයක් නොවෙන්න. රජ කාලෙත් හිටියා ඔය වගේ අන්දරේලා. අපි කතා කරන රිදම් එක අපි දන්නවා. නයින්ට, ගැර¾ඩියන්ට කතා කරන විදිය, දෙවියන්ට, ‍ෙදාළපිදේනි ඉල්ලන පෙරේතයන්ට කතා කරන සිස්ටම් එක අපි හොඳට දන්නවා. මාධ්‍ය : පොදු අපේක්ෂකයා ගැන ඔබවහන්සේ මොකද කරන්නේ? පොදු අපේක්ෂකයා ලෙස එන්න හදන ඔහු හෝ ඇය ඒ තනතුරට සුදුසුයි කියලා හිතනවා නම් ඒ කෙනාව ගේන්න අපි කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි හිතන සුදුසු කෙනා ඒ ස්ථානයට ගේන්න, ඒ අංකුරය පැළ කරලා මහා ගසක් කරන්නත් අපි සූදානම්. සැප්තැම්බර් අග අපි ඒ කාර්යය පටන් ගන්නවා.

mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive